Featured News

Video Gossip

Advertisement

වික්ටර් රත්නායක එක්ක හෂීණි රත්නායක
පැටලුණු හැටි පුත් ලෙලුම් රත්නායක කියන කතාව

ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක සම්බන්ධයෙන් කලකට පෙර තමන් කළ ප්‍රකාශය අවස්ථාවේ තමන්ට බැණ වැදුණ අයට හෂිනිගේ කෙරුවාවල් එළිවූ පසු දැන් සත්‍ය වැටහී ඇතැයි පවසන වික්ටර් පුතු ලෙලුම් රත්නායක සති අන්ත පුවත්පතකට ඒ ගැන වැඩි විස්තර හෙළි කර තිබෙන්නේ පහත පරිදිය.

ඔබ දාපු වීඩියෝ ප්‍රකාශයක් නිසා ඔබේ පියාගේ බිරිඳට බලපාපු සිද්ධිය ආයෙත් මතු වුණා කියලා කියන්න අරගෙන..

මම දාපු වීඩියෝ එක නිසා ඒක එලියට ඇදුනා නම් ඒක
මම ලෝකෙටම කරපු හොඳක්. වැරදි දෙයක් කළොත්
ඒකට දඬුවම් ලැබෙන්න ඕන. මම දැම්ම වීඩියෝ එක නිසා ඒ තැනැත්තිය කළ වැරැද්ද හොයන්න ගත්තා
නම් මම සතුටු වෙනවා. තාත්තාව මුලාකරගෙන හිටියේ ඔය ගැහැණු කෙනා. මිනිස්සුන්ට මොළයක් තියෙනවා
නම් වෙලා තියෙන දේ දැන්වත් තේරෙන්න ඕන.

ඒ තැනැත්තිය ඔබේ පියාව රැවට්ටුවා කියලද කියන්නේ..?

තාත්තා අපිට දෙන්න ඕන දේවල් දීලත් ඉවරයි. අපිට දීලා තාත්තා ලඟ තියෙන වත්කම් ප්‍රමාණය අපි දන්නවා. ෂෝ එකකට ගියොත් ලක්ෂ දෙකහමාරක් තුනක් ගන්නවා. ටුවර් එක්ක ගියොත් තාත්තා ලක්ෂ 15ක්
විතර අරගෙන එන්නේ. තාත්තට අදටත් කෝටී ගණනක වත්කමක් තියෙනවා. දැන් අර ගැහැණු කෙනා
ලියාගෙනද දන්නේ නැහැ. ඔය දේවල් බලාගෙන තමයි ඔය කෙනා තාත්තාට ලංවෙලා තියෙන්නේ.

ඇයි එහෙම කියන්නේ..?

මගේ තාත්තාගේ නංගි කෙනෙකුගේ පුතෙක් බැංකුවක වැඩකරනවා. එයා අපේ ජයන්ත අයියට කියලා
තියෙනවා තංගල්ල අදාළ බැංකුවේ හොරකමක් වෙලා තියෙනවා කියලා පොලිසියෙන් මේ ගැහැණු කෙනවා
අත්අඩංගුවට ගන්න යන කාලේ තාත්තාගේ දැන් බිරිඳගේ අක්කා තමයි මුලින්ම තාත්තාට පන්ගාත්තු
වෙන්නේ. ඒ කෙනා මාත් එක්ක ශෝෂල් මිඩියා එකේ චැට් කරලා මගේ තත්තා ගැන එක එක දේ මට
කියලා තියෙනවා. ලංකාවේ ඉන්න කාලාකාරයෙක්ගේ ගෙදර යනවා එනවා කියලත් කිව්වා. මගේ තත්තා
ගැනම ඒ කෙනා මට විවිධ දේ කිව්වා. මම ඒ කෙනාට හොද වචනයෙන් බැන්නා. ඔය කාලයේදී තමයි ඒ
කෙනා අම්මයි නංගියි එක්ක මගේ තාත්තාගේ ගෙදර රිංගලා තිබ්බේ. ඔය අතරේ තාත්තාගේ බැංකුවේ
තියෙන වත්කම් දැකලා ස්ටාෆ් එකේ කිහිප දෙනෙකුට කියලා තනිකඩව ඉන්නේ කට්ට ගැහුවා නම් නියමයි කියලා.

තාත්තා ඔයාලව අතහැරියේ..?

ගිය අවුරුද්දේ පෙබරවාරි 12 දා තමයි අපේ අම්මා නැති වෙලා අවුරුදු දහතුනේ දානය ජයන්ත
අයියලාගේ ගෙදර තිබ්බේ. අයියා තාත්තාට කතා කරලා කිව්වා එන්න කියලා හෂිනිව නැතුව. ඒ නිසා ඒ ගැහැණු කෙනා තාත්තාව දානෙට එව්වේ නැහැ. පහුවදා අපේ මාමා කෙනෙක් කතා කරලා කිව්වා
තාත්තා වාහනය හප්පාගෙන කියලා අයියයි මමයි අක්කයි තුන්දෙනාම තාත්තාව බලන්න ගියා. මගේ බිරිඳත් මාත් එක්ක ආවා. එදා මම දන්නා දේවල් හෂිනිට කිව්වා. මගේ බිරිඳ කියපු දෙයකට හෂිනි තමුසේ කියලා
බැන්නා. ඒකට තමයි මගේ බිරිඳ හෂිනිට කම්බුලට ගැහුවේ. ඒ වෙනකොට ඒ කෙනා තාත්තාගේ බිරිඳ නෙමෙයි. ඒ සිද්ධියට තාත්තා අපිට කිව්වා මගේ පුතා නොවුනානම් මම මෙලහකට උබව ඇතුලට දාලා කියලා. මාර්තු 1 මට තාත්තා කෝල් කරලා කිව්වා “තාත්තා පුතා සම්බන්ධ කම් ඉවරයි ..” කියලා.

ඊට පස්සේ තමයි මම තාත්තා මළා කියලා දැම්මේ.

ඒ ප්‍රකාශය නිසා ඔබ දෝෂදර්ශනයට ලක් වුණා..?
පැත්ත ගියත් ඇත්ත කියන්න ඕන. මම තමයි ගේ ඇතුලෙත් තාත්තා එක්ක එකට එක කියා ගත්තේ.

පොඩි කාලේ ඉදන් එහෙමද..?
තාත්තයි මාවයි එක වහල යට තියන්න එපා කියලා අම්මට ජෝතිෂ්‍ය කෙනෙක් කියලා තිබුණා. ඒ නිසා
අවුරුදු 19 පස්සේ අවුරුදු 26ක් වෙනකල් තාත්තාව හදිස්සියටවත් බලලා යන්න බැරි තැනක තියන්න කියලා
කිව්වේ. ඒ නිසයි මාව අම්මා රට යැව්වේ.ඒ කාලේ ඉදලා නුරුස්සන වැඩ මට තිබ්බා.

බිස්නස් වැඩවලටවත් තාත්තා ලෙලුම්ට කතා කරන්නේ නැද්ද..?
තාත්තයි මමයි දෙන්නම අත්සන් කළ බිස්නස් වැඩක මම දැන් හිර වෙලා ඉන්නේ. ඒ ගැන කියන්න මම මාමා කෙනෙක්ව යැව්වා තාත්තා ළඟට. තාත්තා කියලා තිබුණා මැරිච්ච අයගෙන් අත්සන් ගන්න බැහැ කියලා. මට දැන් ඒකට නීතිමය පියවරක් ගන්න වෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements