Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ
විවාහක මහාචාර්යවරයා හා
සිසුවිය අතර අනියම් සම්බන්ධයේ
ගැන මහාචාර්ය සාලිය කුලරත්න
කියන කතාව

ප්‍රකට නමක් දිනූ මහාචාර්යවරයෙකු හා සිසුවියක අතර ඇතිවූ පෙම්සබදතාවයක් සම්බන්ධයෙන් මෑතකදී පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ ආරංචියක් පැතිරිණි. ඒ සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේම වෙනත් ඇදුරෙකු සත්‍ය හෙළිකරමින් පුවත්පතකට විස්තරයක් සපයා තිබේ.මහාචාර්ය සාලිය කුලරත්න ඒ සම්බන්ධයෙන් පළ කර තිබෙන ලිපිය පහත පරිද්දෙනි.

‘එකී සිදුවීම දෙස ඇතැම් පිරිස්, අනම්‍ය හා ගතානුගතික ආධාරවාදී දැක්මකින් බැලූ අතර සමහරු මානුෂිකව එය සැලකූහ. ඒ කෙසේ වෙතත් ඒ සිද්ධිය බොහෝ සංවේදී ගැහැණුන් හට තම සංවේදීකම් වඩා වර්ධනය කර ගැනීමටත් අසංවේදීව ඊනියා උගත්කම් හිසේ තබාගෙන ජීවත්වන ඇතැම් ස්ත්‍රීන්ට තම තමන් දෙස නැවත හැරී බලන්නටත් ගැඹුරු ආදර්ශයක් ලබාගැනීමටත් මුල්වේ.



ඔහු, මනා පෞරුෂයක් හා කඩවසම් පෙනුමක්ද තිබුණු මහාචාර්යවරයෙකි. අපි ඔහු 'රත්නායක' ලෙස හඳුන්වමු. මහාචාර්ය රත්නායක තම විෂය ක්‍ෂේත්‍රය මනාව ග්‍රහණය කරගෙන ඊට අදාල මූලධර්ම හොඳින් ප්‍රගුණ කළ විද්වතෙකි. තම විෂයට අදාලව බාහිර සමාජය තුළ නොයෙක් ක්‍ෂේත්‍ර ගවේෂණද කළ හෙතෙම, තම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දක්ෂ අන්දමින් ඉගැන්වූ ඇදුරෙක්ද විය.

එහෙත් මහාචාර්ය රත්නායකගේ බිරිඳ හාත්පසින් නවීන සමාජ කතිකා ඔලුවට ගෙන ඒ අනුව ජීවත් වූ කාන්තාවකි. ඇය ස්ත්‍රී විමුක්තිවාදය (Feminism) ගැන බලවත් ලෙස උනන්දු වූ කාන්තාවක වන අතර කාන්තාව යනු තවදුරටත් පිරිමියාගේ සුරතල් භාණ්ඩයක් නොවේ යැයි ප්‍රසිද්ධියේ කියා පෑවාය.

අපේ ඉපැරණි සාහිත්‍යයේ සඳහන් වන යසෝධරා, පත්තිනි, සීතා වැනි කතුන් සැබැවින්ම අතීතය තුළ බොරුවට මවන ලද චරිත යැයි කී ඇය පිරිමින් හිටි අඩියේ ගිහි ජීවිතය දමා පිටව යද්දී ඔවුන් ගැන භක්තියෙන් හඬා වැළපෙමින් ඒ පිරිමින් උතුම් යැයි සලකමින් කටයුතු කළ ඒ කතුන් උපන්ගෙයි මෝඩයින් යැයිද කීවාය. පාළඟ නමැති සල්ලාලයා වෙසඟනක් සමඟ රමණය කරද්දී ඔහු උදෙසා කැපවූ පත්තිනිය තරම් අඥාණ, බුද්ධිහීන ගැහැනු පිළිබඳ ආදර්ශ මේ සමාජය මුළා කිරීමට සමත් යැයි අදහස් කියා පෑවාය. ගැහැනු හා පිරිමි සමාන බවද  එකම වෙනස ලිංගික වෙනස පමණකැයි ද කී මහාචාර්ය රත්නායකගේ බිරිඳ තම සැමියා නිවසට පැමිණිවිට 'ඔයා තේ ඕන නම් කුස්සියට ගිහින් හදාගන්න' යි ඉතා සුහදව මතක් කළාය. ආහාර පිළියෙල කිරීමේ දී තම සැමියාද හරි හරියට ඊට සහාය කරගත්තාය. මහාචාර්යවරයාද මේ ජීවිතයට හුරුවීමෙන් 'ආ ඒකත් එහෙමද?'  යනුවෙන් පෞද්ගලිකව සිත සනසාගෙන ජීවත්වීමට අදිටන් කර ගත්තේය. මේ අතර මහාචාර්ය රත්නායකගේ ජීවිත‍ය සුපුරුදු පිළිවෙල වෙනස් වන සිදුවීමක් අහල පහළක ක්‍රියාත්මක වෙමින් පැවතිණි.

ඔහු තම සිසු සිසුවියන් සමඟ ක්‍ෂේත්‍ර ගවේෂණ කරමින් ප්‍රායෝගිකව විෂය කරුණු හදාරමින් සිටියේය. එවන් විටෙක තේ වේලාවේ  නො‍එසේනම් දිවා ආහාර පැයේ දී සිසුන් ගෙන ආ අතුරුපස හා ආහාර ඔවු'නොවුන් අතර බෙදා හදා ගනිද්දී මහාචාර්යවරයා ළඟපාත පිහිටි තේ කඩයකින් තේ බීවේය. සේවකයකුට හෝ ගම් වැසියකු කියා දහවල් කෑම පාර්සලයක් ගෙන්වාගෙන අනුභව කළේය. මේ තත්ත්වය දෙස ඇස දල්වාගෙන සිටි සිසුවියක් තම ගුරුවරයා වෙත එළඹ සිතට ධෛර්යය උපදවාගෙන ඒ ගැන ඇසුවාය.

"ඇයි සර්; කෑම ගෙනාවේ නැද්ද?"

"නෑ දුව.... එහෙම කෑම අරන් එන්න තරම් පරිසරයක් අපේ ගෙදර නැහැ" ඔහු කියත්ම හැඟුම්බරවූ සිසුවිය "අනේ සර් .. සර් මොකුත් හිතන්නෙ නැත්නම් මම සර්ට හැමදාම කෑම එකක් ගෙනත් දෙන්නම්" යි ප්‍රතිඥාවක් දුන්නාය.

තමා කෙරේ මේ තරම් භක්තියක් දක්වන මේ හුරුබුහුටි තරුණිය ගැන මහාචාර්යවරයා තුළ ඇතිවූ පැහැදීම

 කෙමෙන් ඇල්මක් බවට පත්විය. සිසුවිය තුළ ද තම ගෞරවණීය ඇදුරුතුමා කෙරේ මඳින්'මද මෝරා එන ආදරයක් වැනි හැඟීමක් ඇති වීමට වැඩිකල් ගියේ නැත. දෙදෙනා පෙම්වතුන් බවට පත් වූයේ නොයෙක් කඩොලු කතා පිරිවරාගෙනය. මනැස් ඇතුළත පමණක් ‍මෝරා ආ ප්‍රේමය ශාරීරිකවත් ප්‍රකාශ වන්නට වූයේ නොදැනුවත්වමය. තරුණ සිසුවිය තම පෙම්වත් මහැදුරා සමඟ ගත කොට පැමිණෙන හැම විටකම ඇගේ ඇඳුමේ, පැළඳුමේ, මහුණේ දිස්වූයේ පෙම්වතකුගේ ආදරණීය තුරුළක සිටි අනුරාගී පෙම්වතියක තුළ ආවේනිකව දැකිය හැකි ලකුණුය.  මේ පුවත මහාචාර්යවරයාගේ ස්ත්‍රී විමුක්තිවාදී බිරිඳට ආරංචිවූයේ නොවැළැක්විය හැකි ලෙසය. අවාසනාවකට මෙන් ඇය ස්ත්‍රී විමුක්තිය ගැන කථා කළද මේ සිද්ධියේ දී ඒ තරුණියට විමුක්තිය දීමට ඉදිරිපත් වූයේ නැත.

" ඕකි මගෙන් බේරිලා යන්නේ නෑ" යි ඇය පාරම් බෑවාය.

මහාචාර්යවරයාගේ බිරිය අසරණ තරුණිය මුණ ගැසී ඇගේ කෙහෙවල්ලෙන් ඇද පහරදුන්නේ ස්ත්‍රී හිංසනය ගැන දෙසාබාන මුවින් අසභ්‍යවචනද පිටකරමිනි. මේ සියල්ල දෙස බලාසිටි මහාචාර්යවරයා සිය බිරිඳගේ මුහුණටම මතු දැක්වෙන ප්‍රකාශය කළේ තමාට අයත් පොත් පත් හා අනෙකුත් ද්‍රව්‍ය ඇසුරුම් කරන අතරේය.

"ඔයා කීවා ගැණුයි; පිරිමියි සමානයි කියලා. ඒත් ඒ දෙවර්ගය වෙනස්. මේ ජීව ලෝකයේ ඒ දෙවර්ගය මවලා තියෙන්නේ උනුන්ට ආදරය කරන විදිහටයි. අන්න ඒ කාරණේදී ගැහැනිය තුළ ඇයට ආවේණික ශාරිරික විලාසයක්, ගතිගුණ සමුදායක් මැවෙනවා. පිරිමියා තුළත් එහෙමයි. එතනදී එකෙක් අනෙකාට හිංසා නොකර අහිංසක විදිහට එකි'නෙකා බැ‍ඳෙන්න ඕනෑ. තමන්ට ආවේනික තත්ත්වය කෘත්‍රිමව වෙනස් කරන්න හොඳ නෑ. මට හම්බ වුණු ගැණු ළමයාගෙන් මම නියම ස්ත්‍රිය දැක්කා. ඉතින් එයාට හිංසා කරන්න එපා! එයා එක්ක ජීවත් වෙන්න මට ඉඩ දෙන්න."

ලේඛකයාගේ පසු සටහන....

ඉහත සඳහන් කතා ප්‍රවෘත්තිය පාදක කර ගනිමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචර්ය ප්‍රජාවේ ඇතමුන් කෙරෙහි ද්වේශ සහගත අපවාදයන් එල්ල වන අසත්‍ය ප්‍රවෘත්තීන් ඇතැම් අන්තර් ජාල වෙබ් අඩවි මගින් පැතිර යන බව දැනගන්නට තිබේ. එහෙත් මෙම සත්‍ය ප්‍රවෘත්තියට අදාල විශ්ව විද්‍යාල මහාචාර්යවරයා හෝ සිසුවිය දැනට පේරාදෙණිය හෝ වෙනයම් විශ්ව විද්‍යාලයක් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බව දැඩි වගකීමකින් යුතුව ප්‍රකාශ කරමි.

මහාචාර්ය සාලිය කුලරත්න
සිංහල අංශය,පේරාදෙණිය විශ්ව විද්‍යාලය.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook