Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results


අපේ ආදරේ පටන් ගත්තේ
කළුතර  බෝධිය ළඟදි
පුබුදු චතුරන්ග – මාෂි සිරිවර්ධන


ජීවිතේ ලස්සනම දවස ලස්සන කරගන්න මහන්සි වෙන දෙන්නෙක්ව අමාරුවෙන් කතාවට අල්ලගන්න අපට පුළුවන් වුණා. පුබුදු සහ මාෂි මේ දවස්වල ගොඩක් දෙනාගෙ ආදරය ලබන, මුහුණු පොතේ ගොඩක් ප‍්‍රතිචාර ලබන ආදරණීය ආදරවන්තයො දෙන්නා තමයි ඒ.

”මේ දවස්වල ගොඩක් මහන්සි වෙනවා කියලා ආරන්චියි?” දෙන්නම ඉන්න තැන පුබුදුවම කතාකරවලා කතාව පටන් ගන්නයි හිතුවෙ.

මහන්සි වෙනවා නම් තමයි. වෙඩින් එකේ වැඩ. එකපාරට චිත‍්‍රපට විස්සක විතර වැඩ කරනවා වගේ මට දැනෙන්නේ. ඒ තරමට මහන්සි වෙනවා. වෙඩින් එක තියෙන්නෙ මාර්තු 15 වෙනිදා.

කතාවෙන් නම් තේරෙන්නෙ වැඩිපුර මහන්සි වෙන්නෙ පුබුදු කියලා?
මම තමයි ෆුල් ටයිම් මහන්සි වෙලා වැඩ කරන්නෙ. දෙන්නම මහන්සි වෙනවා. මාෂිගෙ උපදෙස් අනුව මම තමයි හැමදේම කරන්නෙ.

ඒ කියන්නෙ මේ දවස් වල පුබුදු අනෙක් වැඩ ඔක්කොම නතර කරලා. ?
දැන් මාස තුනක විතර ඉ`දල මම කරන්නෙ වෙඩින් එකේ වැඩ විතරයි. මට කරන්න තිබුණු චිත‍්‍රපටවල වැඩයි ස්ටේජ් ඩ‍්‍රාමාවල වැඩයි ඔක්කොම මම ගිය අවුරුද්දේ ඉවර කරලා තමයි වෙඩින් එකේ වැඩ පටන් ගත්තෙ. මොකද මම දැනගෙන හිටියා මේ වැඬේ ලස්සනට කරගන්න මහන්සි වෙන්න ඕන බව.

”එතකොට මාෂි?” පුබුදු අනෙක් වැඩ ඔක්කොම නතර කරල වෙඩින් එකට මහන්සි වෙනවා නම් මාෂි උදව් කරන විදියත් දැන ගන්නම වෙනවනේ.
මම තමයි උපදෙස් දෙන්නේ. මගෙ උපදෙස් අනුව වැඩ ටික කෙරෙනවනේ. මමත් උදව් කරනවා නෙමෙයි. හැබැයි මම වෙඩින් එකේ වැඩවලට මහන්සි වෙන්නේ මගේ අනෙක් වැඩත් කරන අතර. විශේෂයෙන්ම ඉගෙනගන්න වැඩ. තව අවුරුද්දයි ඒ වැඩ තියෙන්නෙ ඒ නිසා ඒ වැඩ ටිකත් කරගෙන යනවා.

ෆුල් ටයිම් වෙඩින් එකට මහන්සි වෙන එකෙන් පුබුදුට වාසිද අවාසිද?
අවාසියක් නම් නැහැ මොකද මම දැනට මගේ වැඩ ටික ඉවර කරලනේ තියෙන්නෙ. හැබැයි දැනට වාසියකුත් නැහැ. මම හිතන්නෙ අනාගත ලාභ ප‍්‍රයෝජන, වාසි එහෙම තියෙයි.

මාෂිගෙ උපදෙස් අරගෙන වැඩ කරන්න පටන් අරගෙන දැන් කොච්චර විතර කල්ද?
ඇත්ත කතාව මේකනෙ. අපේ කතාවෙ මුල අවුරුදු දෙකක් විතර අපි වැඩ කරේ මගෙ උපදෙස් අනුව. ටිකක් කල් යද්දි මටම තේරුණා මගෙ උපදෙස් වලට වැඩ කරලා හරි යන්නෙ නැහැ කියලා. ඒ නිසා මම තීරණය කරා මාෂිගෙ උපදෙස් අරගෙන වැඩ කරන්න. ඒ උපදෙස්වලට වැඩ කරනකොට නම් හො`දයි වගේ දැණුන නිසා දැන් දිගටම මාෂිගේ උපදෙස්වලටම වැඩ කරගෙන යනවා.

අලූත් ජීවිතේ ගෙවන්න හිතාගෙන ඉන්නෙත් ඒ විදියටමද?
මම හිතන්නෙ ඒ විදිය හො`දයි. මේ ගෙවෙන කාලෙත් හො`ද පෙර පුහුණුවක් වගෙත් දැනෙනවා.

මාෂිගෙ ආදරේ දිනාගන්න වෙච්ච මහන්සිය නිසාද වෙඩින් එක ලස්සන කරගන්නත් ඔය තරමට මහන්සි වෙන්නෙ?
කොහොමටත් ලස්සන දෙයක් කරන්න අපි දෙන්නටම උවමනාව තියෙනවා. සල්ලි ගොඩක් වියදම් කරල කිසි එළියක් නැති දෙයක් කරන්න ඕන නැහැනෙ. ආදරේ දිනාගන්න නම් මහන්සි වුණ එකත් ඇත්ත. මහන්සි වෙලා දිනපු ආදරේට තව වටිනාකම් එකතු කරන්නත් ඕනනේ.

”ඇත්තටම මාෂි ඇයි පුබුදුව ඒ තරම් මහන්සි කෙරෙව්වෙ?” දෙන්නගෙ ආදර කතාවත් මතක් කරගෙනම යන එක මේ කතාව තවත් ලස්සන කරාවි කියලා හිතුන නිසයි එහෙම ඇහුවෙ.
එහෙමත් නැහැ ඉතින්. අපි දෙන්නම අවුරුදු ගාණක් එකම ස්කීම් එකේ ලේන් දෙකකනේ ඉදලා තියෙන්නේ. ඒ වුණාට මම මෙයාව ඇත්තට දැකලා තිබුණේ නැහැ. අපේ ස්කීම් එකේ තියෙනවා වැවක්. දවසක් මෙයා මාව ඒ වැව ළ`ගදී දැකලා තිබුණා.

”දැකපු ගමන් මම ආදරේ හිතුනෙ නැහැ. හැබැයි මට එක පාරටම හිතුන හරි ලස්සනයිනේ කියල. ලස්සන නිසා මට හිතුනේ මගෙ චිත‍්‍රපටයකට හරි ගන්න පුළුවන් නේද කියලා” පුබුදු කතාවට එකතු කරේ මාෂි නොදන්න දෙයක්ද මන්දා.
!
”ඊට පස්සෙ ඔය කතාව ආදර කතාවක් වුණේ කොහොමද?” මාෂිටයි ඉඩ කතාවෙ ඉතිරි හරිය කියන්න.
අපේ ඉස්කෝලේ තිබුණා සෝෂල් එකක්. එකට මෙයාව ගෙන්න ගන්න අපේ කට්ටිය හැමෝම කැමැති වුණා. එකම ස්කීම් එකේ ඉන්න නිසා මට තමයි ඉන්විටේෂන් එක දුන්නේ මෙයාට දෙන්න කියලා. මම ඒක අරගෙන ආවට මට ගෙදරට ගිහින් ඒක දෙන්න බය හිතුණා. ඒ නිසා මම ඉන්විටේෂන් එක දුන්නේ පාරෙදි හම්බ වෙලා. කොහොම හරි මෙයා සෝෂල් එකට ආවා. ඒකෙදී මාව තමයි මිස් ක්වීන් හැටියට තේරුණෙත්.

”ඒක තමයි මම මාෂිට දාපු මුල්ම කිරුළ” ඇත්ත, පුබුදු ඊළගට මාෂිට දුන්නෙ ජීවිතේ කිරුළ!
”ඒ විදියට දැන අ`දුර ගත්තට පස්සෙ අපේ පවුල් දෙකත් ටික ටික හිතවත් වුණා. මම මාෂීව මගේ චැරිටි වැඩ කරන එකමුතුවටත් එකතු කර ගත්තා. එහෙම වැඩකට අපි දවසක් කළුතර ගියා. මම හිතුවා එදා තමයි මගේ හිතේ තියෙන දේ කියන්න හො`දම දවස කියලා. එදා නත්තල් දවසක්. අමතක වෙන්නෙත් නැහැනේ. මම මාෂිට ආදරෙයි කියලා කිව්වෙ කළුතර බෝධිය ළ`ගදී. ඒක කියන්න ඊට වඩා හොද තැනක් මට තිබුණේ නැහැ. මම ඒක කිව්වට පස්සෙ මාෂි මගෙ දිහා බලාගෙන හිටියෙ හො`දටම බය වෙලා. ඒ වෙලාවෙ මුකුත්ම කිව්වෙ නැහැ. ”

”ආදරෙයි කියලා කිව්ව විතරක් නෙමෙයි බැ`දලා ආයෙත් එතැනටම එක්කගෙන යනවා කියලත් කිව්වා.” මාෂි කිව්වෙ ඉස්සරහට කරන්න තියෙන දෙයක් මතක් කරන ගමන්.

බය වුණා කිව්වට ඒ කතා ඔක්කොමත් මතකයි නේද?
බය වුණා කියන්නෙ මේකනෙ, මගෙන් ගොඩක් පිරිමි ළමයි යාළුවෙන්න අහල තියෙනවා. හැබැයි ඒ විදියට එකපාරම අහල නැහැ. අනික මම කා එක්කවත් යාළුවෛලා ඉ`දලත් නැහැනේ, ඒ නිසා මට බයක් හිතුණා.

ඒත් අන්තිමේදී කැමැති වුණා?
කැමැති වුණා කියල කියනවට වඩා හො`දයි කැමැති කරවගත්තා කිව්වා නම්. මම දන්න සියලූ ශිල්ප දක්වලා කැමැති කරව ගත්තා.

”මෙයා මුලින් අපේ ගෙදර අයව තමයි කැමැති කරව ගත්තේ. දැන් අපේ ගෙදර අය මට වඩා ආදරේ මෙයාට. අපේ නන්ගි, මල්ලියි මෙයාට පුදුම ආදරේ. මට නිකමට වත් බණින්න බැහැ. එයාල බණින්නේ මට.” පුබුදුගේ උත්තරේට මාෂිගෙන් තවත් උත්තරයක්.

මහන්සි වුණාට පාඩුවක් නැහැනේ පුබුදුට හො`ද ලස්සන නෝනා කෙනෙක් හම්බ වෙනවනෙ?
ලස්සන කියන්නෙ අපට ඇහැට පේන දේ විතරක්ම නෙමෙයිනේ. හැමෝම කතාකරන්නේ මාෂිගෙ ලස්සන ගැන. මම මාෂිට කැමැති වුණේ ලස්සන නිසාම නෙමෙයි. ලස්සන ගැන කියනවා නම් මම මේ රටේ හැම නිළියක් එක්කම වගේ ර`ගපාපු කෙනෙක්. ලස්සන කියන්නෙ ගතිගුණවල තියෙන ලස්සන. මාෂි පෙනුමෙන් ලස්සනයි වගේම ගතිගුණවලිනුත් ලස්සනයි. මම අපේ ගෙදර අයටත් ඒක කිව්ව. මොකද හැමෝම මාෂිව දැකපු ගමන් කියන්නෙ ලස්සන ගැන.

ලස්සන නිසා මාෂිව පරෙස්සම් කරගන්න වෙයි කියලා පුබුදුට හිතුනෙ නැද්ද?
මාෂිත් මගෙන් අහනවා ඇයි එයාව පොඞ්ඩක්වත් සැක කරන්නෙ නැත්තේ කියලා. මට එයාව සැක කරන්න ඕන නැහැ. මට එයාව හො`දටම විශ්වාසයි. කරන දේ හරියට කරන්න එයා දන්න බව මම දන්නවා. ඒ නිසා මම එයාව අමුතුවෙන් පරෙස්සම් කරන්න ඕන නැහැ.

ගෙවල්වලින් පොඞ්ඩක් වත් ප‍්‍රශ්න ආවෙ නැද්ද?
මාෂිගෙ ගෙදර අය නම් කොහොමත් කැමැති වෙලානේ හිටියෙ. අපේ ගෙදරිනුත් මගේ කැමැත්තට ඉඩදීලා තිබුනේ. වැඬේ කියන්නෙ මේක හො`දටම ගැළපුනේ අපේ අම්මලාගේ ගැළපිල්ලෙන්. අපේ අම්ම කොළඹ, මාෂිත් කොළඹ. මම ගාල්ලෙ, මාෂිගෙ අම්මත් ගාල්ලේ. පොඩි ප‍්‍රශ්නෙකට කියල ආවෙ මාෂිගේ නෑයො. මම නළුවෙක් නිසා එයාල මුලින් අකැමැති වුණා. මට ස්ථිර රස්සාවක් නැහැනේ කියලා. මම එයාලට පැහැදිලි කරල දුන්නා මේ ලෝකෙ කිසි දෙයක් ස්ථිර නැහැනේ කියලා. එච්චරයි.

පටන් ගන්න යන අලූත් ජීවිතේදිත් පුබුදු දිගටම කාර්ය බහුල කෙනෙක් වේවිද?
වෙඩින් එක නිසා පරක්කු කරපු වැඩ ගොඩක් තියෙනවා ඉස්සරහට කරන්න. අනික මට වැඩ නොකර ඉන්න බැහැ. ගොඩක් වැඩ තියෙනවට මම කැමැතියි. අනික මාෂිටත් තව අවුරුදදක් විතර එයාගෙ ඉගෙන ගන්න වැඩ තියෙනවා. විවාහ වුණාම වගකීම් වැඩි වෙනවා තමයි. ඒත් අපි දෙන්නා දෙන්නෙක් විදියට කරගෙන ආපු වැඩ නතර කරන්න හො`ද නැහැ. දෙන්නටම දෙන්නගෙ වැඩවලට නිදහස තියෙන්න ඕන. මාෂිගේ සිනමා ආගමනයත් ඉක්මටම වෙනවා කියල කියන්නත් මේක හො`ද වෙලාවක්.

නෙලූෂා සිල්වා

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook