Featured News

Video Gossip

Advertisement

සමාජ මාධ්‍යජාල වැසීමෙන් 
ආණ්ඩුවේ බැරිකම ප්‍රදර්ශනය වුණා

ප්‍රකෝපකාරී ප්‍රකාශ බෙදාහැරීම වැලැක්වීමට යැයි කියමින් ෆේස්බුක් ඇතුළු සමාජ ජාල පිවිසුම් අවහිර කිරීමෙන් ආණ්ඩුවට සැබෑ ප්‍රශ්නය විසඳා ගැනීමට ඇති නොහැකියාව ප්‍රදර්ශනය කරන බව වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ෆ්‍රෙඩී ගමගේ මහතා කියයි.


මේ සම්බන්ධයෙන් කළ විමසීකදී ඔහු මේ බව කියා සිටියේ.

පොලිසිය, බුද්ධි අංශය හා රජයේ අනෙකුත් අංශවල ඇති අකර්මන්‍ය බව වසා ගැනීමට සමාජ මාධ්‍ය ජාල දඩයම අනුමත කළ නොහැකි බවද ඔහු සඳහන් කළේය.




සමාජ ජාල තුළ ජාතිවාදය වපුරන්නන් කොටුකර ගැනීමට තාක්ෂණික විධික්‍රම ඇති බවත්, එම උපක්‍රම රජයේ බුද්ධි අංශ සතුබව අප දන්නා බවත්, එසේ අදාළ විෂ වපුරන්න් කොටුකර ගැනීමට කෙටි මඟවල් තිබියදී මෙය යම් දීර්ඝ කාලීන මාධ්‍ය දඩයමක ආරම්භයක් දැයි සැක සහිත බවද ඔහු කීය.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් ඉදිරියේ නිකුත් කරන බවද ඔහු සඳහන් කළේය.

මේ වැඩෙන් රෙදි ගැලවුණේ ආණ්ඩුවේ සෝෂල් මීඩියා නඩයෙයි !

පසුගිය පාලන සමයේදී පත්තර හා විද්‍යුත් මාධ්‍ය බියගුළු මාධ්‍ය කලාවක යෙදෙද්දී පැවැතුණු ආණ්ඩුව වෙනස්කරමින් යහ පාලන ආණ්ඩුවක් රැගෙන ආවේ පැවැති මාධ්‍ය නිදහසටත් වඩා සුභවාදී නිදහසක් බලා පොරොත්තුවෙන් බවත්, රාජපක්ෂ රෙජීමය සිය අවුරුදු 10ට ම නොකළ සමාජ ජාල වාරණය යහපාලන ආණ්ඩුව වසර තුනක පමණ කෙටිකාලයකදී ක්‍රියාවට නැංවීම කිසිසේත්ම අනුමත නොකරණ බව වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් කැළුම් ශිවන්ත මහතා පැවසීය.

පසුගිය කාලයේ ආණ්ඩු තැනීමට මෙන්ම ආණ්ඩු පෙරළීමට ද සමාජ මාධ්‍ය හවුල්වූ අබව කී ඔහු රජයේ සමාජ මාධ්‍යවලට අදාළ ප්‍රශ්නය සම්බන්ධයෙන් මතයක් ගොඩ නැගීමට ඇති නොහැකියාවද මින් ඔප්පු වන බව ඔහු කියා සිටියේය.

ඇත්තටම මේ වැඩෙන් රෙදි ගැලවුණේ ආණ්ඩුවේ සෝෂල් මීඩියා නඩයේ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ජාතිවාදයට මෙන්ම ජාතිවාදය ඇවිස්සීම සම්බන්ධ පුවත් වලටද සිය සංගමයේ වෙබ් අඩවි දැඩිව විරෝධය දක්වන බවත්, පසුගිය කාලයේදී සිය සංගමය කටයුතු කරනු ලැබුවේ ජාතීන් අතර සංහිඳියාව හා සහයෝගය වර්ධනය කිරීමේ එකඟතා රාමුවක බවද කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements