Featured News

Video Gossip

Advertisement

රූකාන්තගේ පොඩි දූ වින්ඩි 
අනාගත බලාපොරොත්තුව
තාත්තට කියල ඉෂ්ඨ කරගන්න හදනවලු

රූකාන්ත -චන්ද්‍රලේකා යුවළගේ ආදරණිය දියණිය වින්ඩි ගුණතිලක මේ දවස්වල ලංකාවට ඇවිත්. ඒ නිසාම ඇයත් එක්ක කතා කරන්න මේ ඉඩ වෙන් කර ගත්තා.

පසුගියදා තිබුණු ප්‍රසංගය නිසා වින්ඩිට ඉහළ ප්‍රතිචාර ලැබුණා කියන්නේ ඇත්තද?

ඔව්, ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබුණේ ප්‍රරවීණ කලාකරුවන්ගෙන්. ඒ ගැන මට තියෙන්නේ පුංචි ආඩම්බරයක්.




උසස් අධ්‍යාපන කටයුතු අවසන් නිසාද ලංකාවට ආවේ ?

ඔව්, මම සංගීතය පැත්තෙන් තමයි මගේ උපාධිය හැදෑරුවේ. ඒ වැඩ අවසන් නිසා තමයි ලංකාවට ආවේ.

දිගටම ලංකාවේ ඉන්නද කල්පනාව ?

දැනට එහෙම තමයි හිතාගෙන ඉන්නේ.

දෙමවුපියන්ගේ අඩිපාරේ නොගියානම් ඔබ කේෂ්ත්‍රයක් තෝරගනීද ?

මම කැමැත්තෙන් හිටියේ වෛද්‍යවරයෙක් වෙන්න. කලින් ඉඳන්ම මම කැමැත්තෙන් හිටියේ වෛද්‍යවරයෙක් වෙන්න. අන්තිම මොහොතේ ඒ තීරණේ වෙනස් වුණා.

ඇයි අන්තිම මොහොතේ ඒ තීරණේ වෙනස් වෙන්නේ?

මට හිතුණා සංගීතය තෝරා ගත්ත නම් මම ගොඩක් සතුටු වෙයි කියලා.

දැන් ඒ සතුට වින්ඩිට ලැබෙනවද ?

ඔව්, මොකද මගේ පවුලත් එක්ක ගත කරන්න පුළුවන් නිසා මම ගොඩක් සතුටින් ඉන්නේ.

තාත්තා-අම්මා හෝ අක්කා එක්ක එකට සින්දුවක් කරන්න කැමැත්තක් නැද්ද?

අනිවාර්යෙන් තියෙනවා, ඉස්සරහට ඒ ගැන බලනවා.

අක්කගේ ගීත සඳහා නිර්මාණය වෙන රූප රචනාවලට වින්ඩිට කතා කළේ නැද්ද?

නැහැනේ, එහෙම තවම කතා කළේ නැහැ.

ඔබේ පවුලට ලැබුණු ජනප්‍රියත්වයත් එක්ක වින්ඩිගේ නිදහස සීමා වෙලා නැද්ද?

එහෙම වෙලාවල් තියෙනවා. ඒ දේ සැරින් සැරේට වෙනස් වෙනවා. ලොකුවටම නිදහස සීමා වෙලා නැහැ.

පොඩි කාලේ ඉඳන්ම වින්ඩි සංගීතයට ඇලූම් කළාද?

ඒ කාලේ ඉඳන්ම මගේ ආසාව තිබුණේ සිංදු කියන්න. අම්මගේ තාත්තගේ ප්‍රසංගවල සිංදු කියද්දී මටත් හිතුණා කවදාහරි ඒ වගේ සිංදු කියන්න.



වින්ඩිගෙම සිංදුවක් කවදටද නිර්මාණය වෙන්නේ?


තාම සැලසුම් කළේ නැහැ කවදටද සිංදුවක් හදන්නේ කියලා. මම තාත්තා සිංදුවක් හදල දෙනකම් බලන් ඉන්නවා. මම හරි කැමතියි එයා මගේ පළමු සිංදුව කරලා දෙනවනම්.



වෙනත් අයගෙන් ආරාධනා ලැබුණෙ නැද්ද ?


ලැබුණා. ඒත් මම කැමතියි මගේ පළමු සිංදුව මගේ තාත්තාගේ අතින් නිර්මාණය වෙනවට.










gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements