Featured News

Video Gossip

Advertisement

දේශපාලනයට කැමති මාවත්
තේරුම්ගත්ත කෙනෙකුට කැමති වෙනවා
මීගමුව නාගරික මන්ත්‍රීවරිය කියන කතාව

අද තරුණ පරපුර විවිධ අකටයුතුකම් වලට ඇබ්බැහි වෙලා

මීගමුව නගර සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ලාබාලම නාගරික මන්ත්‍රීවරිය වන හැඩකාර ප්‍රසංශා රොද්‍රිගෝ මෙනවියවයි පිලිදව වාසල විත්ති කතා බහක යෙදී තිබුන . ඉතින් ඇය පිළිබදව කළ පිළිසරයි මේ..

මන්ත්‍රීතුමියගේ සම්පූර්ණ නම කිවුවොත්?



මම සේනාධිපතිගේ සෙව්වන්දි ප්‍රසංශා රොද්‍රිගෝ



වඩා කැමති සෙව්වන්දි කියනවටද?ප්‍රසංශා කියනවටද?

එහෙම ප්‍රශ්නයක් නෑ.ප්‍රසංශා කියනවට කැමතියි.හුඟක් අය කියන්නේ එහෙමයි.

පාසල් ගියේ කොහෙටද?

මම පාසල් ගියේ මීගමුවේ ආවේ මරියා කන්යාරාමයට

වයස කියන්න කැමතිද?

ඔව් මට දැන් අවුරුදු 19යි.ලබන මාසෙට 20 ලබනවා

පාසල් යන කාලේ හිතුවද මන්ත්‍රීවරියක් වෙයි කියලා?

ඔව්.මම පාසල් යන කාලේ ඉදලා දේශපාලනේ කරන්න කැමැත්තෙන් හිටියා.මම නීති ශිෂ්‍යයාවක් දැන්.නමුත් ඊට වඩා මගෙ වැඩි කැමැත්තක් තියෙන්නේ දේශපාලනය කරන්න.

මන්ත්‍රීවරියක් වෙන්න පියාගේ දේශපාලන කටයුතුත් බලපාන්න ඇති?

අනිවාර්යයෙන්ම ඔව්.අපේ තාත්ති වගේම සීයත් නාගරික මන්ත්‍රීවරයෙක්.ඉතින් පොඩි කාලයේ ඉදලා අපේ ගෙදර තිබුණේ ඒ වට පිටාව.ඒක අපේ ජීවිතවලටත් කා වැදිල තිබුණා.ඒ අයගේ සහයත් මට මේ ගමන එන්න හුඟාක් බලපෑවා.

පොදුජන පෙරමුණේන් දේශපාලනය කලේ පියා නිසාද?ඔබේ කැමැත්තෙන්මද?

නෑ මගේ සීයා දේශපාලනය කලේ සම සමාජ පක්ෂයේන් තාත්ති නිදහස් පක්ෂයේ මන්ත්‍රී.ඉතින් ඒ අයගේ අදහස් එක්ක තමයි මම මේ පක්ෂයේ තෝරාගත්තේ.අනිත් එක තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ බිහිවෙච්ච වටිනා නායකයෙක්.එතුමා නියෝජනය කරන පක්ෂයක දේශපාලනය කරන්න ලැබීම සතුටක්.

දේශපාලනය කියන්නේ මඩ ගොඩක් ලෑස්තිද ඒ අභියෝග බාරගන්න?

ඔව්..මම ඒවට සූදානම් වෙලා තමයි මේ ගමන ආවේ.මේ ගමන සුන්දර නෑ කියල මම දන්නවා.හැබැයි ජනතාව වෙනුවෙන් මම ඒ කැප කිරීම කරනවා.


මන්ත්‍රීවරියක් වෙලා මීගමුවට මොනාද කරන්න බලාපොරොත්තුව?



මට ඕනා මීගමුවේ තරුණ පරපුරට යමක් කරන්න.අද තරුණ පරපුර විවිධ අකටයුතුකම් වලට ඇබ්බැහි වෙලා ඔවුන් ඒවගෙන් මුදාගන්න වැඩපිලිවෙලක් හදන්න ඕනා.



නාගරික මන්ත්‍රීවරියක් වෙන්න ආපු ගමනෙදි කවුද ඔබට උදව් කලේ?

මගේ තාත්ති ඇරුනම නිමල් ලාන්සා ඇමතිතුමා,සරත් ගුණරත්න ඇමතිතුමා ඒ අය මට මේ ගමනෙදි ලොකු ශක්තියක් උනා

දේශපාලනය එක්ක කොහොමද අධයාපන කටයුතු කරගන්නේ?

ඔව් මම දන්නවා දේශපාලනය කියන්නේ පැය 24 ම ජනතාවගේ ප්‍රශ්න එක්ක ඉන්න ඕනා.හැබැයි මගේ උපාධිය ලබන මාසේ ඉවරයි.එතකොට මට පුළුවන් මුළු කාලෙම ජනතාව වෙනුවෙන් ඉන්න

මන්ත්‍රීවරියක් උනානේ බිරිඳක් වීමත් තරුණියන්ගේ හීනයක් නේද?

(සිනාසෙමින් )අනිවාර්යයෙන්ම ඔව්.ඒ ගැනත් හිතනවා තාම ඒකට කාලය තියනවනේ.දැන්ම මැරි කරන්න අදහසක් නම් නෑ.

කෙනෙක් හම්බේලා ඉන්නවද?

(සිනාසෙමින් )තාම නම් නෑ.

මොනවගේ කෙනෙකුටද කැමති?

මම දේශපාලනය කරන නිසා ඒ ගැනත් අවබෝධයක් තියන මාවත් තේරුම් ගත්ත කෙනෙකුට කැමති වෙනවා(සිනාසෙමින් )

ඔබතුමියගේ දේශපාලන කටයුතු සාර්ථක වෙන්න කියලා වාසල විත්ති අපි සුබපැතනවා

බොහොම ස්තුතියි

සාකච්ඡා කලේ මිහිරාන්
වාසල විත්ති

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements