Featured News

Video Gossip

Advertisement

පුංචි තිරයට ආ පුංචි කෙල්ල සිතුම්ලි රුහන්සා
වෙළඳ දැන්වීම් 20ක් විතර කරලා තියෙනවා

මේ දිනවල පුංචි තිරයේ වැඩි පේ‍්‍රක්ෂක ආදරයක් ආකර්ෂණයක් ලබාගෙන තිබෙන පුංචි ළමා රංගන ශිල්පිනියක් මෙවර  කතාබහට එකතු කර ගත්තා.


‘‘කිරුළි’’ ටෙලිනාට්‍යය හරහා ඔබ හමුවට එන ඇය තමයි ‘‘සිතුම්ලි රුහන්සා’’

මේ සිතුම්ලිගෙ කීවෙනි ටෙලිනාට්‍යයද?
මේ මගේ පළවෙනි ටෙලිනාට්‍ය. මීට කලින් වෙළඳ දැන්වීම්වල නම් ඉඳලා තියෙනවා.



වෙළඳ දැන්වීම් කීයකට විතර ඉඳලා තියෙනවද?
මේ වෙද්දී වෙළඳ දැන්වීම් 20ක් විතර කරලා තියෙනවා.

මුලින්ම වෙළඳ දැන්වීමකට සම්බන්ධ වෙද්දි සිතුම්ලිට වයස කීයද?
එතකොට මට මාස 10 යිලූ. ඊට පස්සෙ අවුරුදු 3 ඉඳන් වගේ වෙළඳ දැන්වීම්වල ඉඳලා තියෙනවා.

ඉතින් කියමුකො ටෙලි නාට්‍යයක් සඳහා සිතුම්ලිට ආරාධනා ලැබෙන්නෙ කොහොමද කියලා?
මම සම්බන්ධ වුණු චට්නි වෙළඳ දැන්වීම දැකලා මේ කතාවෙ අධ්‍යක්ෂ මාමා ඒකෙ හිටපු අම්මා රුවිනි ලක්මාලි ඇන්ටිගෙන් තමයි මගෙ නම්බර් එක ඉල්ලගෙන අපේ අම්මට කතා කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒ මාමලා අපේ ගෙදරට ඇවිල්ලා මාව ඉල්ලලා තියෙන්නෙ.

‘‘කිරුළි’’ නාට්‍යයේ සිතුම්ලිගෙ චරිතෙ ගැනත් කතා කරමුද?
අහිංසක චරිතයක්. අම්මාගෙන් ඈත්වෙලා වෙන ගෙදරක ඉන්නෙ. ඒ ගෙදර දුවෙක් ඉන්නවා. එයාගෙනුත් මට හරියට කරදර තියෙනවා. ඉතින් හරි දුකින් ඉන්න චරිතයක්.



රඟපාද්දි කැමරාවට මුහුණ දෙද්දී බයක් හිතුණෙ නැද්ද?
එහෙම නෑ. කියන දේ කළා. ප‍්‍රදීප් මාමා ගොඩක් උදව් කළා. දෙබස් කියලා දුන්නා. මුහුණෙ ඉරියව් ගැන කියලා දුන්නා. අඬන්න ඕනැ විදිය ඒ හැමදේම. ඒක නිසා බයක් හිතුනෙ නෑ. ප‍්‍රදීප් මාමා වගේම චමිලා නැන්දා, රිතූ නැන්දා, බිමල් මාමා, සරත් කොතලාවල මාමා ඒ හැමෝමත් ගොඩක් උදව් කළා.

එතකොට සිතුම්ලිට දෙබස් කියද්දී එහෙමත් බයක් නෑ?
පළවෙනි දවසෙ නම් වැරදුණාම ටිකක් දුක හිතුණා.

ඇයි ඒ?
මට වැරදුණාම මම මේ චරිතය හරියට කරන්නෙ නැති වුණාම මාව මේ නාට්‍යයෙන් අයින් කරයිද? කියලා හිතුණා.

සිතුම්ලි රඟපාන්න ඉගෙන ගත්තෙ කාගෙන්ද?
සහන් රන්වල සර්ගෙ ළමා බළකායෙන් තමයි ඉගෙන ගත්තේ. ඒකෙන් තමයි රඟපාන්න ඉගෙන ගත්තෙ.

එතකොට සිතුම්ලිගෙ පාසල මොකක්ද?
සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ 3 ශ්‍රේණියේ ඉගෙන ගන්නේ.

පාසලෙන් ලැබෙන සහය කොහොමද රංගන කටයුතුවලට?
ඉස්කෝලෙන් ගොඩක් උදව් කරනවා. පන්තිභාර මැඩම්ගෙනුත් හොඳ සහයෝගයක් තියෙනවා. මම ඉස්කෝලෙ අමතර දෙයක් විදියට මලල ක‍්‍රීඩාත් කරනවා. ඉතින් ඒ වගෙදිත් ඉස්කෝලෙ වැඩ පාඩුවුණාම මැඩම් ගොඩක් උදව් කරනවා.

සිතුම්ලිව ඔඪ එකේ දකිද්දි යාළුවො මොකද කියන්නේ?
හොඳට රඟපානවා කියනවා. තව ටිකක් හොඳට අඬන්න ඕනෑ කියනවා.
කතාවෙ ඉස්සරහට මොකද වෙන්නෙ කියලා අහනවා. ඒ වගේ ගොඩක් දේවල් කියනවා.

එතකොට සිතුම්ලිව ඔඪ එකේ දකිද්දි මොකද හිතෙන්නෙ?
මට ගොඩක් සතුටුයි ඉතින්.

රඟපාන්න ගොඩක් ආසයිද?
ඔව්. ගොඩක් ආසයි.

ලොකු වුණාම කවුරු වෙන්නද කැමති?
මම කැමතියි ප්ලේන් එකක පයිලට් කෙනෙක් වෙන්න.

සිතුම්ලිගෙ පවුලෙ කව්ද ඉන්නෙ.
අම්මයි, තාත්තයි, මමයි, අක්කයි.

අක්කා රඟපාන්නෙ නැද්ද?
අක්කා පොඩිකාලෙ රඟපෑවා. දැන් නෑ. එයා දැන් 8 ශ්‍රේණියේ ඉගෙන ගන්නෙ.

අම්මගෙන්, තාත්තාගෙන් ලැබෙන්නෙ මොනවගේ සහයක්ද?
අම්මා දෙබස් කියලා දෙනවා. මාත් එක්ක ෂූටින් යන්න එන්නෙත් අම්මා. එතකොට තාත්තා අක්කව බලාගෙන ගෙදරට වෙලා ඉන්නවා.

ධනු විජේරත්න
සැඳැල්ල





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements