Featured News

Video Gossip

Advertisement

ප්‍රභල දේශපාලකයකුගේ පර්ස් එකත් උස්සලා
අවුරුදු 35 ක්‌ම රස්‌සාවට ගැට කපලා

ලෙස්‌ටර්ගේ රණමයුර සම්මානය ඉස්සු හොරුන් කියන කතාව

එජාප මැයි රැලියට එන පුද්ගලයින්ගේ පර්ස් උස්සන්නත් සැලසුම් කරලා

ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මහතාගේ රණමයුර සම්මානය සොරා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්‌ දෙනා වසර තිස්‌පහක්‌ තිස්‌සේ ගැට කැපීම සිය වෘත්තිය ලෙස කරගෙන ගිය පුද්ගලයන් බව බම්බලපිටිය පොලිසිය කළ මූලික විමර්ශනවලින් හෙළි වී ඇත. 


අත්අඩංගුවට ගත් පස්‌ දෙනා සහ සැකකරුවන් අලෙවි කළ ඇපල් ජංගම දුරකථනය ළඟ තබා ගත් දුරකථන අලෙවිසලක හිමිකරු කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් දමින්ද වැලිගොඩපිටිය මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 21 වැනිදා දක්‌වා රිමාන්ඩ් භාරයට පත් කර ඇත. 

මෙලෙස රක්‌ෂිත බන්ධනාගාරගත කළේ අවුරුදු 45 ත් 65 ත් අතර වයසේ පසුවන කඩුවෙල, මතුගම හා නාවලපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය කියයි. සැකකරුවන් සොරා ගත් තවත් රුපියල් ලක්‌ෂ 5 ක්‌ වටිනා ජංගම දුරකථන 8 ක්‌ද අත්අඩංගුවට ගත් දුරකථන අලෙවිසල් හිමිකරු ළඟ තිබී සොයා ගත් බවද පොලිසිය කියයි.

ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මහතාගේ දේහය පසුගිය 02 වැනිදා උදැසන තිඹිරිගස්‌යාය නිවසේ සිට නිදහස්‌ චතුරස්‍රය කරා රැගෙන යැමට පෙර නිවසේ ආගමික වතාවත් සිදුකරන අතරතුර මෙම සම්මානය අතුරුදන්ව ඇත. ඊට අමතරව ඥතියකුට අයත් ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක්‌ ද නිවසේaදී අස්‌ථානගත වී තිබිණි.

මේ සම්බන්ධයෙන් සුමිත්‍රා පීරිස්‌ මහත්මිය පොලිසියට කළ පැමිණිල්ලකින් පසු විමර්ශන ඇරඹීය. එලෙස විමර්ශන සිදුකරන අතරතුර මෙම සම්මානය 5 වැනිදා උදේ මාර්ග අංක 177 කඩුවෙල - කොල්ලුපිටිය සුඛෝපභෝගී බස්‌ රථයක තිබී හමුවිය.

ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මහතාගේ අවමඟුල් උත්සවය අවස්‌ථාවේ නිවසේ සී. සී. ටී. වී. කැමරාවේ සටහන් වී තිබූ සැක කටයුතු ත්‍රිරෝද රථයක දර්ශන ඔස්‌සේ විමර්ශන පවත්වා කඩුවෙලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම සොරකම ගැන සුලමුල හෙළි කර ගත් බව පොලිසිය කියයි. 

මේ අතර ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මහතාගේ අවමංගල්‍යයට පැමිණි ප්‍රබල දේශපාලනඥයකුගේ මුදල් පසුම්බියත් මෙම සැකකරුවන් විසින් අවමංගල්‍යය උත්සවයේ තදබද අවස්‌ථාවකදී සොරාගෙන තිබු බව විමර්ශනවලින් හෙළි විය. තම මුදල් පසුම්බිය සොරාගැනීම සම්බන්ධයෙන් දේශපාලනඥයා පොලිසියට පැමිණිල්ලක්‌ කර නොතිබිණි. 

ප්‍රශ්න කිරීමේදී සැකකරුවන් පවසා ඇත්තේ මෙම සම්මානය සොරා ගැනීම පිළිබඳව මාධ්‍ය ඔස්‌සේ විශාල ප්‍රචාරයක්‌ ලැබීම නිසා තමන් දැඩිලෙස බියට පත්වු බැවින් සම්මානය බස්‌ රථයක දමා ගිය බවයි. එම සම්මානය තමන් විකිණීමට උත්සහ නොකළ බවද සැකකරුවන් විසින් ප්‍රකාශ කර තිබෙනවා .

මෙම ගැට කපන පස්‌ දෙනාගේ කල්ලිය වසර 35 ක්‌ තිස්‌සේ දේපළ සොරා ගැනීමේ හා බස්‌ රථවලදී පොකට්‌ ගැසීමේ නිරත වී ඇතැයි ප්‍රශ්න කිරීමේදී හෙළි වූ බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ zදිවයිනZට පැවසීය.

තමන් සොරා ගත් දේපළ ප්‍රමාණය කොතෙක්‌දැයි අමතක බව සැකකරුවන් පවසා ඇත.

"අපි පස්‌ දෙනා තැන් තැන්වලට බෙදිලා යනවා. ප්‍රසිද්ධ අයගේ මළ ගෙයක්‌ දැක්‌කොත් එක්‌ තැනකට සෙට්‌ වෙනවා. පස්‌සේ අපි ඒ ගෙදරට ගිහින් වටිනා දේවල් ගැන ඔත්තු බලලා එනවා. ඊට පස්‌සේ යළිත් ගිහිල්ලා තමයි වටිනා දේවල් හොරකම් කරන්නේ.

අපි මඟුල් ගෙවල්වලට, බණ ගෙවල්වලට, ප්‍රසිද්ධ රැස්‌වීම්වලට ගිහින් පොකැට්‌ ගහලා තියෙනවා. 

ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මහතාගේ නිවසට ත්‍රීවීල් එකකින් ගිහිල්ලා තමයි අපි සම්මානය හොරකම් කළේ. ඒ ගෙදර කාමරයක තිබුණ හෑන්ඩ් phone එකකුත් ඉස්‌සුවා. ඒක අපි නාවලපිටියේ phone කඩයකට විකුණුවා. අපි රස්‌සාවක්‌ කළේ නැහැ. මේක අපි විනෝදෙටයි කළේ" යෑයි සැකකරුවන් පොලිසියට ප්‍රකාශ කළ බවද එම නිලධාරියා කීය. 

ධනවත් පුද්ගලයන්ගේ අවමඟුල් උත්සවලට පැමිණ කලබල අවස්‌ථාවල නිවෙස්‌වල ඇති වටිනා දේපළ සොරා ගැනීම මොවුන් වෘත්තිය ලෙස කරගෙන ගොස්‌ ඇත. සුගතදාස ක්‍රීඩාංගණය පෙරෙයිදා (06 දා) පැවති එක්‌සත් ජාතික පක්‍ෂ මැයි රැලියට සහභාගි වන ධනවත් පුද්ගලයින්ගේ මුදල් පසුම්බි සොරාගැනීමට තමන් සැලසුම් කරගෙන සිටි බවද අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස්‌ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇත.
මෙම සැකකරුවෝ සිව්දෙනා කඩුවෙල, මතුගම, නාවලපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව කියවේ.. මොවුන් දීර්ඝ කාලයක සිට ගැට කැපීම සිය වෘත්තිය ලෙස කරගෙන ගොස්‌ ඇති බවත් සදහන්.



මේ පිළිබඳව බම්බලපිටිය පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක අශෝක වීරක්‌කොඩි මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‌ෂක අජිත් මෙත්තානන්ද මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ සැරයන් ගමගේ (524), පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන අතුල (55554), ධනුක (68896), වාසල (71141), වීරසිංහ (89081) යන නිලධාරීන් සහ කොල්ලුපිටිය පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක ප්‍රියදර්ශන සිල්වා මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක නිලන්ත මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ සැරයන් ඒකනායක (8594), පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන සනත් (37060), ජයසිංහ (88848), සුදීර (77424) යන නිලධාරීහු වැඩිදුර පරීක්‌ෂණ සිදු කරති.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements