Featured News

Video Gossip

Advertisement

මේනකා මධුවන්ති දැන් 
මේනකා ගාර්දි වෙනවලු

මේනකා මධුවන්තිගේ ජීවිතේ වෙනස්‌කම් රැසක්‌ සිද්ධවෙලා කියලා අපිට ආරංචි රැසක්‌ ලැබුණා. ඒ කතාවල ඇත්ත නැත්ත අපි මේනකාගෙන්ම අහලා බලමු. ඔය අතරේ අනෝරා හින්දා මේනකා පිරිමියෙකුත් වෙලා. අනෝරා ගැනයි පෙම්වතා ගැනයි වගේම නම වෙනස්‌ කළේ ඇයි කියලත් අපි ඇයගෙන් විමසුවා.


මේනකා මේ දිනවල ගොඩක්‌ බලාපොරොත්තු තියාගෙන ඉන්නවා කියන්නේ ඇත්තද?

මම රඟපෑ අනෝරා චිත්‍රපටය නුදුරේදීම තිරගතවෙනවා. මම ගොඩක්‌ බලාපොරොත්තු තියාගෙන හිටපු චිත්‍රපටයක්‌. මොකද වෙනස්‌ම ආරයේ චිත්‍රපටයක්‌ කරන්න ලැබුණා.

අනෝරා හින්දා මේනකා පිරිමියෙක්‌ වුණාලු නේද?




චිත්‍රපටවල පිරිමි ළමයෙක්‌ ගැහැනු ළමයෙක්‌ වෙන චරිත අපි දැකලා තියෙනවා. ගැහැනු ළමයෙක්‌ පිරිමි කෙනෙක්‌ වෙන එක ටිකක්‌ අමුතු කතාවක්‌. මමත් තවම චිත්‍රපටය නැරඹුවේ නැහැ.

මේනකා පිරිමියෙක්‌ වුණ අභියෝග කොහොමද භාරගත්තේ ?

ලෙහෙසි පහසු දෙයක්‌ නෙමෙයි. චරිත දෙකක්‌ නිරූපණය කරන්න ඕනෑ. කොහොමද එවැනි චරිතයකට මුහුණදෙන්නේ. පිරිමි කෙනෙක්‌ වුණාට පස්‌සේ කොහොමද ජීවත්වෙන්නේ කියන අභියෝගය ජයගැනීමට ලොකු මහන්සියක්‌ ගන්න සිද්ධවුණා.

මේ චරිතය හින්දා මඩ ගැසීම්වලට මුහුණදෙන්න වෙයි නේද?

මඩගැසීම් කියන දේ අපි මේ ක්‍ෂේත්‍රයට එනකොටම තේරුම් අරගෙන තිබුණ හින්දා ප්‍රශ්නයක්‌ නැහැ. මොකද ජීවිතයේ හොඳ දේවල්ම විතරක්‌ බලාපොරොත්තු වෙන්න බැහැ. මට ලැබුණ චරිතය කළා. එච්චරයි.

ඒ වගේ දෙයක්‌ වුණොත් මුහුණදෙන්නේ කොහොමද?

මඩගහන කෙනා මට මඩගහලා හරි බඩපුරවාගන්න එකට සතුටුයි.

අධ්‍යක්‍ෂවරයා ඔබේ රඟපෑම ගැන මොකද කිව්වේ ?

ඇත්තටම මේ චරිතයට අධ්‍යක්‍ෂවරයා ගොඩක්‌ නිළියන්ට කතා කරලා තිබුණා. අධ්‍යක්‍ෂවරයා මාව චරිතයට තෝරාගත්තට පස්‌සේවත් සෑහීමකට පත්වුණේ නැහැ. නමුත් ඇත්තටම මේ වෙලාවේ මතක්‌ කරන්න ඕනෑ අධ්‍යක්‍ෂවරයාගේ බිරිඳ.

ඇයි ඒ ?

ස්‌ක්‍රීන් ටෙස්‌ට්‌ එකට ගියාට පස්‌සේ තමයි මාව තෝරාගෙන තිබුණේ. දෙවැනිවර මට කතා කළේ අධ්‍යක්‍ෂවරයාගේ බිරිඳයි. ඒ වෙලාවේත් අධ්‍යක්‍ෂවරයා සෑහීමකට පත්වෙලා තිබුණේ නැහැ. පස්‌සේ නිර්මාණය රූගත කරලා අවසන් වුණාට පස්‌සේ තමයි මේ වැඩේ හොඳට කරලා තියෙනවා කියලා කිව්වේ.

මේ දවස්‌වල වැඩිය පේන්න නැත්තේ ඇයි ?

නිතරම ඒකාකාරී චරිත ලැබෙන පුංචි තිරයෙන් පොඩ්ඩක්‌ පිටිපස්‌සට වුණා.

පුංචි තිරයෙන් මේනකා විරාමයක්‌ ගත්තා ?

විරාමයක්‌ කියන්න බැහැ. මට ලැබුණ චරිතය ගැන සෑහීමකට පත්වුණේ නැහැ. මම හිතන්නේ ඒකෙන් මට ලොකු වාසියක්‌ ලැබුණා.

මොකක්‌ද ඒ වාසිය ?

පුංචි තිරයෙන් දුරස්‌වුණාට සිනමාවට සම්බන්ධ වෙන්න ලැබුණා. සිනමාවේ හොඳ චරිත කිහිපයක්‌ම ලැබුණා.

මේනකා දැන් පෙම්වතියක්‌ කියලත් ආරංචියි ?

(සිනාසෙමින්..) ආරංචිද?.

පෙම්වතා ගැන මාධ්‍යයට කියන්න අකැමැතිද?

විවාහයෙන් පසුව මාධ්‍යයට කියනවා. විවාහය කියන තැනට ආවාට පසුව මාධ්‍ය ඒ කාරණාව ගැන හරියටම දැනගනීවි. එතකම් නිශ්ශබ්දතාව ගොඩක්‌ වටිනවා කියලා මට හිතනවා.

විවාහ උත්සවය ළඟදීම ගන්නවානේද?

ඔව්. වෙන්න පුළුවන්.

ඒ කියන්නේ විවාහය ළඟදීම සිදුවෙනවා කියන එකනේ ?

විවාහය ළඟදී සිද්ධවේවි. ඒක සුදුසු වෙලාවට තමයි සිද්ධවෙන්නේ.

දැන්ම විවාහ වෙන දවස කියන්න බැරි ඒකට අකුල්හෙලන අය ඉන්නවා කියන එකද?

මම හිතනවා විවාහය කියන දේ අඬබෙර ගහන්න වුවමනා දෙයක්‌ නෙමෙයි. ඒක මගේ ජීවිතය පිළිබඳ දෙයක්‌නේ. ඉතිං මම ඒ තීරණය හරි වෙලාවට ගන්න එක තමයි කරන්න තියෙන හොඳම දේ. ඒ ගැන හරි වෙලාවට මගේ ප්‍රේක්‍ෂකයන්ට දැනගන්න ලැබේවි.

විවාහයෙන් පසුව රඟපෑමට සමුදෙනවාද?

අපොයි නැහැ. මට එහෙම තහංචියක්‌ නැහැ. හොඳ නිර්මාණවලට දායක වෙන්න අවස්‌ථාවක්‌ ලැබුණොත් තනිකඩව හිටියාට වඩා හොඳින් දායක වෙනවා.

මේනකා මධුවන්ති නමත් වෙනස්‌ කළානේද?

නම වෙනස්‌ කළේ නැහැ. මගේ නමේ තිබුණ වාසගම පාවිච්චි කරන්න පටන්ගත්තා.

දැන් මේනකා මධුවන්ති නෙමෙයි. මේනකා ගාර්දි. එහෙමද?

ඔව්. දැන් මම මේනකා ගාර්දි. මම කැමැතියි එහෙම හඳුන්වනවාට.

ඇයි මේ හදිසියේම එහෙම කරන්න හිතුවේ ?

මම පෞද්ගලිකවම ඒ නමට කැමැතියි.

මේනකා ගාර්දි කියලා නම දාන්න කියලා චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයාටත් කිව්වා නේද?

මම කරපු හැම නිර්මාණයකටම දැන් නම දාන්නේ මේනකා ගාර්දි කියලා.

නම වෙනස්‌ කිරීම පාඩුවක්‌ නේද?

මම හිතන්නේ නැහැ පාඩුවක්‌ කියලා. මොකද පාඩුවක්‌ වෙන්නේ ඒ නම හරි නැතිනම් නේ. මම හිතන්නේ ඒ නම හොඳයි කියලා.

දිනේෂ් විතාන

ඡායාරූප - දීපාල් ගෝමස්‌

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements