Featured News

Video Gossip

Advertisement

මියුසික් වීඩියෝ ගණනාවක හිටපු
වෙළද දැන්වීමිවල රග‍න
දර්ශනට ආදරවන්තියක් හොයනවලු


කලාව කියන්නේ දිනෙන් දින වෙනස්වෙනවා වගේම අලුත් වෙන දෙයක්.ඒ වෙනසත් එක්ක වැඩ කරද්දී ජීවිතේට ලැබෙන අභියෝගත් විවිධාකාරයි.තමන්ට ලැබෙන අභියෝග ඉතාමත් සතුටින් බාරගෙන සාර්ථකව ඒවාට මුහුණ දෙමින් කලා ක්ෂේත්‍රය තුල තමන්ටම කියලා වටිනාකමක් ගොඩනගාගන්න උත්සහ කරන ආදරණීය යෞවනයෙක් සමගයි gossip99 අද අපේ කතාබහ

.ඔහු නමින් දර්ශන මුණසිංහ.තාත්තයි,අම්මයි, මල්ලියි එක්ක දර්ශනගේ පදිංචිය මාතර.

මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයෙනුත්,මාතර රාහුල විද්‍යාලයෙනුත් අකුරු කරපු දර්ශන මේ වනවිට BMS ආයතනයේ business management මාස්ටර් ඩ්‍රිග්‍රිය කරන බව තමයි ආරංචිය.

ඒ වගේම ඔහු softlogic ජීවිත රක්ෂණ ආයතනයේ අලෙවි කළමනාකරුවෙකු වශයෙන් වසර හයක සිට සේවය කරන බවත් දැනගන්නට ලැබුණා.

දර්ශන කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ඔහුගේ මිතුරියකගෙන් ලැබුණු ආරාධනාවක් මතලු.ඒ අනුව දර්ශන රංගනයෙන් සම්බන්ධ වුණු ඔහුගේ පළවෙනි මියුසික් වීඩියෝව තමයි කසුන් කල්හාරගේ "අම්මා" කියන්නේ.

ඊට අමතරව ඔහු මේ වනවිට "dialog","කොත්මලේ","laff oil","ශනිදා වාසනා ලොතරැයි" ආදී වෙළද දැන්වීම් ගණනාවක් තුලින් ප්‍රේක්ෂකයන් තුල මතකසටහනක් බවට පත්වෙලා තියෙනවා.

කලා ක්ෂේත්‍රය තුල සිටින හැමදෙනාම ඔවුන්ටම ආවේණික වූ හැකියාවන්ගෙන් පිරිපුන් වීම මත කලා ක්ෂේත්‍රයේ සියලුම දෙනා දර්ශනගේ ජීවිතේ වීරවරු වන බව තමයි කිව්වේ.

ඒ වගේම ඔහුගේ මේ දක්වා වූ කලා ගමන තුල අමතක නොවෙන සිදුවීම් මහ ගොඩක් තියෙනවලු.ඒ අතරින් මෑතකදි රූගතකිරීම් කල 'ශනිදා වාසනා ලොතරැයි'දැන්වීමට දර්ශනට ආරාධනා ලැබුණත් රැකියාවේ කාර්යබහුලත්වයත් සමග ඔහුට ඒ සදහා සහභාගී වීමට හැකියාවක් නොලැබුණු අතර එහිදි දිගින් දිගටම එම වෙළද දැන්වීමට ඔහුට සහභාගී වන ලෙස ලොතරැයි මණ්ඩලයේ සභාපතිතුමාගෙන් ඉල්ලීම් ලැබීම කිසිම දිනක එය අමතක නොවෙන බව මතක්කලා.

කලා ගමන තුල දර්ශනට අතහිත දුන් බොහෝ පිරිසක් ඉන්නවලු.ඒ සියලුම දෙනාම ඔහු ඔහුගේම වචනයෙන් මෙන්න මෙහෙම මතක්කලා."මං අද ඉන්න තැනට එන්න මට මූලික අඩිතාලම දැම්මේ මගේ අම්මයි තාත්තයි.විශේෂයෙන්ම මගේ අම්මා තමයි අදටත් උදේට මට ගැලපෙන ඇදුම පවා තෝරලා දෙන්නේ.

ඉතිං මගේ දෙමව්පියන්ට මං ගොඩක් ආදරෙයි.ඊට අමතරව පළමු මියුසික් වීඩියෝව සදහා මාව යොමු කල කේෂලා සේනානි ඇයටත්, මට වචනයකින්හරි උදව් කරපු සියලුම දෙනාටත් මං මගේ හදවතින්ම ස්තූතිවන්ත වෙනවා."

මේ කතාබහ අතරතුරේදී ආදරේ ගැනත් පළමු ප්‍රේමය ගැනත් දර්ශනගෙන් අහන්නත අපි අමතක කලේ නෑ.දර්ශන දකින විදියට ආදරේ කියන්නේ සංකීර්ණ දෙයක් වගේම විශවාසය රදා පැවතුන තැන ආදරේ ගොඩක් සුන්දර වෙනවලු.

ඒ වගේම ඔහුගේ පළමු ආදරේ පාසල් කාලයේදි පටන් ගත්‍ත බවත් ඒ මතකයන් හරිම සුන්දර බවත් කිව්වා.

ම්ම්ම් දැනටම් දර්ශන ආදරවන්තයෙක් නෙවෙයිලු ඔන්න.අනාගත සහකාරියගෙන් ඔහු බලාපොරොත්තු වෙන්නේ 100% විශ්වාසය තියෙන ඔහුගේ ළගින්ම ඉදන් ඔහුගේ සියලුම කටයුතු වලට ශක්තියක් වියයුතු බවත් තමයි.ඔන්න කෙල්ලනේ ඔයාලටත් chance එකක් තියෙනෝ.දැන්ම apply කරලා බලන්න.

දර්ශනගේ අනාගත බලාපොරොත්තුව වුණේ ඉදිරි කලා ක්ෂේත්‍රයේ තරුත් අතර වැජඹෙන තරුවක් වීමත් තමන්ට ආවේණික හැකියාවන් තුලින් කලාවට සාධාරණයක් ඉෂ්ට කිරීමත් තමයි.ඉදිරියේදී කලා ක්ෂේත්‍රයට පිවිසෙන නවකයින්ට දර්ශනගෙන් ලැබුණු පණිවිඩය තමයි අන් අයට බාධාවක් නොවී තමන් කරන දේ නිවරදිව කරන්න උත්සහ ගතයුතු බව.

අවසාන වශයෙන් දර්ශන කිවිවේ ඔහු මේ දිනවලදී රැකියාවේ කටයුතුත් රූගතකිරීම් කිහිපයකුත් සමග කාර්යබහුල බව.ඉතිං එහෙනම් දර්ශනගේ සියලුම අනාගත බලාපොරොත්තු සාර්ථක වෙන්න කියලා gossip99 අපිත් සුභපතනවා.

ඔන්න ඔයාලටත් දර්ශනව අදුරගන්න මෙන්න නොම්බරේ 0718265028

කවී
ගොසිප්99






gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements