Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

ඇඹිලිපිටියේ ඉදන් කොළඹ ඇවිත් 
ලංකාවම හොල්ලපු "ගනයා"ගෙ
සහකාරි හුරතල් ලස්සන
කෙනෙක් වෙන්න ඕනිලු

Dream star කියන්නේ  මගෙ ජීවිතේ හැරවුම් ලක්ෂය


Dream Star season 7 තරගාවලියේ වේදිකාව කළඹවමින් බහුතරයක් වූ රසිකාවියන්ගේ හදවත් වල සිහින කුමරා වුණු ඒ දගකාර යෞවනයා එක්කයි gossip99 අද අපේ chat එක. ඔහුව අපි කවුරුත් අදුරන්නේ "ගනයා" විදියට උනත් ඔහු නමින් ප්‍රමෝත් ගනේආරච්චි.

ඉතිං කොහොමද ප්‍රමෝත් ජීවිතේ,

ජීවිතේනම් හොදින් ගෙවිලා යනවා.


ගම් පළාත,පවුලේ විස්තර චුට්ටක් මතක්කරමුද?

මගේ ගම ඇඹිලිපිටියේ කොළඹගෙආර.පවුලේ ඉන්නේ තාත්තයි,අම්මයි,අයියයි,මල්ලියි.


Dream star තුලින් දුරගමනක් යන්න ප්‍රමෝත්ගේ පාසල තුලින් ලොකු ශක්තියක් ලැබුණු බව ආරංචියි.ඉතිං පාසල ගැනත් කියමු,
ඇත්තටම මගේ පාසල් වලින් මට ලැබුණු ශක්තිය ගොඩක් වටිනවා.ඒ අතර මගේ මුල්ම පාසල තමයි කොළඹගෙආර මහා විද්‍යාලය.ඊට පස්සේ ගොඩකවෙල කුලරත්න මධ්‍ය විද්‍යාලයත්, ඇඹිලිපිටිය මහා විද්‍යාලයත් ඉතාමත් ආදරයෙන් මතක්කරන්න ඕනි.

Dream star කියන්නේ ප්‍රමෝත්ගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය කිව්වොත් නිවරදියි.ඉතිං ඒ අත්දැකීම ගැන මතක්කොලොත්,
Dream star අත්දැකීම ගැන කිව්වොත් අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ විදපු ලස්සන සුන්දර මතක ගොඩක් සහ අත්දැකීම් ගොඩක් ලබාගත්ත කාල සීමාවක්.ඒ අත්දැකීම මාව ගොඩනැගුවා.

මේ වෙද්දි ප්‍රමෝත් ඔබගේම ගීත තුලින් ප්‍රේක්ෂක ආකර්ශනයක් දිනාගෙන තියෙනවා නේද?ඉතිං අලුත් ගීතෙට කොහොමද ලැබෙන ප්‍රතිචාර?
මේ දවස්වල මගේ පළමු නිර්මාණය වූ "අප්පච්චි"ගීතය you tube සමාජ ජාලය තුල සහ fm නාලිකා තුල යම් ගුණාත්මක රසවින්දනයක් බෙදාහරිමින් තිබෙනවා.මේ ගීතයේ පදරචනය වගේම තනුවත් මගේම වීම මට සතුටක්.මොකද මේ ගීතය මගේ හිතේ ඇදිලා තිබුනු රූප කිහිපයක එකතුවක්.ඒ වගේම මේ ගීතය ප්‍රේක්ෂකයන්ට මං තෑගි කලේ මගේ අප්පච්චිගේ උපන්දිනය දවසේ වීම ගොඩක් විශේෂයි.ගීතයට ලැබෙන ප්‍රතිචාර ඉතාමත්ම ඉහලයි.

මේ වෙද්දී ප්‍රේක්ෂකයන් ප්‍රමෝත්ව අදුරන්නේ ගායකයෙකු විදියට විතරක් නෙමෙයි.දැන් ප්‍රමෝත් නළුවෙක්.ඒ ගැනත් කියමුකෝ,
රගපෑම ගැන පුංචි කාලේ ඉදන් කැමැත්තක් ආසාවක් තිබුණා.රංගන ක්ෂේත්‍රයට පිවිසීම සැබෑවීම අහම්බෙන් සිදුවුණු දෙයක්.මට ඒ අවස්ථාව ලබා දුන්නේ දෙරණ ආයතනය.ඒ ගැන විශේෂයෙන් මතක්කරන්න ඕනි.දෙරණ films හරහා තමයි මං මුලින්ම රංගනයට එන්නේ.මුල්ම නිර්මාණය තමයි "සසල". දෙවෙනි නිර්මාණය " හෘදසාක්ෂිය" කියන කෙටි චිත්‍රපටය.

මේ දක්වා කලා ගමන තුල අමතක නොවෙන සිදුවීමුත් ඇති නේද?
ගෙවුණු කාලසීමාව අතරේ සිදුවුණු හැමදේම මතකයි.ඒ හැමදේම මගේ ජීවිතේ විශේෂයි.

කලා ගමන තුල ඔබට ශක්තියක් වුණු පිරිසකුත් ඇති.ඒ ගැනත් මතක්කොලොත්,
ප්‍රමෝත් ගනේආරච්චි කියන චරිතය ගොඩනැගුනේ dream star season 7 හරහා.තරගයේ සිටිය කාලය තුල මගේ පිටිපස්සේ හිටපු මගේ අම්මා,අප්පච්චි,අයියා,මල්ලි ඇතුළු නෑදෑයෝ සියලුම දෙනාවත්,බිසෝකොටුව කියන මගේ ලස්සන පුංචි ගම සහ මගේ පාසල් තුන ඇතුළු ශ්‍රී ලංකා සහ විදෙස් රටවල සිටින මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට හදවතින්ම ස්තූතිවන්ත වෙන්න ඕනි. ඒ වගේම රංගනය පැත්තෙන් මගේ මුල්ම ගුරුතුමා දිලූක ගුණතිලක අයියා ඇතුළු මං රංගනයෙන් දායක වුණු නිර්මාණ දෙකෙහිම තිරය පිටුපස සිටි සියලුම දෙනාවත් ආදරයෙන් මතක්කරනවා.


ආදරේ ගැනත් අපි ටිකක් කතාකරමු.ප්‍රමෝත් ආදරේ ගැන මොනවද හිතන්නේ?
මෙහෙමයි,ආදරය කියන දේ හරිම සුන්දර හැගීමක්.මං ඒක හොදට දන්න විදින දෙයක්.මොකද මට ප්‍රේක්ෂකයන්ගේ ආදරේ නොඅඩුව ලැබෙනවා.ඇත්තටම කෙනෙක් අපිට ආදරය කරද්දි අපිත් ඒ අයට ආදරයයි ගරුත්වයයි දෙද්දී හැමෝම කියනවා වගේ ඒක ඇත්තටම සුන්දරයි තමයි.

ම්ම්,එතකොට ප්‍රමෝත් කියන්නේ මේ වෙනකොට ආදරවන්තයෙක්ද?
අපෝ තව ඒකට කල් තියෙනවනේ...අහපු නිසා ඒකට උත්තරයක් දෙන්නම්.හරිම සරලයි මට තාම පෙම්වතියක් නෑ..

එතකොට ප්‍රමෝත්ට පළමු ප්‍රේමයක් සහ හිතට දැනුණු ප්‍රේමයක් නැද්ද?
ම්ම්ම්,හැමෝටම වගේ මටත් තියෙනවා පුංචි කාලේ මතකයක්.හැබැයි ඒක ආදරයමද කියන්න දන්නේ නෑ.ඒත් ඒ හැගීම හරිම සුන්දරයි.ආදරයකට වඩා ඒක කැමැත්තක් වෙන්න ඇති.කොහොමහරි ඒ අපි චූටි කාලේ.

ඒ කියන්නේ ප්‍රමෝත් මේ වෙද්දි ආදරවන්තයෙක් නෙමෙයි.ඔන්න කෙල්ලනේ ඔයාලටත් chance එකක්.දැන්ම apply කරන්නෝ. එතකොට ප්‍රමෝත් හිතන විදියට අනාගත සහකාරිය මොනවගේ වෙන්න ඕනිද?
ආදරය කියන දේ රදාපවතින්නේ විශ්වාසය, අවබෝධය සහ ආදරය කරන කෙනාව තේරුම් ගැනීම වගේ දේවල් එක්ක. ඉතිං ඒ දේවල් අනිවාර්යෙන්ම තියෙන්න ඕනි.ඒ වගේම හුරතල් ලස්සන කෙනෙක් වෙන්නත් ඕනි.

අවසාන වශයෙන් කියමුකෝ එහෙනම් මේ දවස්වල මොකද කරන්නේ?
මේ දවස්වල සුපුරුදු පරිදි කාර්යබහුල වෙලා ඉන්නේ.සංගීත ප්‍රසංග වලට සහභාගී වීම සහ අධ්‍යාපන කටයුතුත් සමග.ඊට අමතරව රංගන කටයුතු සහ නිරූපණ කටයුතු වල නියලිලා ඉන්නවා.ඉදිරියට ඒ ගැන දැකබලා ගන්න පුලුවන්.

ඉතිං එහෙනම් ප්‍රමෝත්ගේ සියලු අනාගත බලාපොරොත්තු සාර්ථක වෙන්න කියලා gossip 99 අපිත් සුභපතනවා.

කවී
ගොසිප්99











gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook