Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

“මට මිහි මත දෙවිවරුත්
 පේ‍්‍රත භූත යක්කුත් මුණගැහිලා තියෙනවා”
ජැකාගේ පොඩි දෝනි කියන කතාව

ඇත්තද මාධවීගේ ජීවිතේ වෙනසක් වෙන්න යනවා කියන්නේ?
නෑ. ජීවිතේ ගඟක් වගේ ගලාගෙන යනවා. මුහුදට වැටෙනවා. වාෂ්ප වෙනවා. ඝනීභවනය වෙනවා. ආයෙ වහිනවා. ගඟක් වෙනවා, ඉතිං ගලනවා. අවස්ථා වෙනස් වුණත්, ස්වරූපය වෙනස් වුණත් ජීවිතේ පවතිනවා.

විශ්ව සැලැස්ම අනුව සියල්ල කාලෝචිතව සිදු වෙනවා. අපිට ඕන පිළිවෙළ නෙවෙයි නියම පිළිවෙළ. එක ජීවිතයක් කියන්නෙත් තව දිග කතාවක එක පරිච්ඡ්දයක් විතරයි. මම ඒ සමස්ත කතාව ගැනයි හිතන්නේ.



දැන් හිතනවද ජීවිතේට ගැළපෙනම කෙනා මුණගැහුණා කියලා?

අනේ එහෙම විනිශ්චය කරන්න මම කවුද? වැදගත් වෙන්නෙ ගැළපෙන කෙනෙක් නෙවෙයි. ඇත්තටම සහයෝගෙන් ඉන්න කෙනෙක් යන අය කොයි තරම් ගැළපුණත් පලක් නෑ. ඉන්නවා නම්, ගළපගෙන ඉන්න එකට තමයි ජීවත් වෙනවා කියන්නෙ. කවුරුත් සර්ව සම්පූර්ණ නෑ. අපි එකට ඉන්නෙ ඔක්කොම ගැළපෙන අය එක්කද? අපේ දෙමාපියන් සහෝදරයන් අපිට හොඳටම ගැළපෙනවද? නෑ. ඒත් අපි ඉන්නවා නේද?

ඒකටයි තමුන්ගෙකම කියන්නෙ. ඒක ඇතිවෙන්න ඕනෙ. ඇතිකරන්න බෑ. අපි කැමැත්තෙන් තෝරගන්න එකම නෑයා තමයි ස්වාමිපුරුෂයා හෝ භාර්යාව. ඒත් එහෙම වෙන්නෙත් ඒක පුරුද්දක් නිසා. සංසාර පුරුද්දක් නිසා. ඒක හොඳ පුරුද්දක් නම් අපි සතුටින් ඉඳියි. එච්චරයි. කාටවත් ජීවිතේට පුරෝකථන දෙන්න බෑ. ඒත් අද මම සැනසීමෙන්.

ආදරය හිතන තරම් සුන්දර නෑ කියන්නේ ඇත්තද?
නෑ. ආදරය තියෙනවා නම් සුන්දරයි. ඒකපාර්ශ්වික පේ‍්‍රමය මම විශ්වාස කරන්නෙ නෑ. ආදරේ කරන්න පාර්ශ්ව දෙකක් ඉන්නම ඕනෙ. නැත්නම් ඒක සම්පූර්ණ වෙන්නෙ නෑ.

ඉතිං ආදරේ කරද්දි ඇතිවෙන ගැටුම්, වැටුම් පවා සුන්දරයි. එකිනෙකාගෙ අඩුපාඩු පවා තේරුම් අරන් ඒවාටත් ආදරේ කරන එකටයි නියම ආදරේ කියන්නේ. ශුද්ධ බයිබලයේ එන පේ‍්‍රම පාරමිතාව අනුව දෙදෙනාම ආදරේ කරනවා නම්, ඒක සුන්දරයි.

අතීතය ලේසියෙන් අමතක කරන්න පුළුවනිද?
ඇයි අමතක කරන්නෙ? මම පුරාවිද්‍යා විශේෂවේදී උපාධියක් ගත්තු කෙනෙක්. මම අතීතය අමතක කරන්න නෙවෙයි ඉගෙනගත්තෙ. අතීතයෙන් ඉගෙනගන්නයි මම දන්නෙ. ඒ වගේම උගන්නන්නත් මම දන්නවා.

කොහොමද ඔහුව මුණගැහෙන්නේ ?
එයාගෙ හොඳම යාළුවා සංගීත් ඉද්දමල්ගොඩ. මගෙ යාළුවා චන්දීප ජයකොඩි. අපි දෙන්නම චන්දීපගෙ උපන්දිනේට ගියා. එතැනදි මාව දැකලා එයාට හිත ගියාලූ. මම ජනප‍්‍රිය කෙනෙක් කියලාවත් එහෙම විශේෂ පවුලක් නියෝජනය කරන බවවත් දැනන් හිටියේ නෑ. ඊට පස්සෙ අපි යාළුවො විදිහට කතාබහ කළා. ඒත් කාලෙකට පස්සෙ එයා මට කැමැත්ත ප‍්‍රකාශ කළා. මම කැමති වුණේ නෑ.

මං කිව්වා අප්පච්චිගෙන් අහන්න කියලා. එයා අකැමති වුණොත් මට වෙන විකල්පයක් නෑ කියලා. මං හිතුවෙ නෑ එයා අහයි කියලා. ඒත් කෙළින්ම ගිහින් මුණගැහුණා අප්පච්චිව. එයා හරිම ප‍්‍රියමනාප කෙනෙක්. අප්පච්චි කියන්නෙ මිනිස්සු දැනෙන කෙනෙක්. එයා එදා මිලාන්ව අඳුනගත්තා. හරි කැමති වුණා. විශේෂයෙන්ම එයා මාව තේරුම් අරන් ඉන්න විදිහට සහ මම එයා නිසා විඳින සතුට, නිදහස සැනසීම දැකලා එයා සතුටු වුණා.
ඔහුගේ මොන ගතිගුණවලටද මාධවී කැමති වුණේ?
ඒ හිනාව මට දැනුණා. පිරිසිදු හිත, අවංක බව, මිත‍්‍රශීලී ගතිය, නොපසුබට උත්සාහය, වගකීම් සහගත බව සහ රොමාන්තික වින්‍යාසයේ හුරුබුහුටිකම් මම දැක්කා.



අම්මගේ අප්පච්චිගේ ආශීර්වාද ලැබුණද?

අනේ ඉතිං ඒ දෙන්නා තරම් මගෙ ගැන දන්න වෙන කව්ද ඉන්නෙ? මගෙ සතුට කොතැනද, එයාලාගෙ ආශිර්වාදය එතැන. අනික මිනිස්කම් ගැන හොඳ ඉවක් මගෙ අප්පච්චිට, අම්මට තියෙනවා. මං වගේම එයාලත් ඒක හඳුනගත්තා.

ජීවිතේ තීරණ ගනිද්දී දැන් දෙපාරක් හිතනවාද?
හැමදාම හිතුවා. මට මිහි මත දෙවිවරුත්, පේ‍්‍රත භූත යක්කුත් මුණගැහිලා තියෙනවා. ආදරේ දඩමීමා කරගෙන රැුවටීමෙන් කූට ලෙස ව්‍යාපාර ගොඩනගාගත් අය, බොරුව අවියක් කරගෙන ගොඩ වඩාගන්න තනපු තණ්හා ඇති අය, බොරු අසරණකම් පෙන්වමින් ගසාකෑම් කළ අය මම දන්නවා. ඒ වගේම පණ දෙවැනි කර රකින, සතුට දැක සතුටු වෙන, දුක දැක දුක් වෙන සහෘදයින් මට මුණගැහුණා.

ඒ ඒ අවස්ථාවලදී කාටත් හොඳ තීරණ ගත්තේ හොඳට හිතලා තමයි. වෙලාව, ලැබීම අනුව ඒවා පල ගෙනාවා. කොහොම වුණත් මම කාටවත් වෛර කරන්නෙ නෑ. මට වැදගත් වෙන්නෙ මගෙ ක‍්‍රියා පිළිවෙත් පමණයි. ඔවුන් කරගත්තු දේ ඔවුන් රැුස්කරන් ගෙනියාවි.



තවම මාධවී ඉගෙන ගත්තට හරියන රස්සාවක් හොයනවද?

නෑ. අට පහ රස්සාවක් කරන්න මට වුවමනාවක් නෑ. මම කථිකාචාර්යවරියක්. මම පූරකවරියක්. රූපවාහිනී නිවේදිකාවක්. රංගන ශිල්පිනියක්. ගායිකාවක්. පර්යේෂිකාවක්. මට මීට අමතරව තවත් රස්සාවල් කරන්න වෙලාවක් නෑ.

තාත්තගේ නිර්මාණවල විතරක් මාධවී වැඩිපුර දකින්නේ ඇයි?
අනේ දන්නෙ නෑ. හුඟක් අය එහෙම වැරදි පූර්ව නිගමනයකට ඇවිත් ඉන්නවා. මමවත් අප්පච්චිවත් ඒක දන්නෙ නෑ. මම කැමතියි නිර්මාණවලට දායක වෙන්න. මාව ගැළපෙන මට ගැළපෙන ඕනම නිර්මාණයකට මම කැමතියි.

මේ දවස්වල කලා තොරතුරු?
අලූත් ගීත නිර්මාණ දෙකක් සම්බන්ධයෙන් කටයුතු කරමින් ඉන්නවා. හිරු ටීවී නිවේදන කටයුතු සතිපතා කෙරෙනවා. රංගන කටයුතු නම් මේ දිනවල කෙරෙන්නෙ නෑ.

තිළිණි කරුණාරත්න

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook