Advertisement

ඉදිරි සියළු මැතිවරණවලට පොහොට්ටුව යටතේ..- පොදුජන පෙරමුණ කියයි
ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරග කරනු ලබන්නේ පොහොට්ටුව ලකුණින් බවත් වෙනත් කුඩා පක්ෂයක් යටතේ තරග කිරීමට සූදානම් නොමැති බවත් එම පෙරමුණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පවසයි.


ජනතාව විසින් පොදුජන පෙරමුණ ගැන තබා ඇති විශ්වාසය කිසි ලෙසකින් කඩ නොකරන බව සදහන් කරන ලේකම්වරයා ඉතිහාසයේ කිසිදා ප්‍රධාන පක්ෂයක් කුඩා පක්ෂයක් යටතේ තරග කර නැතැයිද කියා සිටී.

ඒ ආකාරයෙන් තම පක්‍ෂය යටතේ තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකියාව ඇති බවත් ඒ සදහා සන්ධානගත වීමට සාකච්ඡා කළ හැකි යයිද ඔහු කියයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements