Advertisement

කොළඹ මහානාම විද්‍යාලයට වසර හැටපහක් සැපීරිම නිමිත්තෙන් පැවති සංඝගත දක්ෂිණාවට වැඩම කළ ස්වාමින්වහන්සේලා අතර එම විද්‍යාලයේම අධ්‍යාපනය ලබමින් සිට පැවිදි දිවියට ඇතුලත් වූ කුඩා හිමිනමකගේ ඡායාරූපයක් මේ වන විට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනාගේ අවදානයට යොමුව තිබෙනවා.



එම කුඩා හිමිනමගේ සහෝදරයාද කොළඹ මහානාම විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අතර උන්වහන්සේ පාසලට වැඩමකළ අවස්ථාවේ සිය සහෝදරයා සමඟ කතා කරමින් සිටින ආකාරය එම ඡායාරූපයේ දැක්වෙනවා.


එම ඡායාරූපය සහ ඒ සම්බන්ධයෙන් මුහුණු පොතේ තබා තිබු සටහනක් පහතින්….

අයියණ්ඩියේ මාත් වැඩියා
දෙවැනි අම්මගෙ ජන්ම දිනයට,
තාම මතකයි ඉස්සර මං
අම්මා තුරුලේ උන්නු හැටි…

එද වගේමයි අදත් අයියෙ
හැටපහක් වූවත් අපේ අම්මට,
තාමත් තරුණයි
පොඩි කාලේ වාගෙම….

එදා අයියා , මමයි මල්ලි
ඒත් අද මං පොඩි සාදූ ,
මහානාම අම්මාත් අපි වාගෙයි
තාම වෙනසක් නැති බැදීමක් අයියෙ ……



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements