Advertisement

ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස රුවන් විජේවර්ධන මහතා ඉදිරිදින කිහිපය තුලදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිර්දේශය මේවනවිට ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බවත්, මාධ්‍ය අමාත්‍යංශය යටතේ තිබු සියලුම රාජ්‍ය ආයතන හා ඊට අනුබද්ධ ආයතන රුවන් විජේවර්ධන මහතා යටතට පත්කරන ලෙස අගමැතිවරයා ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා ඇති බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

ආණ්ඩුවේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය මාධ්‍ය හරහා නිසි ප්‍රචාරයක් නොලැබෙන බවට එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ගෙන් චෝදනා එල්ලවී තිබු අතර පසුගිය සතියේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ද මේ සම්බන්ධයෙන් දීර්ග වශයෙන් කතාබහට ලක්ව ඇත.
අනතුරුව අගමැතිවරයා හමුව ඇති අමාත්‍ය මංගල සමරවීර මහතා, මාධ්‍ය අමාත්‍ය ධුරය තමා ඉල්ලා සිටි තනතුරක් නොවන බවත් එම ඇමති ධුරය වෙනත් අයකුට පැවරීම සම්බන්ධයෙන් තමාගේ විරෝධයක් නොමැති බවත් ප්‍රකාශ කර ඇතැයි News Line වාර්තා කරයි.
මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ කීර්තිමත් පරපුරකින් පැවත රුවන් විජේවර්ධන මහතා ජනමාධ්‍ය රාජ්‍ය ඇමතිවරයා ලෙස නිර්දේශ කිරීමට අගමැතිවරයා තීරණය කර ඇත්තේ ඒ අනුව බවත්, ඔහු යටතේ ජනමාධ්‍ය අමාත්‍යංශය මුළුමනින්ම ප්‍රතිසංවිධානය කිරීමට තීරණය කර ඇති බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements