Advertisement

දකුණු අප්‍රිකානු සංචාරයේදී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය සඳහා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න නම්කර ඇති බව ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් කියැවේ. කණ්ඩායමේ උපනායකයා වශයෙන් නිරෝෂන් දික්වැල්ල පත්කර ඇති අතර ටෙස්ට් නායකයාව සිටි දිනේෂ් චන්දිමාල්ට කණ්ඩායමේ සාමාජිකත්වයද අහිමි වී තිබෙන බවත් දැනගන්නට ඇත. 

ශ්‍රී ලංකා කණ්ඩායමට නවක ක්‍රීඩකයන් පස් දෙනකු ඇතුළත්ව සිටින අතර පළපුරුදු දඟ පන්දු යවන්නකු වන ඩිල්රුවන් පෙරේරාටද ස්ථානය අහිමි වී තිබේ. ඕස්ටේ්‍රලියානු සහ නවසීලන්ත සංචාර දෙකේදී පැවැති ටෙස්ට් තරග 4 ක ඉනිම 8 කදීම ලකුණු 92 ක් පමණක් ලබාගත් දිනේෂ් චන්දිමාල් මෙම සංචාරයට ඇතුළත් නොවේ. පසුගියදා වසර 80 ක ලෝක වාර්තාවක් අලුත් කරමින් පළමු පෙළ තරගයකදී ද්විත්ව ශතක දෙකක් ලබාගත් ඇන්ජලෝ පෙරේරාද ශ්‍රී ලංකා පිලට එක්ව සිටී. 

ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ටේ්‍රලියාවේ කැන්බරා නුවර සිට සිංගප්පූරුව හරහා දකුණු අප්‍රිකාව බලා පියාසර කරයි. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු වැනි ටෙස්ට් තරගය මේ මස 13 වැනිදා ඩර්බන් නුවරදී ආරම්භ වේ. 

දකුණු අප්‍රිකානු සංචාරය සඳහා තෝරාගන්නා ලද ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය සඳහා යවනු ලැබ ඇත. 

ටෙස්ට් තරගාවලිය සඳහා තෝරාගන්නා ලද ශ්‍රී ලංකා කණ්ඩායම
■ දිමුත් කරුණාරත්න (නායක)
■ නිරෝෂන් දික්වැල්ල (උපනායක)
■ ළහිරු තිරිමාන්න
■ ධනංජය ද සිල්වා
■ කුසල් මෙන්ඩිස්
■ කුසල් ජනිත් පෙරේරා
■ මිලින්ද සිරිවර්ධන
■ කෞෂාල් සිල්වා
■ ඕෂධ ප්‍රනාන්දු
■ ඇන්ජලෝ පෙරේරා
■ සුරංග ලක්මාල්
■ කසුන් රාජිත
■ විශ්ව ප්‍රනාන්දු
■ චාමික කරුණාරත්න
■ මොහොමඞ් ෂිරාස්
■ ලක්ෂාන් සඳකැන්
■ ලසිත් ඇඹුල්දෙණිය

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements