Advertisement

දිවංගත හිටපු ඇමැතිවරයකු මෙන්ම කීර්තිමත් දේශපාලනඥයකු වූ ආචාර්ය රිචඞ් පතිරණයන්ගේ බිරිඳ වූ අභාවප‍්‍රාප්ත විජිතා පතිරගේ මැතිනියගේ දේහය තැන්පත් කොට තිබුණේ කිතුලම්පිටියේ නිවසේය. 

ගාල්ල දිස්ත‍්‍රික් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක රමේෂ් පතිරණ මන්ත‍්‍රීවරයාගේ මෑණියන් වූ විජිතා පතිරගේ මැතිනියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අගමැතිවරයා, විපක්ෂ නායකවරයා ඇතුළු මැති ඇමැතිවරු මෙන්ම පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් රැසක් කිතුලම්පිටියේ පිහිටි රමේෂ් පතිරණ මන්ත‍්‍රීවරයාගේ නිවසට පැමිණ සිටියහ.

මෙහි සිටි පිරිස අතර ප‍්‍රධාන මාතෘකාව බවට පත්ව තිබුණේ නාමල් කසාද බඳින්න යන කතාව ගැනය. පසුගිය සතියේ එක්තරා සති අන්ත පුවත්පතක් මගින් මේ ගැන අනාවරණය කොට තිබිණි. එහි සිටි අය මේ ගැන නාමල්ගෙන් අසන්නට වූහ. ගිය අවුරුද්දේ ඉන්දියාවේ මෝදි අගමැතිතුමා හමුවූ අවස්ථාවේ මගෙන් ඇසුවා ඔයා කසාද බඳින්නේ නැතිව රාහුල් ගාන්ධි වගේ වෙන්න හදනවද කියලා. මම කීවා නැහැ ලබන වර්ෂයේ කසාද බඳිනවා කියලා.

 මේ වතාවේ හමුවූ අවස්ථාවේ මෝදි අගමැතිතුමා ඇසුවා තමා කසාද බැන්දේ නැද්ද කියලා. සැප්තැම්බර් 10 වැනිදා කසාද බඳින බව කීවා. ඒකෙන් තමයි කසාද බඳින කතාව ලීක් වුණේ නාමල් සිනහසෙමින් එයට පිළිතුරු බැන්දේය. ඔබතුමා ඉතින් අපේ අනාගත නායකතුමානේ හිටපු දකුණු පළාත් සභා මන්තී‍්‍ර චම්ලි විතානාච්චි මන්ත‍්‍රීවරයා නාමල්ට කීවේය. නාමල් එයට සිනාසුනා මිස කිසිවක් කියන්නට ගියේ නැත. මෙහි සිටි ඇතැම් තරුණ පිරිස් නාමල් සමග සෙල්පි ගැසීමට ද අමතක කළේ නැත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements