Advertisement

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් බදාදා (25) දිනයේ තීන්දුවක් ගැනීමට නියමිතව තිබුන ද එය බ්‍රහස්පතින්දා (26) දක්වා කල්දැමීමට තීරණය කර ඇතැයි අරලියගහ මන්දිර ආරංචිමාර්ග පවසයි.
තමා එදින වෙනත් වැඩක් යොදාගෙන ඇතැයි කියමින් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා, අගමැති රනිල් වික්‍රමසිංහ සමග ඊයේ (23) රාත්‍රී පැවති සාකච්ජාවේදී කළ ඉල්ලීමක් අනුව එම තීන්දුව ගෙන ඇතැයි ද ඉහත ආරංචිමාර්ග සඳහන් කරයි.

එසේම, එදින ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින්ට අමතරව එජාප පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයින් ද කැඳවන්නැයි සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා එහිදී කළ ඉල්ලීම අගමැතිවරයා විසින් ප්‍රතික්ෂේප කර නැතැයි ද වාර්තාවේ. 

මේ අතර එජාප ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන බව දැනටමත් ප්‍රකාශකර ඇති එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අමාත්‍ය අද (24) විශේෂ නිවේදනයක් නිකුත්කරමින්, පක්‍ෂයෙන් ඈත්වූ සියලු දෙනාට රට ගොඩනැගීමේ වැඩසටහනට යළි තමා සමඟ එක්වන ලෙස ඇරයුම් කර තිබේ.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
''විවිධ මතවාදයන් නිසා  එක්සත් ජාතික පක්‍ෂයෙන් ඈත්ව සිටින බොහෝ පිරිසක් අද පක්‍ෂය වෙනුවෙන් කටයුතු කිරීමේ අපේක්‍ෂාවෙන් සිටින බව මම දන්නවා. මතවාද යනු සාකච්චා කොට විසඳා ගැනීමට කටයුතු කළ හැකි කරුණු මිස වෙන්වීමට සාධක නොවේ.

එබැවින් විවිධ මතවාදී අරගල නිසා පක්‍ෂයෙන් ඈත්ව සිටින එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් පරිත්‍යාගයෙන් කටයුතු කළ සියලු පළාත්සභා මන්ත්‍රීවරු, සියළු පළාත්පාළන මන්ත්‍රීවරු, ඇතුළු පක්‍ෂ නියෝජිතයින්ට  යළිත් පක්‍ෂය සහ ජනතාව ජයග්‍රහණය කරවීමට අත්වැල් බැඳගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.!!

විශේෂයෙන්ම පක්‍ෂයේ ක්‍රියාකාරී ලෙස කටයුතු කළ, අසීරුතම අවස්ථාවේ පක්‍ෂයට ශක්තියක් වූ බිම් මට්ටමේ සිට පක්‍ෂ සංවිධාන ජාලය ගොඩනැගිය හැකි හිටපු මහලේකම් තිස්ස අත්තනායක මැතිතුමාට පක්‍ෂයේ අභිමානය ගොඩනගමින් රට ගොඩනැගීමේ වැඩසටහනට තමා සමඟ එක්වන ලෙස ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා!!''

-සජිත් ප්‍රේමදාස

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements