පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (16 ) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
රනිල් වික්‍රමසිංහ සිංගප්පුරුවේ සංචාරයකට එක්ව සිටින අතර අද (16 ) පෙරවරුවේ දිවයිනට පැමිණීමට නියමිතයි.
සන්ධානයේ නායකයා ලෙස කරු ජයසූරිය මහතා පත් කිරීමට එකඟත්වය පළ වුවහොත්, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහයෝගය මත මහමැතිවරණය මෙහෙයවීමට සැලසුම් කර තිබෙනවා.
මැතිවරණය මෙහෙයවීම සඳහා සහභාගිවීමට නම් පක්ෂය සමගි විය යුතු බව කථානායකවරයා පක්ෂ නායකත්වයට දැනුම් දී ඇති අතර පක්ෂ නායකත්වයේ රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කටයුතු කිරීමට නියමිතයි. ජනාධිපතිවරණයට පෙර පැවැත් වූ විශේෂ පක්ෂ සම්මේලනයේදී ගනු ලැබූ තීරණය මත එය තවත් වලංගු වනවා.
නමුත් අද දිනය ඇතුළත එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය ලබා ගන්නා බවට සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායම මන්ත්‍රීවරු සඳහන් කරනවා. ඊයේ දිනයේ විපක්ෂ නායක කාර්යාලෙය් මාධ්‍ය හමුවක් අමතමින් මේ බව සඳහන් කළා. ඒ සඳහා අද මන්ත්‍රී කණ්ඩායම රැස්වී තීන්දු කරන බවද ඔවුන් කියා සිටියා.
කෙසේ වෙතත් ඊට ප්‍රතිවිරුද්ධ අදහසක් දරමින් රනිල් පාර්ශ්වය සඳහන් කරන්නේ මන්ත්‍රී කණ්ඩායමට පක්ෂ නායකත්වය වෙනස් කළ නොහැකි බවයි.
ඒ සඳහා පසුව කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවිය යුතු බවද යෝජනාවක් සම්මත කර පක්‍ෂ සම්මේලනයෙන් සම්මත කල යුතු බවත් ඔවුහු සඳහන් කරයි.
සිරිකොත එජාප මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් ඔවුහු මෙම අදහස් පල කලා.
ැ
සජිත් පිල විපක්‍ෂ නායක කාර්යාලයේ සහ රනිල් පිල සිරිකොතේ සිට මේ ආකාරයෙන් එකම දිනක මාධ්‍ය හමු පැවැත්වීම විශේෂත්වයකි.

