Advertisement


මීගමුව නගර මධ්‍යයේ පිහිටි මීගමුව මහ නගර සභා සුපිරි සාප්පු සංකීර්ණයේ ව්‍යාපාරිකයකු කොවිඞ් ආසාදිතයකු බවට හෙළිවීම නිසා නගර සභා සාප්පු සංකීර්ණය ඊයේ (18 දා) උදේ වසා දමන ලදී.

මෙම සිද්ධියට අදාළ ව්‍යාපාරිකයා කටාන කිඹුලාපිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු පසුගියදා දිවුලපිටියේ පැවැති විවාහ මංගලෝත්සවයකට සහභාගිවීමෙන් අනතුරුව ඔහුගේ

බිරිඳ කොවිඞ් ආසාදිතයෙක් බවට පත්විය. මීගමුව මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ මැදිහත්වීම මත සුපිරි වෙළෙඳ සංකීර්ණය ඊයේ (18 ද) උදේ වසා දමන ලදී. මෙහිදී මීගමුව මහනගර සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වසන්ත සෝලාංගආරච්චි මහතා පැවසුවේ. එම වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයන් සහ සේවකයන් පී. සී. ආර්. පරීක්‍ෂණයට අද (19 දා) ලක්කරන බවත්, ඉන් අනතුරුව සුපිරි වෙළෙඳ සංකීර්ණය විවෘත කරනවාද? නැද්ද පිළිබඳ තීරණය කරන බවත් ය. වෙළෙඳ සංකීර්ණයේ විෂබීජහරණයට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් යුහුසුළු වී ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements