බන්ධනාගාර කැරැල්ලේදී මියගිය අනෙක් රැඳවූවන් 07 දෙනාගෙන්, සිවු දෙනකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා විද්වත් කමිටුව විසින් වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (23 වැනිදා) භාර දී තිබේ.
එම වාර්තාවට අනුව අදාළ රැඳවියන් 04 දෙනා මියගොස් ඇත්තේද වෙඩි වැදීමෙන් වූ බරපතළ තුවාල සහ කොවිඩ් ආසාදිත තත්ත්වයෙන් බව පංච පුද්ගල විද්වත් කමිටුව වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා තිබේ.
අනෙක් රැඳවූවන් තිදෙනාට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා ඉදිරියේදී අධිකරණය වෙත භාරදීමට නියමිතය.
අධිකරණ නියෝග පරිදි මහර බන්ධනාගාර කැරැල්ලේදී මියගිය රැඳවූවන් 11 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණයන් විද්වත් කමිටුවක් සිදුකළ අතර, එයින් රැඳවූවන් 04 දෙනකුට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණවල වාර්තා ඉකුත් 16 වැනිදා වත්තල මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල වෙත භාරදී තිබුණි.
එම රැඳවූවන් සිවුදෙනා මියගොස් ඇත්තේ බන්ධනාගාරයේදී එල්ල වූ වෙඩි ප්‍රහාර නිසා සිදුවූ මරණීය තුවාල හේතුවෙන් බව අධිකරණයට ඉදිරිපත් කළ විද්වත් කමිටු වාර්තාවේ සඳහන් වී තිබිණි.
mawrata


