Featured News

Video Gossip

Advertisement


2019 අප්‍රේල් 21 වන දින පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසාන වාර්තාව ආසන්න වශයෙන් පිටු ලක්ෂයකින් පමණ සමන්විත වනු ඇති බවත් එය මුද්‍රණය කිරීම සඳහා ආසන්න වශයෙන් රුපියල් මිලියන 10ක පමණ මුදලක් වැය වනු ඇති බවත් වාර්තා වේ.

මේ අතර, කොමිෂන් සභාවේ සාමාජිකයෙක් මෑතකදී සාක්ෂි විමසීමක් අතරතුර කියා සිටියේ වාර්තාවේ සැලකිය යුතු කොටසක් මේ වන විටත් සකස් කර ඇති බවය.

ආරංචි මාර්ග වලට අනුව, එය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යවා ඇත.

එමෙන් ම, සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සටහන් පිටු 40,000 කට ආසන්න ප්‍රමාණයක් තිබෙන බවත් වාර්තා වේ.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම් අවසන් බව ජනවාරි 27 දා නිවේදනය කෙරිණි.

කොමිෂන් සභාව හමුවේ අවසන් වරට සාක්ෂි ලබා දුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ය.

කොමිෂන් සභාවේ නිල කාලය අදින් (31) අවසන් වීමට නියමිත අතර වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදීමට නියමිත ය.

මව්බිම

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements