Featured News

Video Gossip

Advertisement

යොහානි ඉන්දියාවට ගොස් යළි පැමිණි මොහොතේදී ගුවන්තොටුපළේදී කී කතාව

''මැණිකේ මගේ හිතේ'' ගීතය ප්‍රතිගායනා කිරීමත් සමග ලොව පුරා මහත් ජනාදරයට පත් යොහානි ද සිල්වා ඉන්දියාවේ පැවති සංගීත ප්‍රසංග ද්විත්වයකට සහභාගී වීමෙන් අනතුරුව යළි දිවයින වෙත පැමිණියා ය.

ඊයේ (ඔක්.12) රාත්‍රියේ මුම්බායි සිට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඇයට එහිදී උණුසුම් පිළිගැනීමක් ලැබිණි.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, ඉන්දියාවේදී ගත කළ දින කිහිපය තුළ වැඩ කටයුතු රාශියක නිරත වූ බවත් ඉදිරියේදී ඒවා සිය රසිකයන්ට දැක ගත හැකි වනු ඇති බවත්ය.
තව ද ඉදිරියේදී ඉටු කර ගැනීමට බලාපොරොත්තු රැසක් පවතින බවත් පළමුව ඇයගේ ගීත ඇල්බමයේ කටයුතු නිම කිරීමට සූදානම් වන බවත් ඇය සඳහන් කළාය.

"ඉදිරි බලාපොරොත්තු රැසක් තියෙනවා. පළමුවෙන් ම මම මගේ ඇල්බම් එක කරන්න බලාපොරොත්තු වෙනවා. ඇල්බම් එකේ කටයුතු කරගෙන යනවා මේ දවස්වල."

ඇගේ ජනප්‍රියතාව හරහා දේශපාලනයට පැමිණීමේ අපේක්ෂාවක් ඇත්දැයි එහිදී මාධ්‍යවේදීයෙකු නැගූ පැනයකට ඇය ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.

මාධ්‍යවේදියා: ඔබේ ජනප්‍රියත්වය හරහා ඉදිරියට දේශපාලනයට එනවා ද?

යොහානි: "නෑ. අනිවාර්යෙන් නෑ. මම ආටිස්ට් කෙනෙක්. සංගීත ශිල්පය හදාරන කෙනෙක්. ඉතින් ඒ මට ඇති."

පසුගිය ඔක්තෝබර් 01 සහ 03 වන දිනවල ඉන්දියාවේ ගුරුග්‍රාම්හි සහ හයිද්‍රාබාද්හිදී ඇය විශේෂ සංගීත ප්‍රසංග ද්විත්වයක් පැවැත්වූවාය.

ඉන්දියාවේදී ඇය ඉන්දියානු රූපවාහිනී නාලිකා කිහිපයක ම සම්මුඛ සාකච්ඡාවලට ද සහභාගී වූවාය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements