Featured News

Video Gossip

Advertisement

රජයෙන් දුන්න මහින්දගේ නිවස අළුත්වැඩියා කරන්නට ගෘහ නිර්මාන ශිල්පියා ලෙස යෝශිතගේ මිතුරෙකුට භාරදීලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ භාවිතා කරන විජේරාම නිල නිවස සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අද වෙළද පොළට නිකුත්ව තිබෙන ඩේලි මිරර් පුවත්පත පළකර තිබේ.

පුවත්පත මෙම වාර්තාව පළ කර තිබෙන්නේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා ගන්නා ලද තොරතුරු මත පදනම්ව යි.

මෙම නිල නිවසේ නවීකරණ කටයුත-ු සිදු කිරීමේ වගකීම පැවරී තිබෙන්නේ රජයේ ආයතනයක් වන සීමාසහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවටයි.

ඩේලි මිරර් වාර්තාවට අනුව, මෙම නිල නිවසේ නවීකරණ කටයුතු සදහා රුපියල් ලක්ෂ 4212 කට ආසන්න මුදලක් වැය කර තිබේ.

මෙම අති විශාල මුදලෙන් වැඩි ප්‍රමාණයක් වැය කර තිබෙන්නේ විදුලි සෝපානය, සවුන්ඩ් සිස්ටම්, ලයිටින් සිස්ටම්, ටයිල්, සිවිලිම, නානකාමර උපාංග වැනි නොයෙකුත් දෑ මිල දී ගැනීම වෙනුවෙනි.

මෙම එකදු මිල දී ගැනීමක දී හෝ නිසි ප්‍රසම්පාදන ක්‍රමවේදයක් අනුගමනය කර නැති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

එමෙන්ම, මෙම ද්‍රව්‍ය මිලදී ගැනීමේ දී ඒ සදහා මිල ගැනීම් කැදවීමක් හෝ සිදු කර නැත.

සෘජුවම, තෝරා ගත් සැපයුම්කරුවන්ට අදාල ඇණැවුම් ලබා දෙන ලෙස සීමාසහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට ඉහළින් බලපෑම් එල්ල වී තිබේ.

මිල ගණන් කැදවීමකින් තොරව ඉතා ඉහළ වටිනාකමින් යුතු මෙම උපාංග මිලදී ගැනීම අනුමත කළ නොහැකි බව, සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ ඇතැම් නිළධාරීන් පවසා තිබුන ද, එම විරෝධය නොතකා හැර තිබේ.

නිල නිවසේ ඉදිකිරීම් කටයුතු අධීක්ෂණය කළ නාවික හමුදා ඉන්ජිනේරුවරයා සහ අග්‍රාමාත්‍ය කාර්යාලය අදාල උපකරණ මිලදී ගත යුතු සැපයුම්කරුවන්ගේ නාම ලේඛනය ඔවුන්ගේ දුරකථන අංක ද සමග ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට ලබා දී ඇති බව පැවසේ.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම නිල නිවස නවීකරණය කිරීමේ දී ගෘහ නිර්මාණ ශිල්පියෙකුගේ සේවය ද ලබාගෙන ඇති අතර, වගකීම භාර දී තිබෙන ගෘහ නිර්මාණ ශිල්පියාගේ නම යෝජනා කර තිබෙන්නේ යෝෂිත රාජපක්ෂ යි. (සාමාන්‍ය ක්‍රම වේදය වන්නේ සීමාසහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව විසින් ගෘහ නිර්මාණ ශිල්පියෙකු තෝරා ගැනීම බව පැවසේ.)

මෙම නිවසේ නවීකරණ කටයුතු වෙනුවෙන් අවශ්‍ය සිමෙන්ති සහ වැලි වැනි ද්‍රව්‍ය සදහා වන ඇනැවුම් ඉරිදා සහ වෙනත් නිවාඩු දින වල දී ද ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට ලැබී තිබේ.

එවිට අදාල ඇනවුම් සදහා “පර්චසින් ඕඩර්” ලබා දීමට නොහැකි වී ඇති අතර, ඒ හේතුවෙන්, එම ද්‍රව්‍ය, විජේරාම නිල නිවසේ නවීකරණ කටයුත-ු සදහා යොදා ගත්තාද, නැතිනම්, කොහේ හෝ වෙනත් වැඩබිමකට රැගෙන ගියාද යන්න තහවුරු කළ නොහැකි බව ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ නිළධාරීන් පුවත්පත සමග පවසා තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements