කපු අම්මා වරුන් නම් අපි අනන්තවක් දැකලා තියෙනවා. ඒ වගේද කුඩු අයිස් එක්ක අහුවුන හාමුදුරුවෝ එක්ක හරි හරියට ආතල් ගනිපු අම්මලා,
ඒ අම්මලා මේ සාසනේ වෙනුවෙන් කරන්නේ කොච්චර ලොකු සේවයක් ද ?
හා නැද්ද?
මේ හාමුදුරුවෝ මතකයිද බල්ලන්න…. අර හෙරොයින් එක්ක අහු වුණේ, ප්‍රසිද්ධ කවි බණ දේශක ගනේකන්දේ චන්ද්‍රරතන හාමුදුරුවෝ.
එහෙනම් මේ අම්මා මතකයිද බලන්න….. නෑ නේද?
එහෙනම් මතක් කරගන්න මේ ප්‍රෝග්‍රෑම් එක.
අහ් දැන් මතකයි නේද?
අර ලංකාවේ ප්‍රසිද්ධ හාමුදුරුනමකට බොරු චෝදනා දැම්මේ මෙයානෙ. හොඳට මතක් කරලා බලන්නකෝ.
එදත් අදත් මේ අතුරැගිරියේ දේවාලයක් කළ කපු අම්මා හමුදුරුවරුන්ව රවට්ටලා සල්ලි ගත්තා කියලා තමයි ආරංචිය,
දායකයෝ හාමුදුරුවන්ට දෙන සල්ලි ගසාකන්න හොඳ හොඳ ගේම් ගහලා බෞද්ධ ශාසනයත් විනාස කරන්න දේපොළ තණ්හාවෙන් ගේම් ගහපු කපු අම්මණ්ඩි කෙනෙක් තමයි මේ,
හොඳම වැඩේ කියන්නේ මෙයා මේ ගේම් ගැහුවේ තමන්ගේම පුතාලා දෙන්නත් එක්කමයි.
එක්කෙනෙක් ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක්, හොඳ ගේම් ගහපු කෙනෙක් තමා. මම කිව්වේ ක්‍රිකට් ගේම් ගැන……
ක්‍රිකට් පුතාගේ කෙරුවාව ගැන පස්සේ කියන්නම්,
ඔය ගොඩක් පත්තිනි අම්මලාගේ රෙද්දේ තුත්තිරි කියන එක අපිනම් නෙමේ කියන්නේ, ඒක අතීතයේ ඉඳන් පැවත එන කතාවක්.
මේ අම්මත් ඒ අතින් දෙයියනේ කියලා පත්තිනි අම්මෙක් කියලා බය නැතුව කියන්න පුළුවන්.
එසේ මෙසේ වැඩක් නෙමේ පන්සල් පල්ලි කෝවිල් වෙනුවෙන් තමන්ගේ ශ්‍රමය සහ කාලය වැය කරනවා කියන්නේ ඒක එසේ මෙසේ පුණ්‍ය කර්මයක් නෙමෙයිනේ.
ඉතින් අපිට මේ අම්මා දැක්කම හිත නිවෙනවා, ඒ තරම් පිංවන්තයි.
පින්වන්තකම කොච්චරක්ද කියනවා නම් පන්සල් හදන්න උදව් කරනවා විතරක් නෙමේ පන්සල් එක්ක බෞද්ධ රුපවාහිනී නාලිකා පවා අයිති කරගන්න හැදුවා.
සමහර විට බෞද්ධකම පිරිලා ඉතිරිලා ගිහින් වෙන්න ඇති එහෙම කරන්න ඇත්තේ.
ඉතින් එහෙම වෙලාවට අනේ සාධු කියනවා වෙනුවට සාධු සාධු කියන්න තරම් අපේ හිත මෘදු වෙලා මෙලෙක් වෙලා මෙව්වා වෙලා යනවා.
ඔය චමුදිත එක්ක පහුගිය දවස්වල එකතුවෙලා ලංකාවේ ප්‍රසිද්ධ හාමුදුරුනමකට විරුද්ධව ප්‍රෝග්‍රෑම් එකකුත් කළා නේ,
මේ හැමදේම සිංහල ජාතිය බෞද්ධ අගමැ වෙනුවෙන් මිසක් සල්ලිවලටනම් නෙමෙයි මම හිතන්නේ.
කොහොම වුණත් හෙරොයින් ජාවාරම් කරපු හාමුදුරුවෝ එක්ක එකතුවෙලා මේ අම්මණ්ඩිත් හරි හරියට ජාවාරම් කරාද කියන සැකය නම් දැන් හොඳටම ඇවිත් තියෙන්නේ.
මොකද පන්සල් අල්ලාගෙන ගේම් ගහද්දි හොඳට කළු සල්ලි සුදු කරන්න පුළුවන්.
මත්ද්‍රවය ජාවාරම්කරුවෙක් වගේම සංවිධානාත්මක ආපරාධකරුවන් එහෙම තමන්ගේ ජාවාරම් කරලා උපයපු කළු සල්ලි සුදු කරන්න පන්සල් පල්ලි අල්ලගනිපු කතා අලුත් ඒවානම් නෙමේ.
ඉතින් මේ මත්ද්‍රවය ජාවාරම්කාර හාමුදුරුවෝ සහ චෝදනා එමට ඇති මේ අම්මණ්ඩිත් ගැහුවේ ඒ වගේ ගේම් එකක්ද කියලා නම් සැකයි.
පොලිසියත් මේ ගැන අවධානයෙන් ඉන්නේ.
මේ වගේ අසීලාචාර, තක්කඩි අම්මණ්ඩිලාගෙන් මේ ශාසනය රැකගන්න එක මේක මේ කියන මගේ විතරක් වගකීමක් නෙමේ,
බෞද්ධ අපේ වගකීමකුත් නෙමේ,
ජාති ආගම් භේදයකින් තොරව මේ වගේ ජාවාරම්කාර සිවුරු ඇඳගත්ත මිනිස්සුන්ගෙන් වගේම, ඒ සිවුරු අස්සේ හැංගිලා ගේම් ගහන මේ වගේ ගෑනුන්ගෙන් අපි බේරගන්න ඕන මේ බුද්ධ ශාසනය නෙමේ, අපේ රට.
අපේ අනාගත දරු පරපුර,
මේ කපු අම්මාගේ එක කතාවක් මේ, තව කතා ගොන්නක් එනවා,
කිසිම ආදායම් මාර්ගයක් නැතුව කෝටි ගණන්වල ස්ථිර තැන්පතු එහෙමත් මේ කපු අම්මගේ දෙවන පුතා වෙච්ච සුරින් වෙඩික්කාර් ළඟ එහෙම තිබ්බේ කොහොමද කියලා අපි ඊළඟට කියන්නම්කො.
මේක එකක් විතරයි, එපිසෝඩ් ගණනාවක් පුරාවටම මේ කතාව ඇදිලා යනවා, පුතාලගේ සහ අම්මගේ කෙරුවාව ගැන තොරතුරු පස්සේ දැනුම් දෙන්නම් අපි ඊළඟ එපිසෝඩ් එකෙන්.
සෙස්ස පස්සට, එහෙනම් අපි අදට ගිහින් එන්නම්කෝ….

