Featured News

Video Gossip

Advertisement

ශ්ලකාවේ බදු ප්‍රතිපත්තිය අසාර්ථක වීම හේතුවෙන් 
ආර්ථික බිඳවැටීම උග්‍රවෙලා
HRW

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික බිඳවැටීම තවදුරටත් උග්‍ර වීමට දීර්ඝකාලීන බදු ප්‍රතිපත්තිමය අසාර්ථකත්වය ප්‍රධාන හේතුවක් වී ඇති බවත්, එමඟින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්, විශේෂයෙන් අධ්‍යාපනය ලැබීමේ අයිතිය උල්ලංඝනය වී ඇති බවත් හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch – HRW) සංවිධානය සිය නවතම වාර්තාව මගින් අවධාරණය කර සිටී.
අදාළ වාර්තාවට අනුව, දීර්ඝ කාලයක් තිස්සේ මෙරට පැවති ප්‍රමාණවත් නොවන බදුකරණය, අධික ලෙස ආයතනික බදු සහන ලබා දීම සහ බදු නීති දුර්වල ලෙස ක්‍රියාත්මක කිරීම හේතුවෙන් රජයට සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සමාජ ආරක්ෂණය වැනි අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට අවශ්‍ය ආදායම අහිමි වී තිබේ.

ශ්‍රී ලංකාවේ බදු ප්‍රතිපත්තියේ බරපතළ දුර්වලතා පිළිබඳව HRW වාර්තාව මඟින් කරුණු දක්වන අතර, දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව බදු ආදායම (tax-to-GDP ratio) 2023 වසරේදී 7.3% ක් ලෙස වාර්තා වීම, එය ලෝකයේ අඩුම අගයන්ගෙන් එකක් බව පෙන්වා දෙයි. මෙම තත්ත්වය රටේ ආර්ථිකය අර්බුදයකට යොමු කිරීමට තීරණාත්මක බලපෑමක් සිදු කර ඇත.

තවද, HRW සංවිධානය වැඩිදුරටත් අනතුරු අඟවනු ලබන්නේ ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය “ප්‍රමාණවත් නොවන සහ ප්‍රතිගාමී” (inadequate and regressive) ස්වභාවයක් ගන්නා බවයි.

මෙම තත්ත්වය දිගුකාලීනව රටේ සමාජ හා ආර්ථික ස්ථාවරත්වයට අහිතකර ලෙස බලපානු ඇති බවත්, විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී කණ්ඩායම් වෙතින් වැඩි බරක් අය කිරීම මෙහිදී සිදු වන බවත් එම වාර්තාවේ සඳහන් වේ.

අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ප්‍රමාණවත් අරමුදල් සැපයීමට රජයට ඇති හැකියාව බදු ආදායම අඩුවීම හේතුවෙන් බරපතළ ලෙස සීමා වී ඇති බවත්, එමඟින් පුරවැසියන්ගේ ජීවන තත්ත්වය සහ මූලික මානව අයිතිවාසිකම් තවදුරටත් අවදානමකට ලක් කරන බවත් HRW අවසාන වශයෙන් පෙන්වා දෙයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements