දෙන්නා දෙපැත්තට ඇද්දා
මගේ කොල්ලා මරාගත්තා
මගේ කොල්ලා මරාගත්තා
හැඬු කඳුලින් දසුන්ගේ මව කියන කතාව
කොළඹ සිට අප ගමන්ගත් වෑන් රථය නුවර මාර්ගයේ තිහාරිය පසු කරමින් මීටර් කිහිපයක් ඉදිරියට ගමන් කළේය. ඉන් පසු දකුණු දෙසට විහිදුණු අතුරු මාර්ගයකට වෑන් රථය හැරෙව්වේය. එම මාර්ගයේ කිලෝමීටරයක් පමණ ගමන් ගත් අපි එක්‌තරා නිවසක් ඉදිරිපිට වෑන් රථය නතර කළෙමු.
අඩකටත් වඩා අඩුවෙන් වැඩ අවසන් කර තිබූ එම දෙමහල් නිවසේ ගෙමිදුල තුළ තරුණයන් කිහිපදෙනෙක් යම්කිසි කාර්යක නිරත වෙමින් සිටියහ. ඒ සමඟම සුදුවතින් සැරසී සිටි කාන්තාවක් අප පිළිගැනීමට ඉදිරියට පැමිණියාය. සුහදශීලී සිනහවකින් අපව පිළිගැනීමට තැත් කළත් ඇයට එසේ කර ගැනීමට නොහැකි වූවාය. එක්‌වරම මා දැත් බදාගත් ඇය නොනවත්වාම අඬන්නට පටන් ගත්තාය.

