නාන කාමරේ රහස සඟවා නික්ම ගිය ශ්‍රිදේවි
අනිල් අම්බානිගේ ජෙට් යානය
දවස් තුනක් ඩුබායි ගුවන් තොටුපොළේ
අනිල් අම්බානිගේ ජෙට් යානය
දවස් තුනක් ඩුබායි ගුවන් තොටුපොළේ
මේ අකුරු අමුණන විට ඈ අප හැරදමා බොහෝ දුර ගොසිනි. ඇය භෞතිකව විසුවේ, අපට වඩා සැතපුම් සිය ගණන් ඈතිනි. නමුත් දශක කිහිපයක් මුළුල්ලේ ඈ අප හදවතේ ජීවත් වූවාය. තම මතකයන් නැවත නැවතත් අලුත් කරමින් ඈ අප තුළ දිවි ගෙව්වාය. අපේ ජීවිතයට හුදෙක් වින්දනයක් පමණක් නොව, ආදරය, අනුරාගය, මව් සෙනෙහස, දිරිය ඇතුළු බොහෝ දෑ ගෙනා ඈ අසල්වැසි බොලිවුඩය බිහිකළ ප්‍රථම නිළි රැජන ද වූවාය. ශ්‍රී දේවී නම් ඈ අප හැර දමා ගියේ ඈ පිළිබඳ මේ ආදී මතකයන් රැසක් හදවත ගැඹුරේම තැන්පත් කරමිනි.
ඈ රිදී තිරයට ආවේ වයස යන්තම් වයස අවුරුදු හතර පිරෙද්දීය. ඒ 1967 වසරේදී තිරගත වූ කන්ධන් කරුණායි නම් දමිළ චිත්‍රපටයෙනි. ශිවාජි ගනේෂන් වැනි දමිළ සිනමාවේ පතාකයන් දායක වූ එම චිත්‍රපටයෙන් පසු නැවතත් කන්නඩ, මලයාලම් සිනමා පට කිහිපයකටම ළමා නිළියක ලෙස දායක වීමේ අවස්ථාව ශ්‍රී දේවිට ලැබිණ.

