බොරැල්ල හන්දියේ හඳුන්කූරු විකුණන සක්විති රණසිංහගේ
අම්මාගේ කදුළු කතාව
අම්මාවරුන් පමණ ද මතු බුදුවන්නේ” කියලා වරෙක පිය ගුණ ගීයක් ගයමින් ටී. එම්. මහත්තයා අහනවා. ඔව් එහෙම බුදු බව ලබනවා නම් ඒ ලැයිස්තුවේ ඉහළින්ම ඉන්නේ අම්මලා කියලා බය නැතුව කියන්න පුළුවන් අම්මලා තවමත් මේ ලෝකේ දරු සෙනෙහස හිතේ දරාගෙන මැරෙනකම් මැරි මැරි ජීවත් වෙනවා.
දරුවෙක් ගැන අම්මා කෙනෙක්ගේ හිතේ තියන සෙනෙහස ගැන වගේම මව් ගුණ ගැන ඕනෑවට වඩා ආලවට්ටං දාන්න ඕනේ නැහැ. වර්ණනා විස්තර සපයන්න ඕනෙත් නැහැ. මොකද කොච්චර කිව්වත් කියලා ඉවරයක් කරගන්න බැරි දෙයක් මේ ලෝකේ තියෙනවා නම් ඒ අම්මාගේ ආදරේ.

