Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

උමාරියා කකුල නිසා වැඩ අතහැරියාද?
අනේ මන්දා. මටත් ඒක නම් තේරෙන්නෙ නැහැ

උමාරියා අසනීපයෙන් කියලා ආරංචියි?

ඇත්තටම මගේ දණහිසේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. වෛද්‍යවරු කිව්වේ මාස හයක් විතර යනකම් වැඩිය ව්‍යායාම කරන්න එපා. වැඩිය ඇක්ටිව් වෙන්න එපා කියලා විතරයි.


උමාරියාට ඇවිද ගන්නත් බෑ කියලා සමහරු ප්‍රචාරයක් යැව්වා නේද?


දණ හිස ඇතුළේ පොඩි තැල්මක් වෙලා තියෙන්නේ. හුඟාක් අය බොරු ප්‍රචාර යවලා තිබුණා මට හුඟාක් අමාරුයි මාස හයක් යනකම් ඇවිදින්න බැහැ කියලා. නමුත් මට හොඳට ඇවිදින්න පුළුවන්.

දුවලා පැනලා වැඩ කරපු කෙනාට, වෛද්‍යවරු කියනවා වගේ ඔහොම ඇක්ටිව් නොවී ඉන්න පුළුවන්ද?

ඒක ටිකක් අමාරු වැඩක්. මම පසුගිය දවස්වල තිබුණු event වලදි අමාරුවක් නැති කකුලෙන් උඩ පැන පැන ඉදිරිපත් කිරීම් කළා.


ඒ කියන්නේ වෛද්‍යවරු දුන්න උපදෙස් පිළිපදින්නේ නැද්ද?


නෑ නෑ කියන දේ මම අනිවාර්යයෙන්ම අහනවා. ඒත් පුළුවන් කකුලෙන් වැඩ ටික කරනවා.

දැන් ඔබ වෛද්‍යවරු කියන විදියට මාස ගණන් රෙස්ට් කරද්දී ප්‍රේෂ්කයන්ට අලුත් දෙයක් දෙන එක මඟහැරෙයිද?

නැහැ. මොකද music කියන්නේ මගේ ෆැෂන් එක. කකුල අප්සෙට් වුණාට මම music නම් අතහරින්නෙ නැහැ.


මෙහෙම වුණේ උමාරියාට ඇස්වහක්වත් වැදිලාද?


මම හිතන්නේ ඇත්තටම මේක වෙලා තියෙන්නේ මෙගාස්ටාර් වේදිකාවේදී. අපි දරුණු විදියේ ඉහළට පැනීම් ටිකක් කළා. ඒ වෙලාවේදී මගෙ දණහිස කොහේ හරි වැදිලා මමවත් දන්නෙ නැහැ. ඒත් ඒ දවස්වල ඉඳන්ම කකුල රිදෙන එක ටිකක් තිබ්බා.


උමාරියා රසිකයන් අතරට නිර්මාණයක් ගේන්න කල් ගන්නේ ඇයි?


මම හිතන්නෙ කාර්යබහුලත්වය වැඩි නිසා. මම හුඟාක් performanceවලට යනවා. මෙගාස්ටාර් එක්කත් කාර්යබහුල වෙලා හිටියා. ඒත් ලැබෙන කාලයෙන් උපරිම දෙයක් කරලා මගේ රසිකයන්ට යමක් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.


ප්‍රසංග වේදිකාවට නඟින්නෙ තෝරා බේරා ගෙනද?


එහෙම ලොකු තෝරා බේරා ගැනීමක් කරන්නේ නැහැ. මට හරියනවා නම් මම කරනවා. අනික සමහර ප්‍රසංග එක දවසේ තියෙන්නේ. පුළුවන් ඒවට මම සම්බන්ධ වෙනවා.


ආයෙමත් රියැලිටි වැඩසටහනකට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?


අනේ නැහැ. මම හිතන්නෙ මෙගා ස්ටාර් රියැලිටි වැඩසටහන තමයි මගේ පළමුවැනි සහ අන්තිම රියැලිටි වැඩසටහන. මොකද ඒ වගේ රියැලිටි කරන්න ගොඩක් කාලය අවශ්‍ය වෙනවා. ඒ නිසා ආයෙත් රියැලිටි වැඩසටහන්වලට මම සම්බන්ධ වෙන එකක් නෑ.


හැබැයි ඒ රියැලිටි වේදිකාව උමාරියාව තව තවත් ඉහළට ඔසවා තිබ්බා නේද?


ඇත්තටම ලොකු අත්දැකීමක් ලැබුණා ඒ වැඩසටහනෙන්. අලුත් යාළුවො හම්බ වුණා. ඒවා හුඟක් වටිනවා. නර්තනය තවදුරටත් හැදෑරුවා. අනික මට උමාරියා කියන්නේ කවුද කියන එක බොහොම නිහතමානීව ලංකාවට පෙන්වන්න පුළුවන් වුණා.

උමාරියා ගායනයට වගේම රංගනයටත් දක්ෂයි කියලා බොහෝ අය කියනවා. ඒ නිසා රංගනයට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?

අනේ නැහැ. ආරාධනා නම් හුඟාක් ආවා. ඒත් මගේ ෆැෂන් එක මියුසික්. ඉතින් මම හැමදාමත් මුල් තැන දෙන්නේ මියුසික්වලට.


උමාරියා දෙයක් කළොත් ගොඩක් කතාබහට ලක් වෙනවා. මොකක්ද ඒකට හේතුව?


අනේ මන්දා. මටත් ඒක නම් තේරෙන්නෙ නැහැ. සාමාන්‍යයෙන් මම දෙයක් කළොත් කරන්නේ ලොකු විශ්වාසයක් තියාගෙන. ඒ නිසා මම කරන දේ සාර්ථක වෙනවා ඇති.


උමාරියාව අගයන අය වගේම විවේචනය කරන අයත් ඉන්නවානේ. ප්‍රශංසා වගේම විවේචනත් උමාරියාට දරාගන්න පුළුවන්ද?


ඔව්. ඕනෑම ක්ෂේත්‍රයක එහෙම අය ඉන්න ඕන. එයාලා කියන දේ අපි අහන්න ඕන. මොකද අපි කවුරුත් සර්ව සම්පූර්ණ මිනිස්සු නෙවෙයි. අපිට බොරුවට බනින අය කියන දේවල් නම් මම අයින් කරලා දානවා. ඒවා ගණන් ගන්නේ නැතුව අතහැරලා දාන්න ඕන. අපේ හොඳට කියන දෙයක් නම් මම අහනවා.


මෙහෙම විවේචනය කරන්නේ උමාරියාගෙ දක්ෂකම දරා ගන්න බැරුවද?


මෙහෙමයි. එයාලා විවේචනය කරන හේතු අපි දන්නෙ නැහැනෙ. සමහර විට අපේ හොඳට වෙන්න ඇති. නැත්නම් බොරුවටත් බනිනවා. ඒවට නම් ඉතින් හුඟාක් හේතු තියෙනවා.

ඔබ ප්‍රවීණයන්ව අභිබවා ගිහින් කියලා සමහරු කියනවා. ඔබටත් එහෙම හිතෙනවාද?

අනේ නැහැ. අපි කාටවත් ප්‍රවීණයන්ව අභිබවා යන්න පුළුවන් කියලා මට හිතෙන්නේ නැහැ. අපි මේ තැන ඉන්නෙත් එයාලා නිසා. අනෙක එයාලා අපිට තැනක් හදලා දීලා තියෙනවා. මම නම් ඒ මතේට එකඟ වෙන්නෙ නැහැ.


අක්කා සංගීත පාසලක් පටන් ගත්තා නේ. නංගී ඒ වගේ දෙයක් කරන්නේ නැද්ද?


අක්කා අලුතින් සංගීත පාසලක් පටන් අරන් තියෙනවා. උමාරා  කියලා. දැනට මාස පහක් විතර වෙනවා. ගොඩක් අය මගෙනුත් අහනවා සංගීත පාසලක් කරන්නේ නැද්ද කියලා. ඉතින් මම කියන්නේ අක්කා එකක් කරද්දී නංගිත් කරන්නේ මොකටද කියලා.


මොනවාද අලුත් වැඩ?


මම කරපු ලස්සන නිර්මාණයක් තියෙනවා. මම ඒකට ඉක්මනටම වීඩියෝ එකක් කරලා ප්‍රේක්ෂකයන්ට ලබා දෙනවා. ඉස්සරහට හැමෝටම ඒක බලා ගන්න පුළුවන්. තව හුඟාක් දේවල් සැලසුම් කරගෙන ඉන්නවා. ඒවා කියනවාට වඩා කරලා පෙන්වන එක හොඳයි.

ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook