Advertisement

මහ රෑ කිසිවෙකු නැති පැල්පතක තනිව හිඳින 
කුලීවැඩ කර ඉගන ගන්නා
ගලේවෙල පාසල් සිසුවියගේ පුදුම කතාව

තාත්ත මිය ගියාට පස්සෙ
අම්ම වෙන කෙනෙක් එක්ක පැන ගියා 


ජීවිතයේ මුහුණදීමට සිදුවන ප්‍රශ්න අභියෝගයක් කර ගනිමින් ඒවා ජයග්‍රහණය කර ගැනීමට වෙර දරන දිරිය දියණියක් පිළිබඳ තොරතුරු ගලේවෙල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

​සිසුවිය – මම ගොඩක් අසරණ වෙලා ඉන්නේ

ප්‍රශ්නය – තනියම ඉන්න බය නැද්ද?
​සිසුවිය – බය හිතනේනේ නැහැ.දැන් ඒක පුරුදු වෙලා.

ප්‍රශ්නය – මොකද ඒ තරම් හිතට ශක්තියක් ආවේ ?
​සිසුවිය – පොඩි කාලේ ඉදලා දුකනේ වින්දේ ඒ හින්දා.

මේ දියණිය වාසය කරන්නේ ගලේවෙල ප්‍රදේශයේ.

සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් අටටම සම්මාන සාමාර්ථ ලබා ගනිමින් ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක කලා අංශයෙන් උසස් පෙළ හදාරණ ඇයට මේ කුඩා පැල්පත නුපුරුදු තැනක් නොවේ.

දුක් කම්කටොලු රැසක් මැද ඇය මේ කුඩා පැල්පතේ තනිව ජීවත් වන්නේ වසර කිහිපයක සිටයි.

කුඩා කල පියා මිය ගිය පසු මව මීට වසර කිහිපයකට පෙර වෙනත් විවාහයක් කරගත්තා.

ඉන් පසුව මතු වූ ගැටලුකාරී තත්ත්වයන් හමුවේ ඇය මෙලෙස සිය ජීවිතයේ ඉදිරි ගමනට මුහුණ දෙන්නට තීරණය කළා.

සිසුවිය – මගේ තාත්තා නැහැ අම්මා විතරයි ඉන්නේ. අම්මා ආයේ කසාදයක් කර ගත්තා. ගොඩක් දුකයි ඉතින්.

ප්‍රශ්නය – ගෙදරට ගිහිල්ලා අම්මාත් එක්ක ඉන්න පුළුවන්නේ, තනියම ඉන්නේ නැතිව?
​සිසුවිය – එහෙ හිටපුවාම පාඩම් වැඩ කර ගන්න අමාරුයි.

ප්‍රශ්නය – ජීවිතයේ අමතක නොවනම සිද්ධිය මොකද්ද?
​සිසුවිය – අමතක නොවන සිද්ධිය තනියම ඉන්න වුණ දවස තමයි.

කිසිවෙකුගේ සරණක් නොමැතිව දිවි ගෙවන මේ දිරිය දියණිය පාසල් නොයන දින වලදී කුලී වැඩ කරමින් ජීවිකාව සරිකර ගන්නේ සිය අධ්‍යාපනය සහ එදා වේල සපුරාගැනීමේ අරමුණින්.

සිසුවිය – මගේ එකම අරමුණ තියෙන්නේ ගුරුවරියෙක් වෙලා මම වගේ දුප්පත් ළමයි තව ගොඩක් ඇති එයාලට සේවයක් කරන්න.

මේ දිරිය දියණියගේ ඉදිරිය වෙනුවෙන් ඔබට යමක් කළ හැකිනම් එය මහත් වූ පිංකමක්.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements