Advertisement

නාමල් රාජපක්ෂ තවත් බරපතල චෝදනාවක 
නාමල්ගේ ප්‍රතිරූපය ගොඩනැංවීමට
රු. කෝටියක් විනිමය කොමිසමට දීලා

මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රතිරූපය ගොඩනැංවීම වෙනුවෙන් රුපියල් කෝටියක මුදලක් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට ලබා දී තිඛෙන බව අනාවරණය වෙයි.

ඊයේ (26) පැවැති හෙළිදරව්ව වැඩසටහනේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා මේ බව අනාවරණය කළේය.



මෙම මුදලින් රුපියල් ලක්ෂ පනහක් ලබා දී ඇත්තේ නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රතිරූපය ඉහළ නැංවීමේ මූලික අරමු‚න් ස්ථාපිත කරන ලද තාරුණ්‍යයට හෙටක් සංවිධානයටය. තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ඉල්ලීමට අනුව සෙසු රුපියල් ලක්ෂ පනහ ලබාදී ඇත්තේ සිලෝන් ප්‍රයිමර් ස්පෝට්ස් නමැති ආයතනයටයි.

රජයේ මුදල් මෙලෙස අවභාවිතය කිරීම සම්බන්ධව මූල්‍ය අපරාධ කොට්ඨාසය, පරීක්ෂණ පවත්වාගන යන අතර එම පරීක්ෂණ මේවනවිට බොහෝදුරට අවසන් වී ඇත.

ඒ අනුව මුදල් ලබාදුන් ආකාරය මුදල්වලට සිදුවුනේ කුමක්ද යනාදි සියලූ‍ කාරණා ළඟදීම හෙළිදරව් කිරීමට හැකිවන බවත් මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පැවැසීය. ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව 1987 අංක 36 දරන කොමිෂන් සභා පනත යටතේ ස්ථාපිත කර ඇත්තේ සාධාරණ කාර්යක්ෂම විධිමත් හා පාරදෘෂ්‍ය වූ ප්‍රාග්ධන වෙළඳපොළක් ප්‍රවර්ධනය සංවර්ධනය හා පවත්වාගන යාමේ මූලික අරමු‚න් යුතුවයි.





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements