BREAKING NEWS
latest

728x90

header-gossip ad

468x60

header-ad -->
Showing posts with label News. Show all posts
Showing posts with label News. Show all posts

එජාපෙ ජණපති අපේක්ෂකයා එළියට එන දවස මෙන්න

ප්‍රජාතන්ත්‍රවාදී ජාති පෙරමුණ පිහිටුවීම හා එක්සත් ජතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම ලබන 24 දා සිදුකිරිමට නියමිතය.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා මේ වන විට පුද්ගලයන් දෙදෙනෙකුගෙන් ලිඛිත ඉල්ලීම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකර ඇති බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

ත්‍රස්තවාදීන්ගේ නැගෙනහිර පලාත් පරිපාලන මධ්‍යස්ථානය අල්ලන පුහුණු මෙහෙයුම සාර්ථකව අවසන් වූ හැටි [ VIDEO ]

තොප්පිගල, නාරකමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ත්‍රස්තවාදීන්ගේ නැගෙනහිර පලාත් පරිපාලන මධ්‍යස්ථානය අත්පත් කරගැනීමට කමාන්ඩෝ සෙබළුන් ඊයේ( 19) සමත්වූහ.

එහිදී ත්‍රස්තවාදීන්ගේ සන්නිවේදන කුළුණක්, අවිගබඩාවක් විනාශ කිරීමට කමාන්ඩෝ සෙබළුන් සමත් වූහ.

දියකාවා යුද අභ්‍යාසයේ ⁣පුහුණු අභ්‍යාසයක් ලෙස පැවැත්වූ මෙම මෙහෙයුමට 1වන කමාන්ඩෝ රෙජිමේන්තුව සහභාගී විය. එය දියකාවා යුද අභ්‍යාසයේ 19 වැනි අභ්‍යාසය වූ අතර මේ සඳහා කමාන්ඩෝ සෙබළුන් 40ක් පමණ සහභාගීවූහ.

‘ඔබ ද්‍රෝහියෙක් කියමින් මං රට වටේ යනවා..’ ඇමති හකීම් අගමැති රනිල්ගේ ඇගට කඩා පනී

අගමැති රනිල් වික්‍රමසිංහ ද්‍රෝහියෙක් යයි යැයි තමන් රට වටේ වේදිකාවක් වේදිකාවක් ගාණේ කියමින් යන බව ‍ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක ඇමැති රවුෆ් හකීම් මහතා සඳහන් කර තිබේ.

අද පැවැති පෙර කැබිනට් හමුවේ දී ඔහු මේ බව සඳහන් කර ඇත.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයා විසින් අදහස් පළ කළ අවස්ථාවේදී ඔහු මේ බව කියා ඇතැයි එහි සිටි ඇමතිවරායෙක් අප වෙත පැවසීය.

සාමනේර දෙනමකට ලිංගික අතවර කළ පොහොට්ටුවේ ප්‍රබල භික්ෂුව මාදුරුඔයේ ධම්මිස්සර හිමි රිමාන්ඩ්

13 හැවිරිදි කුඩා සාමනේර හිමිවරුන් දෙදෙනෙකුට බරපතළ ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරිකයකු සහ ඊට අනුබද්ධ භික්ෂු සංවිධාන නායකයකු වන මාදුරුඔයේ ධම්මිස්සර හිමි අත් අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 

හෝකන්දර දක්ෂිණාරාම පිරිවෙනේ පරිවේනාධිපති තනතුර දරණ ධම්මිස්සර හිමි සමඟ එම පිරිවෙනේම වාසය කළ හීනපහුවේ සුමන හිමි ද පසුගිය 11 වනදා සහ 12 වනදා මෙසේ තලංගම පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත්තේ මෙම අපරාධය සම්බන්ධයෙන් අදාළ කුඩා සාමනේර හිමිවරුන්ගෙන් ලැබුණු පැමිණිල්ලක් අනුවය. ඔවුන් දෙදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 

හිටපු හමුදාපති මහේෂ් සේනානායක ජනාධිපතිවරණයට..?

ඉදිරි ජනපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙසින් හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා ඉදිරිපත් කිරීමට ජාතික ජනතා ව්‍යාපාරය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

රටට නායකත්වයක් ලබාදීමට සුදුසු පුද්ගලයන් පිළිබඳ ජාතික ජනතා ව්‍යාපාරය තුළ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර දේශපාලඥයෙකු නොවන පුද්ගලයෙකු ලෙස මහේෂ් සේනානායක මහතා ජනාධිපති අපෙක්ෂකයෙකු ලෙස ඇති වාසි අවාසි පිළිබඳවද මෙහිදි සාකච්ඡා වී තිබේ.

මව් පදවියට සුදානම් වෙන ඕෂදී අලුතින්ම කරපු ෆොටෝ ෂූට් එක

ඕෂදී හිමාෂා කියලා කියන්නේ ගොඩක් අයගේ ආදරය දිනාගත්ත තාරකාවියක්. කුලුඳුලේම මව් පදවියට සූදානම් වන ඕෂදී තමන්ගේ සැමියා මනෝජ් එක්ක පහුගිය දවසක බොහොම අපූරු ෆොටෝ ෂූට් එකක් කරලා තිබුනා.

මව් පදවියට සුදානමින් ඉන්න නිසාම වෙනදා තරම්ම ක්ෂේත්‍රයේ වැඩවලට සහභාගී නොවුන නිසා ඕෂදී මේ කරලා තිබුන ෆොටෝ ෂූට් එක ගොඩක් අයගේ අවධානය දිනාගන්න සමත් වෙලා තියනවා. 

මෙයාලට ඡන්දය කියන වචනය ජලභිතිකාව හැදුන බල්ලන්ට වතුර වගේ - ගීතා කුමාරසිංහ

ඇල්පිටිය ජනතාව වසර ගණනාවක් බලාගෙන හිටිය ප‍්‍රාදේශිය සභා ඡන්දයට ආපසු නඩුවක් දාන්න සියළු කටයුතු සුදානම් කරලා උසාවියට බාරදුන්න කියලා දැනගන්න ලැබුණු බවත් ඡන්දය කියන වචනය මෙයාලට හරියට අර ජලභීතිකාව හැදිච්ච බල්ලන්ට වතුර වගේ යැයි හිටපු පාර්ලීමේන්තු මන්ත‍්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

ඇය මේ බව කියා සිටියේ ඊයේ (18) දා පෙරවරුවේ ඇල්පිටිය නගරයේ පොදුජන පෙරමුණ මැතිවරණ ප‍්‍රචාරණ කටයුතුවල යෙදි සිටියදී මාධ්‍යයට අදහස් දක්වමිනි,

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙසේද කිවේය.

විවාහ වුණු නාමල් යුවළට හැඳි ගෑරුප්පු මාරු වී මාර අකරතැබ්බයක්

නාමල් - ලිමිණි මං‍ගලෝත්සවය අති උත්කර්ෂවත් ලෙස පසුගිය 12 වැනිදා අවසන් වූයේ තංගල්ල කාල්ටන නිවසේදීය. විවාහය අත්සන් කිරීම ‍කොළඹදී සිදු කෙරුණු අතර ප්‍රධාන ප්‍රියසම්භාෂණය පැවතියේ තංගල්ල කාල්ටන් නිවසේය.

මං‍ගලෝත්සවයේ සියලු කටයුතු අති සාර්ථකව අවසන් වූ නමුත් දැන් නව යුවළ පැටලී ඇත්තේ මාර ජංජාලයකය. නව යුවළට සියලු කටයුතු පසෙක තබ‍ා දැන් සිදුවී ඇත්තේ හැඳි ගෑරුප්පු ප්‍රශ්නයක් විසඳීමටයි.

ජනපතිගේ නෙළුම් කුළුණේ කතාවෙන් චීනය ඇවිලෙයි - හෙට හදිසි කැබිනට් රැස්වීමක් කැදවයි.

හෙට (19) දිනයේ විශේෂ කැබිනට් රැස්වීමක් කැදවීමට ජනාධිපතිවරයා තීරණය ‌කොට ඇති බව දැනගන්නට ඇත.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ පනත් ‌කෙටුම්පත සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සදහා ‌මෙම හදිසි කැබිනට් රැස්වීම කැදවා ඇති බව පැවසේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අනෙකුත් පක්ෂ නායකයන් අතර දැනටමත් සාකච්ජා පැවැත්වී අවසන් එකගතාවකට පැමිණ ඇති බව දැනගන්නට ඇත.

එමෙන්ම අද (18) රාත්‍රියේදී එජාපය මුණගැසී ‌‌මේ පිළිබදව සාකච්ජා පැවැත්වීමට කටයුතු ‌යොදා ඇති බවද ආරංචිය.

2005 ජනාධිපතිවරණයේදී ජෙප්පෝ උදවු නොකළා නම් අපි බක්කෝ වෙනවා

“එදා 2005 ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණයි අපියි සන්ධානයක් ගැහැව්වා. අපි පුටුව අයින් කරලා බුලත් කොළේ දැම්මා. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ පොඩි පක්ෂයක්. ඒත් ජනතා විමුක්ති පෙරමුණ කියන එක අපි අහන්න ඕනේ. එදා ජෙප්පෝ නැත්නම් අපි බක්කෝ. දැන් ඉන්න සොක්කොන්ට ඒක තේරෙන්නේ නැහැ. ඒක නෙමෙයිද ඇත්ත. එදා ජේවීපීකාරයෝ අපිට උදවු කරලා ජනාධිපති හදලා දුන්නා. ඒ හදපු ජනාධිපතිකමින් තමයි අපි යුද්ධය ඉවර කළේ” යැයි උෟව පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායක පැවැසීය.

නෙළුම් කුළුණ වෙබ් අඩවිය විවෘත කරද්දී ජනපති රවටලා

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

තොරතුරු තාක්ෂණ සහ සන්නිවේදන ක්ෂේත්‍රයට වැදගත්වූ උත්සවයක බොරු තාක්ෂණික මවාපෑම් සිදුකිරීමට යාමෙන් එම තාක්ෂණයන් පිළිබද ජනතාව වැරදි අවබෝධයක් ලබාගැනීමට පෙලබීමට හැකිය.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට සහ සන්නිවේදන ක්ෂේත්‍රයට නව සන්ධිස්ථානයක් එක් කරමින් ඊයේ (16) දින අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් කුළුණ විවෘත කෙරුණු අතර එහි සමරු ඵලකය නිරාවරණය ඇපල් අයිපෑඩක් හරහා එතුමන්ගේ අත්ලෙහි පවතින ජෛවමිතික දත්ත (biometric data) භාවිතා කරමින් සිදුකිරීමක් වුනු අතර එහෙත් එය බොරු මවාපෑමක් බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමන්ගේ අත්ල තබන්නේ අයිපෑඩයේ අගුලු තිරයෙහි පවතින බිතුපත (lock screen wallpaper) මත බව එම අවස්තාව සුපරික්ශාකරිව දර්ශනය කිරීමේදී දැනගැනීමට ලැබේ.

කෘෂිකර්ම ඇමතිට නායකත්වය දුන්නේ ජනාධිපති – අගමැති රනිල් ජනාධිපති කොමිසමේදී කියයි

කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් මාසික කුලී පදනම මත ලබාගත් රාජගිරිය ප්‍රදේශයේ පෞද්ගලික ගොඩනැගිල්ල සඳහා අධික වැය බරක් දැරීමට රජයට සිදුවූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (16) ජනාධිපති පරීක්ෂණ කොමිසමේදී පිළිගෙන තිබේ.

තක්සේරු වටිනාකම ඉක්මවා යන මිලකට කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ගොඩනැඟිල්ල ලබාගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් ලැබී ඇත්දැයි විමසීමට අග්‍රාමාත්‍යවරයා අද කොමිසම වෙත කැඳවා තිබූ අතර එහිදී අග්‍රාමාත්‍යවරයාගෙන් පැය 5ක පමණ කාලයක් ප්‍රකාශ ලබාගෙන තිබේ.

නෙළුම් කුළුනේ බිලියන දෙකේ වංචාව ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කරයි

නෙළුම් කුළුණ ඉදිකිරීමේදී රුපියල් බිලියන දෙකක වංචාවක් සිදුව ඇති බවට ඊයේ(16) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය නිවරදි බවට ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇතතේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා රජය විසින් රුපියල් බිලියන 2ක අත්තිකාරමක් චීනයේ ALIT නැමති සමාඟමකට ගෙවා ඇති නමුත් පසුව සිදුකළ විමර්ශනවලදී තහවුරුවී ඇත්තේ චීනයේ හෝ වෙනත් රටක එවැනි සමාඟමක් නොමැති බවත් ය.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනය පහත දැක්වේ…

ශ‍්‍රීලනිප-පොහොට්ටු කුණුහරුපෙන් බැණ ගනිමින් ගුටි ඇණ ගනිති - නාමල්ගේ පාටියට ගිය හතක් අත්අඩංගුවේ..

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රාදේශීය සභා සභාපති වරයෙකු ඇතුළු හත්දෙනෙකු රත්නපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මහ­ර­ගම පොහොට්ටු තොරණට යට වුණු සුලා­රිගේ කඳුළු කතාව

මැති­ව­රණ සමය එළැ­ඹී­මත් සම­ඟින් මහා­මාර්ග ඇතුළු බොහෝ පොදු ස්ථාන­වල දේශ­පා­ල­න­ඥ­යන්ගේ පෝස්ටර්, කට­වුට්, බැනර් සුලබ දසු­නක් බව ඉති­හා­සය හොඳින්ම සාක්ෂි සප­යයි. පෝස්ටර්, කට­වුට්, බැන­ර්ව­ලින් තොර මැති­ව­රණ ප්‍රචා­ර­ණ­යක් ගැන මොන­ත­රම් පාරම් බෑවත් එය ගඟට කපන ඉනි මෙනි. ඉදිරි මැති­ව­රණ සමය එළැ­ඹී­ම­ටත් පෙර විශාල දැන්වීම් පුව­රු­වක් නිසා අක­ර­තැ­බ්බ­යක් වූයේ පසු­ගිය 08 වැනිදා මහ­ර­ගම නග­ර­යේ­දීය.

මහ­ර­ගම නග­රයේ ප්‍රධාන මාර්ගය හරහා ඉදි­කර තිබූ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ විශාල පුව­රු­වක් මාර්ගය හරහා කඩා වැටී­මෙන් මහ­මඟ ගම­න්ගත් දෙදෙ­නෙ­කුට තුවාල සිදු­විණි. එසේම සුඛෝ­ප­භෝගි මෝටර් රථ­ය­ක­ටද හානි සිදු­වුණු අතර තවත් අයෙ­කු­ටද තුවාල සිදුවූ බවට සැල­වූ­වත් එය නිල වශ­යෙන් තහ­වුරු නොවේ.

ශ‍්‍රී ලනිපයෙන් සන්ධානයක් - ජනාධිපති අපේක්‍ෂක විජේදාස

ශ්‍රී.ල.නි.ප.යේ මන්ත්‍රීන් කිහිපදෙනෙක් හා තවත් පොදු සංවිධාන කිහිපයක එකතුවෙන් හිටපු ජනාධිපතිනියගේද අනුග්‍රහයෙන් ගොඩනගන්නට යන නව දේශපාලන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතාගේ නම යෝජනා වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

බන්ධනාගාරයේ සිටින කංජිපානි ඉම්රාන්ට හොර බඩු දෙන්න ආපු තාත්තා කොටු වුන හැටි

බුස්ස බන්ධනාගාරයේ රදවා සිටින ඛන්ජිපාන ඉම්රාන් නැමැති පාතාල රැදවියාට ලබා දිමට රැගෙන ආ බව කියන ජංගම දුරකථන දෙකක් හා චාජර් දෙකක් ඔහුට ලබා දීමට ආහාර ගෙන ආ අසුරනයේ රහස් කුටියක තිබි බුස්ස බන්ධනාගාර වැටලිම් ඒකකයේ නිලධාරීන් විසින් (12) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ජංගම දුරකථන දෙක හා චාජර් දෙක රැගෙන මාලිගාවත්ත ප්‍රදේශයේ සිට පැමිණි ඛන්ජිපාන ඉම්රාන් නැමැති අයගේ පියා සහ සොහොයුරා ඇතුලු හය (06) දෙනෙකු මෙසේ අත් අඩංගුවට ගත් බව බුස්ස බන්ධනාගාරයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් වවුනියාවේ අසරණ පවුලකට නිවසක් තනා දෙමින් කරපු පිං අතේ වැඩේ මෙන්න

යුද්දයෙන් පසුව නැවත පදිංචි දිළිඳු පවුල් වෙනුවෙන් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ක්‍රියාත්මක කොට ඇති අංග සම්පූරණ නව ස්ථීර නිවාස ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ශ්‍රීලංකා ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමමේ හිටපු නායකයෙකු වූ සුපිරි ක්‍රීඩක රංගන හේරත්ද දායකත්වය ලබා දී ඇත.

නව නිවාස ලබාදීමේ වැඩසටහනේ තවත් පියවරක් වශයෙන් වව්නියාව බෝගස්වැව ප්‍රදේශයේ පදිංචි කේ.ඒ.සරත් වැසියා වෙනුවෙන් නිවසක් ලබා දීමට වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් එච්.ජේ.එස්.ගුණවර්ධන මහතා පියවර ගත් අතර ඒ සඳහා අවශ්‍ය මුදල් ආධාර පිළිබඳව ධානපතියන් දැනුවත් කිරීම වන්නි ආරක්ෂ සේනා මූලස්ථානය විසින් සිදු කරන ලදි.

කොළඹට ඇවිත් පුද්ගලයෙක් දව­ස­කට දාන කුණු ප්‍රමාණය කිරැවොත් හරියටම ගාන දන්නවද? - ඒකට ආණ්ඩුවෙන් කරන්න යන දේ මෙන්න

කොළඹ නග­රයේ සිටින හා පිට පළා­ත්ව­ලින් කොළ­ඹට එන සෑම පුද්ග­ල­ය­කුම දින­කට කුණු කසළ ග්රෑම් 850ක් පරි­ස­ර­යට බැහැර කරන බව අලුත්ම සමීක්ෂණ වාර්තා මගින් සොයා ගෙන තිබෙන කරුණක්. එසේම බස්නා­හිර පළාතේ හා ඒ අවට ප්‍රධාන නග­ර­ව­ලට ද ඒ ගැට­ලුව ඇති අතර ඒ අනුව ඒ නග­ර­ව­ලට එන පුද්ග­ල­යකු පොදුවේ දව­ස­කට අප­ද්‍රව්‍ය ග්රෑම් 700 – 750 ප්‍රමා­ණ­යක් ඉහත නග­ර­ව­ලට බැහැර කරනු ලබන අතර, අර්ධ නගර හා ග්‍රාමීය ප්‍රදේ­ශ­වල එක් පුද්ග­ල­ය­කුගේ කසළ බැහැර කිරීම ග්රෑම් 500 – 300 දක්වා අතර අගයක් ගනු ලබන බවයි හෙළිවී ඇත්තේ.

පසුගිය කාලය පුරාවටම කසල නිසි කළමනාකරනයකින් තොරව ඔහේ දැ කිසියම් හෝ ස්ථානයක තාවකාලිකව ගොඩ ගැසීම නිසා ඛේදවාචකයක් වූ බව මීතිටමුල සිදුවීමෙන් අපට ගත හැකි උදාහරණ වේ. මැතිවරණ කාලයට විවිධ පොරොන්දු දී බලයට පත් වූවත් කොළඹ සහ තදාසන්න නගරවල එකතුවෙන කසල ප්‍රමාණයට විසඳුම් සොයා ගැනීමට ඒ ඒ නග සභා සහ ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරුන්, සභාපතිවරුන් මෙන්ම නගරාධිපතිවරුන්ද තවමත් සමත් වී නැත.

ධුර කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය වීමසීමත් කල් දමයි - ජනපති අමුතුම අඩව්වක් අල්ලන්නට සැරසෙයි?

තමන්ගේ ජනාධිපති ධුර කාලය අවසන් වන්නේ 2020 මැයි 15 වනදායින්ද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියලු ලේඛන සූදානම් කරගෙන සිටින බව අපි පසුගිය සතියේ වාර්තා කළෙමු. 

ඒ අනුව පෙරේදා (10) දිනයේදී එම ලේඛන ශ්‍රේෂ්ඨාධිකරණය වෙත භාරදීමට නියමිතව තිබුණ ද අවසන් මොහොතේදී ජනාධිපතිවරයා එය දමා ඇති බවයි ජනාධිපති කාර්යාලයේ ආරංචිමාර්ග සඳහන් කළේ.