Featured News

Video Gossip

Advertisement

පෙරේරාගේ විවාහ මංගල උත්සවයෙන් අනතුරුව ඇය විසින් මාධ්‍යයට නිකුත්කර තිබුණු ඡායාරූප එකතුව ගැන බොහෝ අය බොහෝ තැන්වල කතාබහ කළා. ඇගේ ඒ සාරියට බොහෝ අයගේ අවධානය යොමු වී තිබුණු නිසා එහි නිර්මාණ ශිල්පිනිය චම්පි සිරිවර්ධන සමග කතාබහ කරන්න අපි තීරණය කළා.

ලංකාවේ මෙහෙම දෙයක් කලින් කරලා නැහැ. විශේෂයෙන්ම ක්‍රිස්ටල්වලින් හැදුව සාරි නිර්මාණයක් මීට කලින ලංකාවේ නිර්මාණය කළෙත් නැහැ.

මේ අපූරු සාරි නිර්මාණය චම්පිගේ අතින් හැඩවෙන්නේ නතාෂාගේ ඉල්ලීම අනුවයි. එහෙම නේද?



ඔව්. නතාෂාගේ වෙඩින් එකේ ගවුමයි ඔසරියයි දෙකම හැඩගන්වන්න දෙන්න හිටියේ මට. එයා කිව්වා එයාගේ මංගල උත්සවයේ තේමාව ක්‍රිස්ටල් ගල් කියලා. ඒ නිසා ඒ තේමාවට ගැළපෙන විදිහට සාරි නිර්මාණය වගේම ඇගේ කොණ්ඩ විලාසිතාවත් ක්‍රිස්ටල් ගල්වලින් නිර්මාණය කළා. ක්‍රිස්ටල් ගල් සහිත සාරිය එයා කැමැති විදියට ලස්සනට නිර්මාණය කරලා දෙන්න මට ලොකු වුවමනාවක් තිබුණා ඒ නිසා සරීටා ආයතනයට ඩිසයින් එක හදලා දුන්නා. මට අවශ්‍ය විදිහට.

ණඔව්. නතාෂාගේ වෙඩින් එකේ ගවුමයි ඔසරියයි දෙකම හැඩගන්වන්න දෙන්න හිටියේ මට. එයා කිව්වා එයාගේ මංගල උත්සවයේ තේමාව ක්‍රිස්ටල් ගල් කියලා. ඒ නිසා ඒ තේමාවට ගැළපෙන විදිහට සාරි නිර්මාණය වගේම ඇගේ කොණ්ඩ විලාසිතාවත් ක්‍රිස්ටල් ගල්වලින් නිර්මාණය කළා. ක්‍රිස්ටල් ගල් සහිත සාරිය එයා කැමැති විදියට ලස්සනට නිර්මාණය කරලා දෙන්න මට ලොකු වුවමනාවක් තිබුණා ඒ නිසා සරීටා ආයතනයට ඩිසයින් එක හදලා දුන්නා. මට අවශ්‍ය විදිහට. මගේ මෝස්තරය අනුව සරීටා ආයතනය ඉන්දියාවේ යවලා ඒක නිර්මාණය කරලා ගෙනාවා. නමුත් මට ඕන විදිහට ඒක නිර්මාණය නොවුණ නිසා තුන් වතාවක් ඉන්දියාවේ සාරිය යවන්න සිද්ධ වුණා. සාරිය මට අවශ්‍ය විදිහට නිර්මාණය කරන්න ක්‍රිස්ටල් ගල් ලක්ෂ පහක් යොදා ගත්තා. සාරියේ බර කිලෝ 15යි වටිනාකම රුපියල් ලක්ෂ දහයයි.”

සරීටා ආයතනයත් මේකට ගොඩක් මහන්සි වුණා. නතාෂා හිතුවෙත් නැහැ මේ තරම් ලස්සනට සාරිය අවසානයේදී නිර්මාණය වෙයි කියලා. නතාෂා ඒක මටත් කිව්වා.

ඒ තරම් මුදලක් වියදම් කරමින් නතාෂාට අවශ්‍ය විදිහට සාරිය නිර්මාණය වුණා නම් ඔසරිය හැඩගැන්වීම ඔබේ අතින් සිදුනොවුණේ ඇයි. ඒ ප්‍රශ්නයට චම්පිගේ පිළිතුර වුණේ,

සාරිය නිර්මාණය කරලා ඉවර වුණාට පස්සේ එයා කිව්වා එයාගේ ඔසරිය හැඩගැන්වීම කරන්න නිෂා මනහාරිට දෙන්න ඕන කියලා. නමුත් ඒ වෙද්දි සාරිය විශාල මුදලක් වැය කරලා මීට පෙර මෙරට නොවූ අයුරින් සාරිය නිර්මාණය කරලා තිබුණේ. ඒත් මට කරන්න දෙයක් තිබුණේ නැහැ. ඇය ප්‍රතික්ෂේප කළා. නිෂාන් මමත් එකම ක්‍ෂේත්‍රයේ නිසා මට නතාෂාට විරුද්ධ වෙන්න බැහැ. මම ඇයට කිව්වා කමක් නැහැ මංගල උත්සවයට නිෂාගෙන් හැඩගැන්වීම කරගන්න කියලා. මේ හේතුව නිසා මමත් සරීටා ආයතනයත් සාරියේ වටිනාකම ඛෙදාගෙන මෙහි වියදම දැරුවා.

බොහෝ දෙනා හිතුවේ නතාෂා පෙරේරාගේ රුපියල් ලක්ෂ දහයක වටිනා ඔසරිය විවාහ මංගල දිනයට භාවිත කළා කියලයි. එහෙත් එය එසේ නොවුණ බව චම්පි අපට පැවසුවා.

මේ සාරිය හුඟක් මහන්සි වෙලා නතාෂා වෙනුවෙන්ම කළ දෙයක් නිසා මම කිව්වා මට ෆෝටෝ ෂූට් එකක් හරි ඕනේ කියලා. ඒ විදිහට තමයි නතාෂාගේ මනාලයා ප්‍රිහාන්වත් දාලා ෆොටෝ ෂූට් එක කළේ. මම එයාලගේ වෙඩින් එක වෙනතුරු එය ප්‍රසිද්ධ කළේ නැහැ. අන්තිමේදී මම එයාව ගවුමෙන් හැඩගැන්නුවා. නිෂා එයාගේ නිර්මාණයට කළ ඔසරියට නතාෂාව හැඩගැන්නුවා. විශාල මුදලක් වැය කළ නිසාත් මගේ සාරි නිර්මාණය ඇය වෙනුවෙන් කළ නිසාත් එය අවසානයේදී මම නතාෂා පෙරේරාට තෑගි කළා. ඒත් එයා විවාහයට ඒ සාරිය ඇඳලා තිබුණේ නැහැ. ඡායාරූප ෆේස්බුක් අඩවියේ ප්‍රචාරය කළාම හුඟදෙනෙක් හිතුවා ඒක නතාෂාගේ හොම්කමින් ඇඳුම ගොයින්අවේ ඇඳුම කියලා.

නතාෂාගේ වටිනා සාරිය නිර්මාණය කළ ආකාරය ගැන හා එහි සිද්ධියේ ඇත්ත කතාව චම්පි එසේ සටහන් කළා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements