වාද්දුවේ කාර් රථය දුම්රියේ ගැටී
පහක් මියයති
ගේට්ටු මුරකරු දාන්න එපා කියා
කෑගසද්දී කාරය රේල් පාරට දාල
ඡායාරෑප
පහක් මියයති
ගේට්ටු මුරකරු දාන්න එපා කියා
කෑගසද්දී කාරය රේල් පාරට දාල
වාද්දුව පොතුපිටිය දුම්රිය හරස් මාර්ගයේදී ඊයේ (27 වැනිදා) සවස 3.50ට නොසැලකිලිමත් අයුරින් ධාවනය කළ මෝටර් රථයක් ශීඝ්‍රගාමී දුම්රියක ගැටීමෙන් පස්දෙනකු මරුමුවට පත්වී ඇතැයි වාද්දුව පොලිසිය පවසයි.
මෙම අනතුරින් මියගිය පස්දෙනාම පිරිමි පුද්ගලයන් බව ද පොලිසිය කියයි.
මොවුන් හැපී ඇත්තේ මාතර සිට කොළඹ බලා පැමිණෙමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රියකය. මෙලෙස මියගොස් ඇත්තේ වාද්දුව, වාඩියමංකඩ හා වස්කඩුව යන ප්‍රදේශවල පදිංචිව සිටි පියල් සිල්වා, බන්දුලාල් සිල්වා, දුමින්ද සිල්වා, ශසීන්ද්‍ර සිල්වා, කොල්වින් සිල්වා යන අය බවත් ඔවුන් අවුරුදු 40 ත් 50 ත් අතර වයසේ පසුවන්නන් බවත් පොලිසිය කියයි.
මෙම පිරිස වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ වෙරළ තීරයක හිඳ විනෝද වීමෙන් පසුව ආහාර රැගෙන ඒමට යළි මෝටර් රථයෙන් ගාලු පාර දෙසට පැමිණෙමින් සිට ඇත. ඒ අවස්ථාවේ අනතුර සිදු වූ දුම්රිය ගමන් මාර්ගයේ ගේට්ටුකරු එක් දුම්රිය ගේට්ටුවක් වසා අනෙක් ගේට්ටුව වසා දැමීමට යද්දී පැමිණෙමින් තිබූ මෝටර් රථයට අත දමමින් කෝච්චියක් එනවා දාන්න එපා දාන්න එපා... යෑයි කෑගසා ඇතත් එම අවවාද නොතකා මෝටර් රථ රියෑදුරු දුම්රිය මාර්ගයට රථය දමනවාත් සමඟම ශීඝ්‍රගාමී දුම්රියේ ගැටී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
දුම්රියේ ගැටීමත් සමඟ මෝටර් රථය දුම්රියේ ඇමිණී මීටර් 500 ක් දුරට ඇදී ගොස් නතර වී තිබූ බව ද පොලිසිය කියයි.
මියගිය සියලු දෙනාම මත්පැන් පානය කර සිටින්නට ඇතැයි සැකකරන බව ද පොලිසිය පවසයි.
මියගිය අය අතර ව්‍යාපාරිකයන්ද, අධිකරණ සේවකයකු සහ ත්‍රිරෝද රථ රියෑදුරකු ද සිටින බව පොලිසිය කියයි.
මියගිය පස්දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද (28 වැනිදා) පානදුර රෝහලේදී සිදුකිරීමට නියමිතය.
මේ පිළිබඳව වාද්දුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් කුමාර පිටිගල මහතාගේ උපදෙස් මත රථවාහන විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සිරිවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් අල්විස් (26611), පොලිස් කොස්තාපල්වරුන් වන පෙරේරා (84803), සුපුන් (34483) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
සිද්ධිය ඇසින් දුටු කිහිපදෙනෙක් මෙසේ අදහස් දැක්වූහ.
ප්‍රදේශවාසී කාන්තාවක වූ නිමන්ති ශානිකා මහත්මිය සිද්ධිය මෙසේ විස්තර කළාය.
මම ඉන්නේ දුම්රිය හරස් මාර්ගය පේනදුර. ගෙදර වැඩ කර කර ඉද්දි එක පාරටම මහ හයියෙන් සද්දයක් ඇහුණා. ඒ එක්කම එළියට ඇවිල්ලා බලද්දි දැක්කා කාර් එකක් කෝච්චියේ හැප්පිලා ඇදීගෙන යනවා. පාරේ දෙන්නෙක් වැටිලා හිටියා. ඒ අය ඒ වෙද්දිත් මැරිලා ඉන්න ඇත්තේ. කට්ටිය ඉක්මනින් රෝහල් අරන් යන්න කටයුතු කළා.
ප්‍රදේශවාසියෙකු වන ඩී. ඒ. ශිරන්ත මහතා මෙසේ පැවසීය.
අපි ගොඩක් අය හිටියා පාරේ මේ අනතුර වෙද්දී. කාර් එක කිසිම විදියකට දුම්රිය එන එක ගැන නොහිතා දැම්මා. ඒ අය හිතන්න ඇති ඉක්මනින් වාහනය දා ගන්න පුළුවන් වෙයි කියලා. තත්පරේට වාහනය හැපිලා කෝච්චිය එක්කම ඇදිලා ගියා. මීටර් තුන්සියයක් හාරසියයක් ඇදිලා යන්න ඇති මං හිතන්නේ වාහනේ ගිය අයගේ සිරුරු තැනින් තැන වැටිලා












