Featured News

Video Gossip

Advertisement

දකුණට ගහන මදුක
බුකියේ පොරක්ද?
බොරදීයේ මාළු බැමට ගොස්
ගම්මන්පිල ඉල්ලාගෙන කයි


මදූක තක්සලගේ සීනි කුරුල්ලා ආවේ කොහෙන්දැයි සැකයක්?
සීනි කුරැල්ලාගේ ඇත්ත කතාව

දකුණට අපහස කරපු මදූක නම් තක්කඩියා මෙන්න

කාලෙන් කාලෙට විවිධ විප්ලව වාදි අදහස් හුවමාරු වෙන බුකිය තුල මේ දිනවල දකුණ පිළිබදව විවිධ අදහස් හුවමාරැ වෙමින් පවතිනව. ඒ අතර දකුණෙ භාෂාවට මුල් තැනැක් ගෙන තිබීම විශේෂත්වයක්. නමුත් මන්ත්‍රි ගම්මන්පිල ප්‍රකාශ කොට ඇත්තේ මෙය ආණ්ඩුව විසින් මෙහෙයවන සිංහල සමගිය විනාශකිරීමට ගෙන යන ක්‍රියාවක් බවයි. මේ පිළිබද ගොසිප්99 අප සොයායමින් යන අතරතුර මදූක තක්සල  නාමයට බුකිය තුල කතා බහට ලක්වී තිබීම දක්නට ලැබුන.  පසුව අප වෙත අනාවරනය වූයේ ‘‘බෙන්තර ගගෙන් එහා හරිය‘‘ නම් පිටුවෙහි නිතරම දකුණේ අභිමානය පිළිබදව ඉදිරිපත් කිරීමත් සමග මොහු විසින් ඊට ප්‍රථිඋත්තර  බදිමින්  තම   ‍Facebook   පිටුවේ දැමූ Status එකක්  නිසාවෙන් එල්ලවූ අභියොගයට උත්තර බැදීමක් ලෙස ඔහුගේ හිතවාදීන් සමග මෙය සිදුකර ඇති බවත් පසුව මෙය අනෙක් පිටු දක්වා  පැතිරීගොස් ඇති බවයි. 
මීට පෙරද මෙවැනිම ආසිරි වනිගරත්නට අභියෝග කරමින් බුකිය තුල  මෙවැනිම යම් කසුකුසුවක් ඇතිව තිබූ අතර එයද ආරම්භ කොට ඇත්තේ මොහු ඇතුළු පිරිස බවට ගොසිප්99 අපට අනාවරනය විනි. මොහු කාලයක් එංගලන්තයේ සිට මාධ්‍යවේදියා පිටුවෙහි ප්‍රධාන කතුවරයා ලෙස ලංකාවතුල එවකට පැවති රජය පිළිබදව යම් මතයක් ඇති කර පුද්ගලයෙකු බවත් කාලෙන් කාලයට බුකියතුල විවිධ විප්ලව කරන බුකියේ විප්ලව වාදියෙක් බව අප අනුරාධ සැමුවෙල් සමග සිදුකර සංවාධයේදී අනාවරනය විය. නමුත් මොහුගේ මෙවැනි තක්කඩි කම් අප අනුමත කරන්නේ නැත.

අපොස  සාමාන්‍ය  පෙළ දක්වා ඉගෙන ගත් ඕනෑම අයෙකුට සිංහල විශය තුළින් ලංකාවේ එක් එක් ප්‍රදේශවලට ආවේනික වූ ප්‍රාදේශීය බස්වහර පිළිබදව උගන්වනු ඇත. එනම් ලංකාවේ වෙසෙන අපට  මෙය  මැජික් නොවේ. නමුත් එංගලන්තයේ සිටි මදූකට මෙය මැජික් විය හැකිය මක්නිසාදයක් පිට රටකට ගිය බොහෝ දෙනෙකුට සිංහලකම අමතක වන නිසාවෙනි.  නමුත් මොවුන් පවසන මෙම සීනි කුරැල්ලා පිළිබදව දකුණෙහි ප්‍රාදේශීය ව්‍යවහාරායේ නොමැත.  මෙය ලියනමාද එය දැන්ගත්තේ බුකිය තුලින් බවත් දකුණේ අප තුල එවැනි වචනයක් භාවිත නොවෙනු ඇත. මදුක තක්සලගේ සීනිකුරැල්ලා ආවේ කොහෙන්දැයි අපට සැකයක් ඇතිවනු ඇත.

මොවුන් කුමණ දේ සිදුකළද  දකුණෙ පුද්ගලයන් කොහේ ගියත් අපි දකුණෙ කියන්න පසුබට වෙන්නැති බව අපි කවුරැත් දන්නා කාරනයක්. දකුණෙන් බිහිවු වෙබ් අවියක් වන ගොසිප්99 අපි දකුණ පිලිබද සොයාගිය ගමනෙහි මාතර පිළිබද  තොරතුරැ බිදක් පහතින්..

 රුහුණේ මාතර අපිට අභිමාණයකි මාතර බස් වහර

 සිංහල හෝ වේවා ඕනෑම භාෂාවක විවිධ වෙනස්කම් තිබෙනවා.අපේ රටේ බහුතරයක් කතා කරන්නේ සිංහල භාෂාවයි.නමුත් ඇතැම් විට එක් එක් ප්‍රදේශවල අය භාෂාව භාවිතා කරනවිට සිංහල භාෂාවේම වුණත් වෙනස්කම් තිබෙනවා.මේ වෙනස්කම් තමයි භාෂාවේ ප්‍රාදේශීය ව්‍යවහාර කියන්නේ.මෙහිදී දැකිය හැකි ලක්ෂණයක් තමයි ඔබ යම් දෙයකට පාවිච්චි කරන වචනය වෙනත් ප්‍රදේශයකින් පැමිණියෙකු වෙනත් වචනයක් යොදමින් කතා කිරීම. හින්නිකිතර යමක් ඔබට පවසන්නේ සීමිත බවයි. කොළඹ සිටින්නේ නම් ඔබට එය පවසන්නේ කෙටියෙනි, නැතහොත් ස්වල්පයක් වශයෙනි. මාතරදී එය ඩිංගිත්තක් ලෙසද පැවසිය හැක. එසේම පොඩිත්තක් කියාද කීවාට මාතරදී නම් කමක් නැත.

භාෂා ව්‍යවහාරයේ තවත් වෙනස්කමක් දැකිය හැකියි.රත්ගම හා බලපිටිය ප්‍රදේශවල වහරේ අමුතු බවක් දිස්වෙනවා.ඒ අමුතු බව දිස්වෙන්නේ වචනවල නොව උච්චාරන රටාවෙයි.
01).මවගේ නැගණිය - බාලම්මා,පුංචි අම්මා
02).මුත්තා - මුත්තණ්ඩි
03).ඔබ - ඔහේ
04).ඔයයි මමයි - ඔයැයිතුයි මමයි
05).නුඹ,නුඹලා - බොලා
06).ඉලන්දාරියා - ගැටයා
07).කට්ටඩියා - ඇදුරා
08).තොවිල්කාරයා - යකැදුරා
09).පුළුවන්කම ඇත්තා - ඇහැක්කාරයා
10). දේවාල කපුවා -,පත්තිනි මහත්වරු
11).දිවුල් - ජූල්
12).අනෝදා - අනෝනා,අනෝල,
13). මොනවටද - මක්කටෙයි මොකටෙයි
14).පරම්පරාව - සනුවරේ
15).විවාහය - හිරය
16). .කුඩා කූඹියා -හින්නා විජය මාලනී රඟපෑ අපූරු චිත්‍රපටියක් කොළඹදී "මේ දෑස කුමටද" ලෙස නම් වෙත්දී මාතරදී එම නම අසාර්ථක වූ බැවින් " මේ දෑස මක්කටෙයි" යනුවෙන් ව්‍යවහාර වූවා යැයි කියනා විහිළුවක්ද ප්‍රචලිතව තිබූ බව මට මතක තිබේ. එය යම් සත්‍යයක්ද නැත්තේ නැත මාතරදී "මොකටද" කියා අපද නොඅසයි. ඔබ මාතරදී ඔහේය. ඒ නිසා අද මා මාතර සිටිමින් මේ ලිපිය ලියන්නේ ඔහේලටයි, එය පොදුවේ ඇමතුවේ නම් ඒ ඔබටයි. ඒ කෙසේ වෙතත් මාතරදී ඔහේලා කාටවත් තමුසේ කියා ඇමතීමෙන් වලකිනවා නම් ඇඟට ගුණය. ඒ මාතරදී තමුසේ කියා ඇමතීම එතරම් සුහද ඇමතීමක් නොවන බැවිනි. හැබැයි මාතරදී හාමුදුරුවන්ද, මව මෙන්ම පියාද යහළුවන්ද අඹු සැමියන්ද, ඔහේම වෙයි. යම් ස්ථානයක් ඇඟවීමට අප කොයිබද, කොයිබටදැයි.... යැයි විමසයි. පොල් ලෙලි ගහනවා යන්න පොල් ඔයනවා යන්න භාවිතයේ ඇත. පවුලේ බාල දරුවන් හඳුන් වන්නට පුංචි යන අදහසට හීන්, හින්නී, හිච්චී, අදහස ය. හීන් අක්කා හීන් මල්ලී .හින්නි අම්මා හිච්චි නැන්දා හිච්චි අක්කා........ නමුත් මෙහිදී කෙට්ටු බවද කෙසඟ බවද සඳහන් කරයි.

 ඒ වගේම මාතර කූඹි නැති අතර ඉන්නේ හින්නෝය. ඒක වචනයෙන් හින්නා ලෙසද කූඹියා හදුන්වයි. ඔහේලාට මාතරදී මාළු කන්න සිතුනොත් ඒ කුමන මාළුදැයි පහදා දෙන්න. නැත්නම් මෙහිදී සියලුම මස් සහ මාළු වර්ග මාළු වේ. හැබැයි එලවළු මාතරදී වෑංජනවේ. මාතර අපි සමහර විට හොද්දක් කන්නට සිතේ එනම් ඇටවල්ලන් වැනි මාළු කිරසට හෝ මිරිසට හොදි සාදා කෑමට සිතීමයි. අප මාළු කල් තබා ගැනී මට මාළු ඇඹුල්තියල් ලෙස රසවත්ව පිළියෙල කර ගනි. අපට කැකුළු බත සමඟ පොල් සම්බෝල සහ මාළු ඇඹුල්තියල් ඇත්නම් දිව්‍යෙලෝක අහාර වේලකි. ඔහේලා කෑම උයනවා නේද? නමුත් මාතර දී කෑම උයන්නේ නැත. මෙහිදී කෑම පිසියි. කොළඹදී බතක් උයා සම්බෝලයක් සමඟ කෑමට ගත හැකි වුවත් මාතරදී, හැකි වන්නේ බතක් පිහා සම්බලයක් සාදා ගැනීමටයි. අපි රසට කන කෙහෙල්මුව මාතරදී වතුමොයියාය. කීර යනුවෙන් හඳුන්වන මැල්ලුමට ගන්නා කොල වර්ග මාතරදී පලාය. පොලොස් මාතරදී පැහි වේ. කොස් මාතරදී හෙරලි බවට පත් වේ. කරපින්චා මාතරදී කරපුන්චා වන අතර පපඩම් පප්පඩම් වේ.

බිත්තර බිස්තර වන අවස්ථාද නැත්තේ නොවේ. යම් එලවළුවක් හෝ මාළුවක් උයා ගැනීමෙන් හට්ටියේ අඩියේ ඉතිරිවන බොරයට දංකෙඩ යි. ගස්ලඹු යනුවෙන් හඳුන්වන පලතුර මාතරදී පැපොල්ය. ඉතා රසවත් බීමක් සාදා ගත හැකි දිවුල් මාතර අයට ජූල්ය. මාතර දරුවන්ට ආච්චිලා සීයලා - ආත්තලා, මුත්තලා සහ සමහර අයට සිටින්නේ ආත්තම්මලා සහ මුත්තම්මලාය. මාතරදී ප්‍රයෝජනයට ගන්නා උපකරනද වෙනස්ම ඒවාය. එනම් මාතර මිනිස්සු වෑයෙන් අහිති, උදැල්ලෙන් ද අහිති. කඩදාසි කරදාසි බවට පත් වේ. එසේම සබන් රබන් වන අවස්ථාද මම දැක ඇත්තෙමි. දණහිස් කටුවට මාතරදී වහරන්නේ දණ පොලොත්ත, දණ පොල් කටුව කියාය. ඒ නිසා දිය ලුණු දමන්නේ පොල්කටුවේ නොව ලුණු පොලොත්තේය. අපි සැම විටම කෙනෙක් හමුවුන විට දොඩයි... මිනිස්සු ළතෝනි දෙති. සමහර අය කෑගසති, ඒ වගේම තවත් විටෙක මොර ගහති. හැබැයි හැම විටෙකම දොඩති. දෙඩීම විවිධාකාරය. එකිනෙකා දෙඩන අතර කට්ටියක් පිස්සු විකාර දොඩවති. සමහරුන් රංඩුවට දොඩති. සිංහළ අලුත් අවුරුද්දට කල ප්‍රධානම දෙයකි ගෙවල් අලෙයි කිරිම. ඒ සඳහා අලස නොවු ආර්ථිකය ශක්තිමත්, මව්වත්කම් ඇති අයට ආරාධනා කරයි. ( අන්තර්ජාලය ඇසුරිනි)

නමුත් මන්ත්‍රි ගම්මන්පිල සදහන් කොට ඇත්තේ මෙය රජය විසින් පළාත්භේදය ඇතිකොට සිංහල සමගිය විනාශකිරීමට ගෙන යන ක්‍රියාවක් බවයි. තමන්ගේ කුණු සොදා ගැනීම පිණිස බොරදීයේ මාළු බැමට බලන මෙම සටකපට දේශපාලකයා සිදු කරන ප්‍රකාශ පිලිගැනීමට පෙර ඒ පිලිබදව දෙවරක් සිතා බැලිය යුතුය .

එනම් මෙයි සිදු කලේ කවුරුන්ද සිදුවූයේ කෙසේද යන්න අනාවරනය වී ඇති බැවිනි.

සංවර්ධනය, පාලනය,  වැනි විවිධ  දෑ  පහසුවීම  උදෙසා රටක් මෙවැනි උතුර , දකුණ   ආදී වශයෙන් විවිධ කොටස් වශයෙන් හදුන්වනු ලබන අතර නමුත් අපි  සියල්ලම ශ්‍රී  ලාංකිකයෝය. 











gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements