Featured News

Video Gossip

Advertisement

මහින්ද රාජපක්ෂවත් ඊ නිව්ස් එකට
නොකරපු දේ අපි කරපු 
එක ගැන මට ලැජ්ජයි..! 

මීට එරෙහිව මම තනියම හරි සටන් කරනවා 
-අමාත්‍ය හරීන් ප්‍රනාන්දු

මහින්ද රාජපක්ෂවත් ඊ නිව්ස් එකට නොකරපු දේ අපේ ආණ්ඩුව කරපු එක ගැන තමාට ලජ්ජා බවත්, මේක ආණ්ඩුවට සාපයක් වනු ඇතැයි තමන්ට බිය බවත්, මෙයට එරෙහිව තමන් තනියම හරි සටන් කරන බවත් විදුලි සංදේශ සහ ඩිජිටල් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.  

ලංකා ඊ නිව්ස් ප්‍රධාන කර්තෘ වරයාට හා එම වෙබ් අඩවියට එරෙහිව සිදුවන අධිකරණ හා දේශපාලනික ක්‍රියාවලිය සම්බන්ධයෙන් විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සමඟ කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවක කොටසක් පහත දැක්වේ.
"ඉස්සෙල්ලාම කියන්න ඕන මම මේකට සම්පූර්ණයෙන් විරුද්ධයි. අධිකරණයට අපහාසයක් කළා නම් වෙබ් සයිට් වලට නීතියක් ගේන්න තිබුනා. වෙබ් සයිට් වලට ලංකාවේ එහෙම නීතියක් නෑ. හැබැයි ඒ සම්බන්ධයෙන් මෙහෙම එක පාරට මේ වගෙ මේ ආණ්ඩුව ගේන්න විශාල වැඩකොටසක් කරපු නිර්භීත මාධ්‍ය ආයතනයකට මෙහෙම කරපු එකට මම දැඩිව විරුද්ධයි. මේක කරන්න කලින් අඩුම තරමේ ඒ ආයතනය සමග හෝ සඳරුවන් සමග කතාබහ කරල බලන්න යුතුකමක් තිබුනා.

ලංකා ඊ නිව්ස් කියන්නේ තිබුන ආණ්ඩුව වෙනස් කරන්න වැඩ කරපු ලොකුම හස්තය. අපි ඒ කාලේ විපක්ෂයේ හිටපු කාලේ විවාද වලට යද්දී මහින්ද රාජපක්ෂලාගේ ආණ්ඩුවට විරුද්ධව කරුණු හොයාගත්තේ ඊ නිව්ස් එකෙන්. අපිට ගවේෂණ කණ්ඩායම් හිටියෙ නෑ. අපි සේරම ඒ වගෙ තොරතුරු දැනගත්තෙ ලංකා ඊ නිව්ස් එකෙන්. අපි ඒ තොරතුරු මුල් කරගෙන තමයි එදා ඒ ආණ්ඩුවට ගැහුවේ. අපි එහෙමයි ඊ නිව්ස් එකෙන් ඒ කාලේ වැඩ ගත්තෙ. එහෙව් ඊ නිව්ස් එකට මේ කෙළෙහිගුණ අමතක සමහරු  කරන වැඩ නිසා මට ඇත්තටම බයයි අපේ ආණ්ඩුවට මේක සාපයක් වෙයි කියලා.

මහින්ද රාජපක්ෂ නැති කරපු ඊ නිව්ස් එකට මහින්ද රාජපක්ෂවත් නොකරපු දේ අපේ ආණ්ඩුව කරපු එක ගැන මට ලැජ්ජයි ඇත්තටම. මහින්ද රාජපක්ෂටත් ඕන නම් තිබුනා සඳරුවන්ට ඕක කරන්න. ඒත් මහින්දවත් ඔහොම කරේ නෑ. ඊ නිව්ස් වගේම නම තියෙන තව මඩ වෙබ් එකක් තියෙනවා. ඊ නිව්ස් කවදාවත් ජාතිවාදය ආගම් වාදය ඇවිස්සුවේ නැති වුනාට ඒ මඩ වෙබ් එක ඒක කරනවා. ඒවායි එවුන්ටත් එහෙනම් ඔහොම කරන්න එපැයි.

මම මේ සම්බන්ධයෙන් අඟහරුවාදා කැබිනට් එකෙත් කතා කරනවා. අපේ සමහරුන්ට කොන්ද පණ නැති උනාට ඕවා කියන්න මගේ කැබිනට් ඇමැතිකම නැති උනත් මම මේ ස්ථාවරයේ ඉන්නවා ඒ වෙනුවෙන් මම තනියම හරි සටන් කරනවා."

සාකච්ඡා කළේ - වෛද්‍ය ශිෂ්‍ය එම්.එල්.එච් අඹේපිටිය
ලංකා ඊ නිවුස් ඇසුරෙන්







gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements