අද speedup පාපැදි සවාරියේ අභියෝගාත්මක සිව්වන දිනය. ඊයේ වනවිට ඉදිරියෙන් සිටි තරගකරුවන් කදු නැගීමේ අදියරෙන් පසුපසට ගෙනහැර දමන්නට බොහෝ දෙනා උත්සාහ ගත්ත. Friends කණ්ඩායමත් අද තරග බිමට පිවිසියේ ඒ බලාපොරොත්තුවෙන්. කදු සහිත මාර්ගයේ ගමන් ගනිද්දී කිරිබත්ගොඩ චින්තරා කණ්ඩායමේ දිනුකගේ පාපැදියේ රෝදයක හුලං නැතිව අසරණ වී අතරමග නතර වුනා.
සැණින් පැමිනි රථයට ගොඩවුන චූල සහ හර්ෂ තම අතිරේක රෝදයක් තම තරගකාරී දිනුකට ලබාදුන්නේ ක්‍රීඩාවට වඩා මිනිසත්කම වටිනාබවට උතුම් ආදර්ශයක් පෙන්වමින්.මෙහි විශේෂත්වය වන්නේ පසුව තිදෙනාම දෙවන පොකුරේ තරගය නිමා කිරීමයි.



