Advertisement

ජයග්‍රහණයට වඩා 
මනුස්සකම වටිනා බව 
ඔප්පුකල මීගමුව රෝහලේ වෛද්‍යවරයා

අද speedup පාපැදි සවාරියේ අභියෝගාත්මක සිව්වන දිනය. ඊයේ වනවිට ඉදිරියෙන් සිටි තරගකරුවන් කදු නැගීමේ අදියරෙන් පසුපසට ගෙනහැර දමන්නට බොහෝ දෙනා උත්සාහ ගත්ත. Friends කණ්ඩායමත් අද තරග බිමට පිවිසියේ ඒ බලාපොරොත්තුවෙන්. කදු සහිත මාර්ගයේ ගමන් ගනිද්දී කිරිබත්ගොඩ චින්තරා කණ්ඩායමේ දිනුකගේ පාපැදියේ රෝදයක හුලං නැතිව අසරණ වී අතරමග නතර වුනා.
අනෙකුත් ප්‍රබල කණ්ඩායම් මෙන් චින්තරා කණ්ඩායමට ආදාරක පාපැදි, වාහන කිසිවක් නැහැ. ඔවුන්ගේ ගමන් මලු ගෙන ගියේත් පසුපසින් ආ ටෙලිකොම් වාහනයකයි. ඒ මොහොතේ තරගය අමතක කර දැමූ friends කණ්ඩායමේ මීගමුව රෝහලේ වෙයිද්‍යවරයෙකුද වන හර්ෂ ජයසුන්දර සහ චූල දිසානායක සැනකින් තම පාපැදිය පසෙකට කර නතර කරමින් තම සහයක රථයට කැදවීමක් ලබා දුන්න.

සැණින් පැමිනි රථයට ගොඩවුන චූල සහ හර්ෂ තම අතිරේක රෝදයක් තම තරගකාරී දිනුකට ලබාදුන්නේ ක්‍රීඩාවට වඩා මිනිසත්කම වටිනාබවට උතුම් ආදර්ශයක් පෙන්වමින්.මෙහි විශේෂත්වය වන්නේ පසුව තිදෙනාම දෙවන පොකුරේ තරගය නිමා කිරීමයි.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements