Featured News

Video Gossip

Advertisement

එයා කරපු මියුසික්‌ වීඩියෝ එකකට
පෙනී ඉන්න ගිහිල්ලනෙ
අපි දෙන්න අඳුන ගත්තෙත්

මොනව කරත් පදනමක්‌ නැති ගොසිප්වලින් කෙනෙකුට බේරිලා ඉන්න අමාරුයි

තුරුම්පු ආසියා හි අචිනි ලෙස අද දවසේ ඔබ වඩාත් ජනප්‍රියයි කිව්වොත්

ඇත්තටම මම හිතුවට වඩා මේ චරිතෙට ප්‍රේක්‍ෂක ආදරය ගොඩක්‌ ලැබෙමින් පවතිනවා. අචිනි කෙල්ලෙක්‌ වුණාට කොල්ලෙක්‌ වගේ දඟකාරයිනෙ. අන්න ඒ දඟකාර බවට තමයි ගොඩ දෙනෙක්‌ කැමති.

උතුම් පැතුම් නාට්‍යයේ සුදුහාමිනේට වඩා අචිනිට හොඳ කියනවද?

සුදු හාමිනේට ප්‍රේක්‍ෂකයො ආදරේ කළේ කටකාර කමට අචිනිට ප්‍රතිචාර ලැබෙන්නෙ පිරිමි ළමයෙකුගෙ හැසිරීම තියෙන නිසා. ඉදිරියේදී තමයි තීරණය කරන්න වෙන්නෙ වැඩිය හොඳයි කියන්නෙ මොන චරිතෙටද කියලා. මටනම් මේ චරිත දෙකම වාසනාවට ලැබුණ ඒවා.

සැමියා කථා කරන්නෙත් සුදු හාමිනේ කියලලු නේද? 

ම්...... නැහැ...... එයා හාමිනේ කෑල්ල හලල මට එදා ඉඳල අද වෙනකම් කථා කරන්නෙ සුදූ කියලා. හැබැයි මහත්තයගෙ අම්මනම් මට කට පුරවල කථා කරන්නේ සුදු හාමිනේ කියලා.

විවාහ වෙච්ච නිසාද වැඩ අඩුවෙන් කරන්නෙ. 

එහෙම දෙයක්‌ නෑ. විවාහයත් එක්‌ක මට කතා කරල තිබුණ නාට්‍ය පහක්‌ විතර මිස්‌ වුණා. ඒත් ඒ ගැන මගේ හිතේ පොඩි දුකක්‌වත් නෑ මොකද මේ ජීවිතේ මට ගොඩක්‌ වටිනවා. ඒත් දැන් ආයෙ මට වැඩ ලැබෙන කාලයක්‌ තමයි ඇවිත් තියෙන්නෙ.

රංගනයට සැමියගෙන් සීමාවන් වැටිල වගේ 

අනේ නෑ. එයා මේ ෆීල්ඩ් එක ගැන හොඳින්ම අවබෝධයක්‌ තියෙන සහ සම්බන්ධකම් තියෙන කෙනෙක්‌. එයා කරපු මියුසික්‌ වීඩියෝ එකකට පෙනී ඉන්න ගිහිල්ලනෙ අපි දෙන්න අඳුන ගත්තෙත්.

පිටපතක්‌ ලැබුණම සැමියගෙන් අවසර ගන්නත් ඕනද?

පුරුද්දක්‌ වශයෙන් මට පිටපතක්‌ ලැබුණම මම ඒක ඉස්‌සෙල්ලම බලන්න දෙන්නෙ එයාට. එයා බලල මේ විදියට ඔයාගෙ චරිතෙ කළොත් හොඳයි කියන එක මට කියනවා. ඔහුගේ ඒ දැනුම මගේ සාර්ථකත්වයට ගොඩක්‌ බලපානවා.

තනිකඩ ජීවිතේට වඩා විවාහ දිවිය සුන්දරයි කියල හිතනවද?

අනිවාර්යයෙන්ම. මගේ මහත්තය මලින්දගෙ තියෙන ආදරය, කරුණාව, රැකවරණය නිසා විවාහ නොවුණ කෙනෙක්‌ හැටියට නිදහසේ ජීවත් වෙන්න මට හැකියාව ලැබිල තියෙනවා. අනික හිතට ලොකු හයියක්‌ දුකේදී සැපේදී මගේම කියල කෙනෙක්‌ ළඟ ඉන්න එක. මගේ විවාහ දිවිය අතිශයින්ම සුන්දරයි.

ගෙදර දොරේ වැඩ කෙරෙන්නේ ගීතිකා අතින්මද?

බැඳපු අලුත අපි මාස දහයක්‌ විතර වෙනම හිටියා. එතකොට මම වැඩ කළා. මලින්දත් ගොඩක්‌ උදව් කළා. ඒත් දැන් අපි ඉන්නෙ එයාගෙ මහ ගෙදර නිසා හැම දේම හොයල බලල කරන්නෙ මහත්තයගේ අම්ම. එයා මට කවදාවත් නැන්දම්මා කෙනෙක්‌ වුණේ නෑ. ඒ මගේ අනිත් අම්මා.

විවාහයත් එක්‌ක ජනප්‍රියත්වය අඩුවුණා නේද?

මගේ පීක්‌ එක වෙලාවෙ මට ප්‍රේක්‍ෂකයො එක්‌ක ඉන්න බැරි වුණා. මොකද මේ ෆීල්ඩ් එකේදී පේන්න ඉන්න තාක්‌ කල් තමයි ඕනම ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට ඉල්ලුමක්‌ තියෙන්නෙ. ජනතාවට අතරට ගියාම ජනප්‍රියත්වය අඩු වෙච්ච බවක්‌ නම් කොහෙත්ම පේන්න නෑ.

මාධ්‍ය හිසරදයක්‌ කියල හිතෙන වෙලාවලුත් ඇති නේද?

මම නම් කවදාවත් එහෙම හිතන්නෙ නෑ. මොකද අපිට මේ තැන ඉන්න මාධ්‍යයෙන් ලොකු සහයෝගයක්‌ ලැබෙනවා. මාධ්‍ය හිසරදයක්‌ නොවෙන විදියට හිටියම කිසිම ප්‍රශ්නයක්‌ නෑනේ.

ගොසිප්වලින් බේරිලා ඉන්න මොකද කරන්නෙ 

මොනව කරත් පදනමක්‌ නැති ගොසිප්වලින් කෙනෙකුට බේරිලා ඉන්න අමාරුයි. ඒ නිසා මම ඒ ගැන ලොකුවට හිතන කෙනෙක්‌ නෙමෙයි.

සෝෂල් මීඩියා නිළියන්ගෙ කුණු අවුස්‌සනවා කියලා හිතනවද?

එහෙම හිතන්න වෙන්නෙ කුණු තිබ්බොත්නේ. ඒ නිසා මට ඔය ප්‍රශ්නෙ අදාලම නෑ. ඒත් පැහැදිලිවම කියන්න ඕන ජනප්‍රිය වෙන්න කුණු අවුස්‌සන්න යන බොහෝ දෙනෙක්‌ දන්නෙම නැතුව කුණු ගොඩටම වැටෙනවා. 

ධම්මික හේවාවසම්
ඡායාරූප - නිශාන් සමන්ත

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements