Featured News

Video Gossip

Advertisement

ආදරේ කරනකොට 
විරහව කියන දේ විඳින්නම වෙනවා

සමහරුන්ගේ විරහව
සදාකාලික වෙන්නත් පුළුවන්


රංගන ශිල්පිනි ශලනි තාරකා කවිකාරියක් වෙලා කියලා ආරංචියක් පැතිරෙනවා.

ඇය පුංචි තිරයෙන් රසික හදවත් දිනාගත්තු චරිතයක්.

ශලනි මුහුණු පොතේ දාපු කවියක් සිංදුවක් වෙලා ළඟදීම ඔබ අතරට එනවා කියන ආරංචියකුත් පැතිරෙනවා.
ඉතිං මේ හැමදේම ගැන ශලනි සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

රංගනයේ දොරකවුළු විවර කරගත් ශලනි මේ දවස්වල කවිකාරියක් වෙලා කියන්නේ ඇත්තද?
මාව රංගන ශිල්පිනියක් විදියට හැමෝම හඳුනා ගත්තට ශලනි තාරකා කියන්නේ පුංචි කා‍ලේ ඉඳලම හොඳ කවිකාරියක් තමයි. ඒ තරමටම මම නිසදැස්, කවි ලියලා තියෙනවා. හැබැයි රඟපෑමත් එක්ක ටිකක් ලියන එක නතර වුණා. ඒත් මම විවේකයක් ලැබෙන හැම මොහොතකම කවියක් හරි ගීතයක් හරි ලියනවාමයි.


එහෙනම් ඔබේ ආදරණීය රසික රසිකාවියන්ට හා පුරා කියලා අලුතින් ලියපු ගීතය ගැනත් කියමුකෝ?
මම නිතරම ලියපු පුංචි පුංචි කවි ෆේස්බුක් එකේ පළ කරනවා. ඉතින් මේ විදිහට මම ලියලා පළකරපු කවියක් දැකලා බොහෝ අය මට කිව්වා මේ කවිය ගීතයකට හොඳටම ගැළපෙනවා කියලා. පස්සේ මම ඒ කවිය ගීතයකට හැරෙව්වා. ඒ ගීතය ළඟඳීම මම එළිදක්වන්නයි කටයුතු සූදානම් කරලා තියෙන්නේ.

ගීතයේ අදහස ගැන පුංචි ඉඟියක් අපි අපේ ආදරණීය පාඨකයන්ට දෙමු නේද?
“පෙති පුරා සුවඳ විහිදුණු අනන්තයේ යළි හමුවෙමු
මල් පුරා බඹරු පියඹුණු ඒ ලොවේ යළි හමුවෙමු….”
මේ විදියට තමයි ගීතය මගේ අතින් ලියවුණේ.

පදවැල් මුමුණනකොට නම් ශලනි ලියපු ගීතය ආදරයයි විරහවයි අතර අතරමංවුණු පෙම්වතුන් ගැන ලියැවුණු ගීතයක් කියලයි අපිට නම් හිතෙන්නේ?
ඔව්, ගොඩක් ආදරේ කරන යුවළක් එක්වෙන්න බැරිව හමුවෙන්න කරන ප්‍රාර්ථනාවක් ගැන තමයි මේ ගීතයෙන් කියැවෙන්නේ.

ඇත්තටම මේ ගීතය ශලනිගේ ප්‍රාර්ථනාවක් වෙන්න බැරිද?
මේ ගීතය මගේ විතරක් නෙමේ, එක්වෙන්න බැරිව සිටින සැබෑ පෙම්වතුන්ගේම ප්‍රාර්ථනාවයි. ගීතය මගේ අතින් ලියවුණු නිසා එය මගේම අත්දැකීමක් නමෛයි කියලා කියන්න බෑනේ. මොකද අපි යමක් ලියන්නේ කියන්නේ අපිට තියෙන අත්දැකීමුත් එක්කනේ.

ඒ කියන්නේ ශලනිත් විරහව විඳින පෙම්වතියක්?
ආදරේ කරනකොට අපිට සමහර තැන්වල විරහව කියන දේ විඳින්නම වෙනවා. ඒ වගේම සමහර විට ඒ විරහව කෙටිකාලීන වෙන්නත් පුළුවන්. සමහරුන්ගේ විරහව සදාකාලික වෙන්නත් පුළුවන්.

ඔය කියන විරහ වේදනාව හින්දමද නිරෝෂාට මහ රෑ කතා කරන්න හිතුවේ?
මම ගීතය ලියලා ඉවර වෙලා සංගීතවත් කරන්න ක්‍රිෂාන් පෙරේරාට භාර දුන්නා. ගයාන් ශ්‍රීමාල් කියන්නේ මගේ හොඳ යාළුවෙක්. ඒ වගේම එයා නිරෝෂා අක්කාගෙත් යාළුවෙක්. ඉතින් ගයාන් අයියා මට නිරෝෂා අක්කව සම්බන්ධ කරලා දුන්නා. පස්සේ මම නිරෝෂා අක්කට කතා කරලා කිව්වාම එයා මට ගීතය එවන්න කිව්වා. පස්සේ කියවලා බලලා නිරෝෂා අක්කා ඒ ගීතය ගායනා කරන්න කැමැත්ත පළ කළා. නිරෝෂා විරාජිනී වගේ ප්‍රවීණ දක්ෂ ගායිකාවක් මගේ පළවෙනි ගීතය ගායනා කරනවා කියන්නේ ඒක ඉතින් මගේ වාසනාව තමයි. මම ඉදිරියේදී හොඳ රූප රචනයකුත් එක්කයි ගීතය නිකුත් කරන්නේ. මගේ ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා ගීතය අහලා මට හොඳ නරක කියන්න කියලා.

ශලනි නිර්මාණ සඳහා අය කරන මුදල ගණන් වැඩියි කියලත් සමහරු කියනවා?
මම එහෙම හිතන්නේ නැහැ. මොකද මම ඉල්ලන්නේ සාධාරණ මුදලක් නිසා. අනෙක මම ඉල්ලන මුදල ලැබුණොත් විතරයි මම රඟපාන්නේ. මොකද අපිත් නිර්මාණයක් වෙනුවෙන් කැපකිරීමක් කරනවානේ. ඒ නිසා අපේ වටිනාකම ඉල්ලන්න අපිට අයිතියක් තියෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements