Advertisement

ගිණියම් රෑ විඩියෝවෙ
මම කළේ සීගිරි ලලනාවන් කරපු දේමයි 

චමත්කා ලක්මිණි

ඉරාජ් වීරරත්නගේ ගිනියම් ? මියුසික් වීඩියෝව හරහා ජනප‍්‍රියත්වයක් හිමිකරගත් චමත්කා ලක්මිණි සිනමාවට සම්බන්ධ වෙලා නිසා ඇගේ තොරතුරු අහන්න මෙවර කතා බහට ඇයව එකතුකර ගත්තා


ක්‍ෂේත‍්‍රයට ආපු හැටි මතක් කළොත්?
මම මුලින්ම අවේ නිරූපණයට, 2015 අවුරුද්දේ මිස් ටීන් ඔෆ් ඒෂියා පැජන්ට් එකට ගියා. ගිය අවුරුද්දේ සයිප‍්‍රස්වල පැවැත්වුණු මිස් ග‍්‍රීන් ටීන්වලට වගේම, මිස් ඒෂියා තරගයට සහභාගී වුණා.


මියුසික් වීඩියෝ වලට එකතු වෙන්නේ කොහොමද?
ෆයින් මීඩියා එකේ ලක්ෂාන් අයියගේ වැඩකට ගියා. ඊට පස්සේ සිකුරු ලියා ගීතයට රූප රචනය ස`දහා රංගනයෙන් දායක වුණා.
චමත්කා ඉදිරියේදී සිනමාවෙනුත් දකින්න පුළුවන් වෙයි ?
ඔව්. නාලක විතානගේ මහත්මයාගේ ෆිල්ම් එකක වැඩ කළා. එ්ක බෝහෝ දුරට මේ වසරේ තිරගත වේවි, තවත් ෆිල්ම් එකක වැඩ කළා, දිගටම සිනමාවට සම්බන්ධ වෙලා වැඩකරන්න කැමැත්තෙන් ඉන්නවා.

ටෙලිනාට්‍ය වලට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?
නැහැ, කාලය මදි නිසා ටෙලිනාට්‍යවලට සම්බන්ධවෙන්නේ නැහැ කියල හිතුවා.

ඔබ නර්තන ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා නේද?
ඔව්. උසස් පෙළෙන් පස්සේ තමයි මගේ යාළුවෝ නැටුම් කණ්ඩායමක් හදාගත්තා. මාත් එ්කට සම්බන්ධ වුණා. ඒක හසිනි පෙරේරා කරන්නේ. ඒකේ විතරයි මම රංගනයෙන් දායක වෙන්නේ.

වෘත්තියමය වශයෙන් මොන ක්‍ෂේත‍්‍රයද තෝරාගන්නේ?
නර්තනය, රංගනය, නිරුපණය මේ තුනම කරන්න බලාපොරොත්තු වෙනවා.

ඔබව බෝහෝ දෙනා හ`දුනන්නේ ඉරාජ්ගේ ගිනියම් ? මියුසික් වීඩියෝව හරහා.ඒ වීඩියෝ නිසා නේද බෝහෝ දෙනා ඔබව හ`දුනා ගත්තේ ?
ඔව්. ඒ වීඩියෝවේ රංගනයෙන් දායක වීම ගැන කිසි පසුතැවීමක් නැහැ. මොකද ඒ වීඩියෝව නිසයි හැමෝම මාව දැනගත්තේ. අදටත් ගිනියම් ? එකේ චමත්කා කීවමයි මිනිස්සු මාව දන්නේ, ඒ නිසි මට ගොඩක් අවස්ථා ලැබෙන්නේ.

අඩනිරුවත් ලෙස රංගනයෙන් දායක වුණේ ආකර්ෂණය ලබාගන්නද?
ඒ රංගනයට අඩනිරුවත් කියන්න බෑ. එතන තියෙන්නේ කලාවක්. මොකද සීගිරී චිත‍්‍ර ගත්තමත් එතැන තියෙන්නේ කලාවක්. මට කමක් නැහැ ඒකට අඩ නිරුවත් රංගනයක් කියනවට, මොකද ඔයිට වඩා දේවල් සමාජ ජාල වෙබ්සයිට්වලින් ප‍්‍රසිද්ධ වෙනවා. මම නිරුවත ප‍්‍රසිද්ධ කරලා. මේ ක්‍ෂේත‍්‍රයට ආපු කෙනෙක් නෙවෙයි.

තවත් එවැනි අඩනිරුවත් දර්ශන ස`දහා පෙනී ඉන්න ආරාධනා ලැබුණද?
ඔව් ඒ වගේ ආරාධනා ගොඩක් ලැබුණා, හැබැයි මම ඒවා භාරගත්තේ නැහැ, ඒ වගේම මම රංගනයෙන් දායක වුණොත් මගේ නම යාවි මම නිරුවත් ඒ වගේ විතරක් කරන කෙනෙක් කියලා. එහෙම කෙනෙක් නෙවෙයි මම. මට ලැබෙන චරිතයට සාධාරණයක් ඉටු කරන කෙනෙක් තමයි මම.

ආදරය ගැන මොකද හිතන්නේ?
ආදරය සුන්දරයි. මම දැනටමත් ආදරය වි`දිනවා. මම දැනටමත් එන්ගේජ් වෙලා ඉන්නේ.

ඔහු මේ ක්‍ෂේත‍්‍රයට සම්බන්ධ කෙනෙක්ද?
එයා මේ ක්‍ෂේත‍්‍රයට සම්බන්ධ නැහැ.

ඔහුගෙන් මොනවගේ සහායක්ද ඔබට ලැබෙන්නේ?
මගේ හැම වැඩකටම එයා මට උදව් කරනවා.

මොනවද අනාගත බලාපොරොත්තු ?
මම කරන දේට සාධාරණයක් ඉෂ්ට කරමින් කාටවත් කරදරයක් නොවී, මේ ක්‍ෂේත‍්‍රයේ දිගු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා.

තිළිනි කරුණාරත්න

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements