Advertisement

රස සරණියෙ අශානි ලියනගේ
නිවේදනයෙන් ඉවත් වෙන්න යයි

අද අපි වෙනස්ම හැඩයක් එක්කයි එන්නේ.ඒ රසය රසවත් කරන හඬක් එක්ක.ඒ හඬයි, හැඩරුවයි ‘රස සරණිය’ බලන අයට නම් අමුත්තක් නෙමෙයි. ඉතින් ඒ හඬත් එක්ක නොදන්නා දේවල් ගොඩක් අරගෙන ඇය 3 වැනි පිටුව හැඩ කරන්න එකතු වුණා.
අශානි, කොහොමද ජිවිතේ අලුත් ජිවිතේ හරිම සුන්දරයි.

ආශානිත් තනිකඩ ජීවිතේට තිත තිබ්බා නේද?
හැමදාම තනිකඩව ඉන්න බැහැනේ. මම ජුනි මාසේ 6 වැනිදා විවාහ ගිවිස ගත්තා. ලබන අවුරුද්දේ විවාහ වෙන්න සුදානමින් ඉන්නවා.
අශානිගේ අත ගත්තේ කවුද කියලා හංගන්නේ නැතුව කියමු කෝ.
එයා ඉන්දික මාරපන. මේ දිනවල එයා උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විදෙස් ගත වෙලා ඉන්නේ.


අලුත් ජීවිතෙත් එක්ක නිවේදන වැඩකටයුතු වලින් ඈත් වෙලාද?
අනේ නැහැ. ස්වර්ණවාහිනියේ සුපුරුදු වැඩසටහන් ටික කරගෙන යනවා.රස සරණිය වගේම අඟහරුවාදයි සිකුරාදයි උදැසන වැඩසටහන්( Morning Programs) දෙකක් කර ගෙන යනවා. ඉරිදා උදේ 11 ට recording ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. මම දැන් අලුතෙන් අධ්‍යාපන කටයුතු හදාරන්න පටන් ගත්තා. ළමයින්ට උගන්වන්න ළගදීම ඕස්ට්‍රේලියාවේ යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.මම ළඟදීම මාධ්‍යයෙන් ඉවත්වෙන්න බලාපොරොත්තු වෙනවා.

‘රස සරණිය’ වැඩ සටහන අපුරු අත්දැකීමක් ගේනවා ඇති නේද?
ඔව්. වෙනස්ම අත්දැකීමක්. හරිම විනෝදයෙන් කරන වැඩසටහනක්. පැය ගෙවෙනවා දැන්නෙන්නේ නැහැ. මම හිතන්නේ ඒකට හේතුව චෙෆ් ලොයිඩ් කියලා.

බොහෝ නිවේදකයෝ බිහිවෙන්නේ ඔහු හෝ ඇය ඉගෙනගත් පාසලෙන්. අශානි ත් එහෙමද?
මම ඉගෙන ගත්තේ ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ . එක දවසක් මම ස්කොලේ Media unit එකට ගියා. එදා හිතුණා මේක කොච්චර අමාරු දෙයක් ද කියලා.ඉතින් මම Membership එක අරගෙන ආවා. ආයේ ගියේ නැහැ. මම පාසලේදී හරිම ලැජ්ජයි.අද ආපස්සට හැරිලා බලද්දී හිතෙනවා, මම හිතුවෙවත් නැති තැනකකට මම ඇවිත් ඉන්නවා කියල. අද ඉන්න තැන මං වගේම මගේ ගුරුවරුත් ගොඩක් සතුටු වෙනවා.

අශානි ගේ කැමැත්තක් තිබුණද මේ වෘත්තියට එන්න?
අහම්බෙන් ලැබුණු දෙයක් මේක. මොකද ඉස්සර ඉඳන්ම හිතුවේ Marketing ඉගෙන ගෙන ඉදිරියට යන්න. මම වානිජ අංශයෙන් ඉගෙන ගත්තේ. ඒ දේවල් ප්ලෑන් කර කර ඉන්නකොට තමා මේ පැත්තට යොමු වුණේ. මම හිතුවා මේ ජොබ් එක හොඳයි කියලා. මොකද මට 8-5 ජොබ් හරි යන්නේ නැහැ . ලැබෙන පිළිගැනීමයි, ලැබෙන මුදලයි ඔක්කොම බැලුවහම මේක හොඳයි කියලා හිතුණා.

ඒ කියන්නේ අක්කා නිසා නංගිට හරි ගියා කියන එකද?
අක්කා නිසා තමා මම ක්ෂේත්‍රයට එන්නේ.අක්ක තමයි මුලින්ම present කළේ. පස්සේ මට අක්කත් එක්කම නිවේදන කටයුතු කරන්න ලැබුණා. ඒ සියත නාලිකාවේ. ඊට පස්සේ channel C එකේ වැඩසටහනක් කළා. ස්වර්ණවාහිනියට සම්බන්ධ වෙන තුරුම channel C එකේ වැඩ සටහන තමා කළේ. දැනට ස්වර්ණවාහිනියට සම්බන්ධ වෙලා අවු.5ක් වෙනවා. ඉස්සර මට ඉදිරිපත්කිරීම් කියන දේ හොඳටම කරන්න බැහැ. අක්කාගෙන් තමා මම හැම දෙයක්ම ඉගෙන ගත්තේ.අක්ක තමා හැමදාම පස්සෙන් හිටියේ. කියන්නම දෙයක් තියෙනවා ඒ ස්වර්ණවාහිනියට ආවට පස්සේ මම ලොකු තැනකට ආවා. ඒ පොඩි කාලයක් ඇතුළත.

ගොඩක් නිවේදන වෘත්තියේ ඉන්න අයට එල්ල කරන චෝදනාවක් 'භාෂාව කියන දේ හරියට භාවිතා කරන්නේ නැහැ කියල...ඔබ මේ දේ පිළිගන්නවාද?
සමහර වෙලාවට ඇත්තක් තියෙනවා.

ඔබ මොන වගේ තැනකද ඉන්නේ ඔය කියන චෝදනාව යටතේ?
ඔය කියන චෝදනාව තියෙන්නේ සිංහලෙන් කරන්න ඕන වැඩසටහනක ඉංග්‍රීසි වචන භාවිතා කරනවා සහ ගැලපෙන්නැති වචන භාවිත කරනවා කියන එක. මම ගොඩක් වෙලාවට පරිස්සම් වෙනවා මම කරන වැඩසටහන හරි විදියට කරගෙන යන්න. සමහර හරවත් වැඩසටහන්වලදී මම කලින් ලෑස්ති වෙලා යන්නේ ඒ චෝදනාවක් එල්ල කර ගන්න බැරි නිසා. සමහර වෙලාවට මගේ අතිනුත් වැරදි වෙනවා ඇති. (ගොඩක් වෙලාවට මට තියෙන ප්‍රශ්නෙ තමා ගාල්ලේ භාෂාව මගෙන් එළියට එන අවස්ථා තියෙන එක) ඒ වගේ තැන් වලදී සුදුසු විදියට හසුරුවාගෙන මම වැඩකටයුතු කරගෙන යනවා.චෝදනාවක් එල්ල වුනොත් මම ඒ දේවල් හදාගෙන ඉදිරියට යන්න සුදානමින් ඉන්නවා.

අශානි නිවේදනයට සමුදෙන්න තීරණය කළාලු නේද?
මම කැමැතියි දිගටම ඉන්න. හැම කෙනෙකුටම කාලයක් එනවා. කොහොමත් මේ දෙසැම්බර් වෙද්දී මගේ අධ්‍යාපන කටයුතු අවසන්. ගුරුවරියක් විදියට ඕස්ට්‍රේලියාවේ ගිහින් රැකියාව කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

නිලුපුලි සඳකැලුම් 

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements