Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

දෙයක් ගන්න පුළුවන් අපි දුන්නොත් නේ

ඕනිම කෙනෙක්ට ලස්සන රූපයක් තියෙනවා. නමුත් මේ ලස්සන රූපයට වටිනාකම් එකතු කරගන්න පිරිස හරි අඩුයි. බුද්ධි ජයවර්ධන එලෙස ලස්සන රූපයක හිමිකාරියක්. 2015 රිවිර අවුරුදු කුමරිය ලෙස කිරුළු දැරූ ඇය පහුගිය දවසක තවත්  කිරුළුක් පැලඳුවා.  ඇය අප හා එක්වුණේ මෙලෙසින්.

ඔබ මේ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ අවුරුදු කුමරිය ලෙස කිරුළු පලඳිමින්. මුලින්ම ඒ ගැන මතක් කරමු.
මගේ ගමන මුලින්ම ආරම්භ වෙන්නේ 2014 අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබිමෙන් අනතුරුවයි. ඉන් පසුව පිට පිට අවුරුදු කුමාරිය ලෙස පස් වතාවක් කිරුළු පලඳින්න වාසනාව ලැබුණා. 2016 වසරේ දෙරණ අවුරුදු කුමරිය ලෙස කිරුළු දරන්න හැකියාව මට ලැබෙනවා. දෙරණ අවුරුදු කුමරිය වීමත් සමග තමයි ගොඩක් දෙනා අතරට යන්න අවශ්‍ය පරිසරය මට සැකසෙන්නේ.

පහුගිය වසරවලින් ඔබ වෘත්තීය ජීවිතේ වඩාත්ම සාර්ථක මොන වසරේද?
මම මගේ උත්සාහයෙනුයි සාර්ථකත්්වය ළඟා කරගන්නේ. ඒවගේම ඉදිරියටම යන්න ඕනි කියන අධිෂ්ඨානය මට මුල ඉඳලම තිබුණා.

ඔබ පහුගිය දවස්වල Miss ECO තරගය ජයග්‍රහණය කළා. ඒ ගැන මතක් කරමුද?
මිස් ශ්‍රී ලංකා පැජන්ට් එකක් සුන්දරත්වය ඉක්මවා ගිය පෞරුෂත්වයක් අපි සතුවිය යුතුයි. ගොඩක් දුරට මං මගේ පෞරුෂත්වය සම්බන්ධව හිතලා එහිදී කටයුතු කළා.

මුල සිටම මම මේ තරගය ගැන පූර්ව විමසීමක් හා සොයාබැලීමක් කරලයි සහභාගි වුණේ. ඊට සමගාමීව යන ජාත්‍යන්තර තරග ගැන පවා මං උනන්දු වුණා. ඒ සියල්ලම හේතුවෙන් තමයි මට ලංකාව තුළ මේ තරගය ජයග්‍රහණය කරන්න අවස්ථාව ලැබුණේ.

රූපලාවණ්‍ය තරග ජයග්‍රහණය සඳහා අල්ලස් ලබාදෙන බවට කියන කතා ගැන ඔබේ අදහස මොකක්ද?
අල්ලස් දීම වගේ කතා පැතිරෙන්නේ ඇත්තටම තමන්ට තමන් ගැන විශ්වාසයක් නැතිව ගියාමයි. තරගයකදී වෙන්නේ එක්කෝ දිනයි. නැතිනම් පරාජය වෙයි. තමන්ට දිනන්න පුළුවන් කියලා හිතේ ශක්තියක් අධිෂ්ඨානයක් තියෙනවා නම් කැපවීම විතරයි වැදගත් වෙන්නේ. තමන්ට තමන් ගැන විශ්වාසයක් නැතුව ගියාම කුමන ක්‍රමේකින් හෝ දිනන්න උත්සහ දරන පිරිස අල්ලස් හෝ වෙනයම් ක්‍රම හරහා දිනන්න බලනවා.

අපි කෙනකුට දෙයක් දෙනවනම් ඒ දේ වෙන්නේ අපේම කැමැත්තෙන්. කිසිම කෙනෙක් බලෙන් දේවල් ගන්න එන්නේ නෑ. මං මේ අවුරුදු 8ක කාලය තුළ තරග පහ හයකට සහභාගි වෙලා ජයග්‍රහණය ලබලා තියෙනවා. නමුත් එවැනි තත්ත්වයක් කිසිම අවස්ථාවක මට නම් උදාවෙලා නැහැ.

මාසෙකට කී සැරයක් සැලෝන් යනවද?
සැලොන් යන්නේ නම් මාසෙකට සැරයක් වගේ. ඒ යන්නෙත් මගේ eyebrowes හදාගන්න විතරයි. අනවශ්‍ය විදියට සැලොන් යන්නේ නෑ. හැම කාන්තාවක් තුළම සුන්දරත්වයක් තියෙනවා. අපි දැනගන්න ඕනි. ඒ සුන්දරත්වය විකෘති නොකරගෙන දිගටම පවත්වාගෙන යන්න. අනවශ්‍ය වියදම් නොකර මාසෙකට සැරයක් වගේ ඛිතඥචදභන එකක් වගේ කරනවා නම් ඒ ප්‍රමාණවත් කියලයි මගේ අදහස. අනවශ්‍ය සුන්දරත්වයක් හොයන්න ගිහින් තියෙන සුන්දරත්වයත් අහිමි වෙන අවස්ථා බොහෝයි.

රූපලාවණ්‍ය සඳහා දළ වශයෙන් මාසෙකට කොපමණ වියදම් කරනවද?
රූපලාවණ්‍යයට කියලා ලොකු වියදමක් යන්නේ නෑ මට Cleanup එකක් කරගන්න eyebrowes හදාගන්න ඒ තරම් ලොකු මුදලක් අවශ්‍ය නෑ. කෘත්‍රිම දේවල් පාවිච්චි කරන්නේ හරි අඩුවෙන්. ස්වභාවික දේවල් තුළිනුයි මං මගේ සුන්දරත්වය පවත්වාගෙන යන්නේ. ඒ නිසා ලොකු මුදලක්, වියදමක් යන්නේ නැහැ මට.

ඊට අමතරව රූපය රැකගන්න වෙන මොනවද ඔබ කරන්නේ?
කාන්තාවක් වුණාම අනිවාර්යයෙන්ම තවත් කෙනෙකුට ප්‍රසන්න වන විදියට පිරිසිදුව ඉන්න ඕනි. ඒ වගේම හිත පාලනය කරගන්නවා නම් අපට ඒ සුන්දරත්වය තවත් වැඩිකරගන්න පුළුවන්. මං මේ වෙනකොට අවුරුදු 03ක ඉඳන් යෝගා කරනවා.

බාහිරින් කරන දේවල්වලට වඩා ගොඩක්දුරට මං නැඹුරු වෙන්නේ අභ්‍යන්තර දේවල් කෙරෙහි. ඒ වගේම භාවනාවල නිරත වෙනවා. මම දකින මූලිකම දේ තමයි අන් කෙනකුට ප්‍රියමනාපව සහ සිනහවෙන් අපිට ඉන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.

ඔබට අධ්‍යක්ෂවරුන්ගෙන් අයුතු යෝජනා ඇවිත් නැද්ද?
නැහැ. මේ වෙනකොට අවුරුදු 04ක ගමනක් මම ඇවිත් තියෙනවා. මේ වෙනකන් එහෙම අයුතු යෝජනා හෝ බලපෑම් ඇතිවෙලා නෑ. මං මගේ උත්සාහය සහ කැපවීම තුළිනුයි මේ ගමන ආවේ සහ ඉදිරියට යන්නේ.

මොකක්ද ඔබේ ජීවිතේ හීනය
පාසල් කා‍ලේ ඉඳන්ම හැමෝටම හීන තියෙනවා. මටත් ඒ වගේ හීනයක් තිබුණෙ. ඒ තමයි දවසක ලංකාවේ දක්ෂතම වගේම හොඳම නිරූපණ ශිල්පිනියක් වෙනවා කියන හීනය. ‍පොඩි කා‍ලේ ඉඳන්ම ඕඥචභබර ශ්‍රීභඥඥද කෙනෙක් වීමේ හීනය තමයි මට තිබුණේ. අද මං සතුටු වෙනවා මට මගේ හීනය හැබෑකරන්න අවස්ථාව උදාවෙලා තියෙනවා.

ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න කවුද ඔබට ශක්තියක් වෙන්නේ?
බුද්ධි ජයවර්ධන තැනකට ගියා නම් හැමෝම අනිත් අතට බලන්නේ අම්මා කොයි කියලා. ඇය තමයි නිතරම මං ළඟින්ම ඉන්නේ. මේ ක්ෂේත්‍රයේ තීරණ ගැනීමේදී පවා ඒගැන මුලින්ම මං අහන්නේ මගේ අම්මගෙන්. මටත් වඩා මගේ දේවල් ගැන දන්නෙ මගේ අම්මා. මං ඇයට ස්තුතිවන්ත වෙන්නත් මේක අවස්ථාවක් කරගන්නවා. මගේ හීන හැබෑ කරගන්න මට ශක්තියක් වුණේ ඇයයි.

ළඟදී විවාහ වෙන්න එහෙම අදහසක් නැද්ද?
තවම ඒ ගැන අදහසක් නෑ. තව වයස තියනවා විවාහයක් ගැන හිතන්න. මුලින්ම මං මගේ ඉලක්ක සම්පූර්ණ කරගන්න ඕනි. ඊට පස්සේ තමයි විවාහයක් ගැන හිතන්නේ.

මොඩ්ලින් ඇකඩමියක් පටන්ගන්න අදහසක් තිබුණා නේද?
තවම ඒ අදහස තියෙනවා. නමුත් මම හිතන්නේ තව මට ගොඩක් ඉගෙන ගන්න දේවල් තියෙනවා. තවම අවුරුදු 4යි. මං මේ ක්ෂේත්‍රයට ඇවිත්. තව ගොඩක් දේවල් හැදෑරිය යුතුයි. පරිණත වෙන්න ඕනිම කෙනෙක්ට කාලයක් ගතවෙනවා. ඒ පරිණත වීමත් එක්ක ඒ අදහසත් හැබෑවක් කරගන්න උත්සාහ ගන්නවා

නඳුනි ආරියවංශ

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook