Advertisement

ගීතාගේ මන්ත්‍රීකම අහෝසියි 
ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි 

ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගීතා කුමාරසිංහට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය දැරිය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගීතා කුමාරසිංහගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද (02) ප‍්‍රකාශයට පත් කළා.

ඒ අනුව ද්විත්ව පුරවැසි භාවය හේතුවෙන් ගීතා කුමාරසිංහට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරිය නොහැකි බවයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත්තේ.

ගාල්ල දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගීතා කුමාරසිංහගේ මන්ත‍්‍රී ධුරය නීත්‍යනුකූල නොවන බව අභියාචනාධිකරණය තීන්දු කළේ ඉකුත් මැයි මස 03වැනිදායි. ඇය ශ‍්‍රී ලංකාවේ සහ ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය හිමි අයකු බැවින් ඇගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණය හමුවේ ගාල්ල දිස්ත‍්‍රික්කයේ ඡන්ද දායකයින් සිව්දෙනකු පෙත්සමක් ගොනුකළා. ඒ 2015 වසරේ මාර්තු මාසයේදීයි.

එහි තීන්දුව ලබාදෙමින් අභියාචනාධිකරණය නියෝග කළේ ගීතා කුමාරසිංහට මන්ත‍්‍රී ධුරය දැරීමට සුදුසුකමක් නොමැති බවයි.
අනතුරුව ඇය අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකළා.

ගීතා කුමාරසිංහ මන්ත‍්‍රීවරිය පිළිබඳ කතාබහක් මතුවීමත් සමග පාර්ලිමේන්තුවේ සෙසු මන්ත‍්‍රීවරුන්ටද ද්විත්ව පුරවැසිභාවය තිබේදැයි සොයාබැලීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව මීට පෙර කටයුතු කළා.

ඒ පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල තොරතුරු දැනගැනීමේ පනත යටතේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් කරන ලද ඉල්ලීමකට අනුවයි.

එහිදී පාර්ලිමේන්තුවේ කිසිඳු මන්ත‍්‍රීවරයකුට ද්විත්ව පුරවැසිභාවය නොමැති බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවකින් හෙළිවුණේ.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements