Advertisement

මම සාර්ථකයි කියලා හිතනවා
මගේ ආසාව තියෙන්නේ 
පුළුල් තිරයේ මාව දකිනවට

චුලක්ෂි කාර්යබහුල වෙලා ඉන්නේ දේදුනු ආකාසෙන් එළියට බැහැපු නිසාද?

දේදුනු ආකාසේ ප්‍රචාරණ කටයුතුවලට සම්බන්ධ වෙනවා. මේ දවස්වල මොහාන් නියාස් මහතාගේ ශ්‍රී වික්‍රම චිත්‍රපටයේ වැඩ සහ මගේ පෞද්ගලික හේතු කාරණා කිහිපයක් නිසා කාර්යබහුල වෙලා ඉන්නවා.

නිරූපිකාවක් විදිහට හඳුනගත්ත ඔබ සිනමා තිරයෙන් දකින්න ලැබෙනවා. කොහොමද ඒ අවස්ථාව ලැබුණේ කියලා මතක් කරමු?

රංගන ක්ෂේත්‍රයට එන්න කියලා මට ලොකු බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. නමුත් ඊට පස්සේ මටම හිතුණා රංගනයට එන්න. ඒ වගේම මගේ යාළුවොත් මට කිව්ව නිසා මම ඔඩිෂන් එකට සහභාගි වුණා. ඒකෙන් තේරිලා තමයි මට රංගනයට එන්න අවස්ථාව ලැබුණේ.

චුලක්ෂිට පළමුවැනි රංගන අවස්ථාව හිමිවෙන්නේ හේමාල් සමඟ රඟපාන්න. ඒ අවස්ථාව චුලක්ෂිට විශේෂ වුණාද?

එහෙම විශේෂත්වයක් තිබුණේ නැහැ. හේමාල් ප්‍රවීණයෙක්. අපිට ඕන වුණේ හැමෝම එකතු වෙලා මේ චිත්‍රපටයට හොඳින් දායකත්වය දෙන්න.

බොහෝ දෙනෙක් සිනමාවට එන්න හීන දකිනවා. පළමුවැනි රංගන අවස්ථාව සිනමා නිර්මාණයකට ලැබීම චුලක්ෂිගේ වාසනාවක් නේද?

ඇත්තටම ඒ ගැන සතුටු වෙනවා. දේදුනු ආකාසේ චිත්‍රපටයට සම්බන්ධ වෙලා මුලින්ම සිනමාවට එන්න ලැබීම මගේ භාග්‍යයක්. ඒ වගේම ඒක මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක්.

දේදුනු ආකාසේ ඔබේ චරිතය පෙම්වතියක්, මවක් කියන චරිත විකාශනයකට යනවා. පෙම්වතියක් වුණත් තිරයෙදි මවක් වෙන්න සමහර රංගන ශිල්පිනියන් අකැමැතියි. චුලක්ෂිට ඒක ගැටලුවක් වුණේ නැද්ද?

මම ඒ අවස්ථාවට අකැමැති වුණේ නැහැ. මොකද මගේ රංගන ධාරිතාව පෙන්වන්න පුළුවන් විහිදෙන චරිතයක් මට ලැබීම ගැන ඇත්තටම මම සතුටුයි.

පළමුවැනි රංගන අවස්ථාවෙන්ම යම් කිසි සාර්ථකත්වයක් ලබලා තියෙනවා කියලා හිතනවද?

ඔව් රංගනයෙදිත් මම සාර්ථකයි කියලා හිතනවා.

දේදුනු ආකාසේ චිත්‍රපටයේදී ඔබයි ටීනයි ප්‍රධාන රංගයට දායක වෙනවා. බොහෝ අය ටිනාගෙයි චුලක්ෂිගෙයි හැකියාවන් සංසන්දනය කරනවා. චුලක්ෂිට හිතෙන විදිහට රංගනයෙදි කවුද ඉදිරියෙන් ඉන්නේ?

ඒක ගැන ප්‍රේක්ෂකයාට තමයි උත්තර දෙන්න පුළුවන් වෙන්නේ. මම ඒකට උත්තරයක් දෙනවට වඩා එයාලා දෙන උත්තරය හරි ඇති.

පළමුවැනි රංගනයට ලැබෙන ප්‍රතිචාර ගැන සතුටු වෙන්න පුළුවන්ද?

දේදුනු ආකාසේ මම සම්බන්ධ වුණ පළවෙනි චිත්‍රපටය කියලා හිතන්න බැරි තරමට මම හොඳින් රඟපාලා තියෙනවා කියලා ගොඩක් අය කිව්වා. පළමුවැනි චිත්‍රපටයටම මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

චුලක්ෂි දිගටම රඟපායිද?

ඒක හරියටම කියන්න බෑ. මම දිගටම රඟපාන්නත් පුළුවන්. එහෙම නැති වෙන්නත් පුළුවන්. ඒක කාලයත් එක්ක තීරණය වෙයි.

පළමුවැනි රංගන අවස්ථාවට හොඳ ප්‍රතිචාර ලැබෙනවා නම් රංගනයෙ ඉදිරියට රැඳුණොත් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?

දිගටම රංගනයේ රැඳෙන්න පුළුවන් නම් හොඳයි කියලා හිතෙනවා. රැඳෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ දක්ෂතාව මතනේ.

ඒ කියන්නේ ඔබේ දක්ෂතාව ගැන ඔබට ප්‍රශ්නයක් තියෙනවද?

අනුකරණය කිරීමයි රඟපෑමයි කියන්නේ දෙකක්. රඟපෑම හැදෑරීමක් එක්ක කරන්න ඕනෙ දෙයක්. කාගෙවත් අනුකරණයක් නොවී මතක හිටින දෙයක් කරන්න අපිට පුළුවන් වෙන්න ඕන. අපි පොඩි කාලේ තිරයේදී දැකපු චරිත වලට තාමත් ආදරය කරනවනේ. ඒ වගේ මතක හිටින චරිතයක් වෙන්න තමයි මට ඕන.

චුලක්ෂිට ටෙලි තිරයේ අවස්ථා ලැබුණේ නැද්ද?

ටෙලි නාට්‍යවලට දැන්මම සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් නැහැ. මගේ ආසාව තියෙන්නේ පුළුල් තිරයේ මාව දකිනවට.

ඒ කියන්නේ ටෙලි තිරයේ පෙනී නොසිටින්න වාරණ දා ගත්තද?

ටෙලි නාට්‍ය කරන්නෙම නෑ කියන අදහසේ නැහැ. දැනට ටෙලි නාට්‍ය කරන්නේ නැහැ.

රංගනය නිසා චුලක්ෂි කියන නිරූපිකාවගේ හැකියාව බොඳවෙලා යයිද?

නිරූපණ කටයුතුත් කරගෙන යනවා. හැම ෂෝ එකකටම මම යන්නේ නැහැ. තෝරගත්ත ෂෝ වලට මම සහභාගි වෙනවා. දැනට නිරූපණ කටයුතු අතහරින්න බලාපොරොත්තුවක් නෑ.

තිරයේ පෙම්වතිය වුණ චුලක්ෂි සැබෑ ජීවිතයෙත් පෙම්වතියක් නේද?

මම පෙම්වතියක් නෙවෙයි. මම සින්ගල්.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements