Advertisement

මම ක්ෂේත්‍රයට ආවේ අම්මා නිසා
මෙච්චරකල් රැඳිලා හිටියේ අම්මා නිසා නෙමෙයි

බබා දැන් මොන්ටිසෝරි යනවා

රුවැත්තියන් අතරේ ඇයව අපිට මුණ ගැසුණේ ගොඩක් කාලෙකින්. මවගේ මඟ පෙන්වීමෙන් රංගනයට පිවිස සිනමාව,පුංචි තිරය එකසේ දිනාගත් මේ ප්‍රවීණ රංගන ශිල්පිනිය පබෝධා සංදීපනී. මේ දිනවල ඇගේ අලුත්ම තොරතුරු මොනවද කියලා දැනගන්න ඇයව එකතු කර ගත්තා අපේ තුන් වැනි පිටුවට.

කොහොමද අලුත් තොරතුරු

හොදින් ඉන්නවා.

පොඩ්ඩාගේ වැඩත් එක්ක පබෝධාට රංගන කටයුතු වෙනුවෙන් වෙන් කරන්න කාලයක් තියෙනවද?

බබා දැන් මොන්ටිසෝරි යනවා. එයාගේ වැඩත් කරගෙන මගේ වැඩත් කරගෙන යනවා. බබා ගේ වැඩවලට තමා වැඩිපුරම කාලය යන්නේ. කොහොමත් මට මාසෙකට දවස් 6 ක් 7 ක් වගේ තමා ෂූටින් වැටෙන්නේ.

නිර්මාණ තෝරා බේරාගෙන වැඩ කරනවා කියන එකද කියන්නේ?

මට පුළුවන් විදියට, වැඩ කරන්න පහසු විදියට තමා මම වැඩ භාර ගන්නේ. දැන් බබා ලොකුවේගෙන එන නිසා දැන් චුට්ටක් වැඩ කරනවා. පසුගිය කාලේ ගොඩක් වැඩ කළේ නැහැ. නමුත් අතපසු නොවෙන විදියට හැමදේම බැලන්ස් කරගෙන තමා යන්නේ.

මේ දිනවල ටෙලි නාට්‍ය කිහිපයකම ඔබව දකින්න ලැබෙනවා.

ඔව්. හිරු නාළිකාවේ 'මල් 7 යි' ටෙලි නාට්‍යයේ වැඩ කරනවා. වෙනස්ම චරිතයක්. මුලදී හිතුවා මල් 7 යි ටෙලි නාට්‍ය සාමාන්‍ය ආදර කතාවක් නොවෙන නිසා කොහොම වේවිද දන්නේ නැහැ කියලා. නමුත් දැන් ලැබෙන ප්‍රතිචාර අනුව ගොඩක් කට්ටිය බලනවා, කැමැතියි කියලා දැනුණා. ඊළඟට මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා කියලත් දන්නවා. ඊට අමතරව සියත නාළිකාවේ 'සූරිය නෑයෝ' ටෙලි නාට්‍යයේ වැඩ කරගෙන යනවා. ඒකත් වෙනස්ම අත්දැකීමක්.

'බහුභූතයෝ' සිනමා නිර්මාණයෙන් පස්සේ ඔබව සිනමාව තුළ දකින්න ලැබුණේ නැහැ. ඇයි ඒ ?

සිනමාව කියන්නේ ලොකු වගකීමකින් කරන්න ඕන දෙයක්. දරුවාත් එක්ක අමාරුයි. මම හිතන්නේ බහුභුතයෝ කරන විටත් බබාට අවුරුද්දයි මාස තුනයි. දුර යන ඒවා, රට යන ඒවා තමා ගොඩක් කතා කළේ. මම ඒවා ප්‍රතික්ෂේප කළා. ඊළඟ අවුරුද්දේ 'බහුභුතයෝ 2' කරන්න ලෑස්තිවෙනවා.

'ගින්දරී' ව ආයේ ප්‍රේක්ෂකයන්ට දකින්න පුළුවන් වේවි.

ඔව්. එන අවුරුද්දේ වැඩ පටන්ගන්න තමා උදය අයියා කතා කරලා තියෙන්නේ.

'ගින්දරී' නිසා පබෝධාට යකෙක් වෙන්නත් ලැබුණා.

මම විවිධාකාර චරිත කරලා තිබුණා. මම කවදාවත් හිතුවේ නැහැ යකෙක් ගේ චරිතයක් කරන්න වෙයි කියලා.

ඒ කාලේ පබෝදා ගොඩක් කෙට්ටුයි. දැන් ?

දැන් මහතයි. ඒකටත් ('ගින්දරි' චරිතය) මාව කෙට්ටු කළා නේ. මේකටත් කෙට්ටු කරනවා.

දැන්ම අධ්‍යක්ෂවරයා කියලද තියෙන්නේ කෙට්ටු වෙන්න කියලා ?

නෑ නෑ මම අධ්‍යක්ෂවරයට කියලා තියෙන්නේ 'මට පොඩ්ඩක් රූගත කිරීම් පටන් ගන්න කලින් කියන්න මට කෙට්ටු වෙන්න.' උදය අයියා ඒක දන්නවා.

පොඩි කාලයක් ඇතුළත කෙට්ටු වෙන්න පුළුවන් වෙයිද?

ඒකට කැපවීම තියෙන්න ඕන.

චරිතයක් වෙනුවෙන් ඒවගේ කැපකිරීමක් කරන්න ඔබ සුදානම්.

ඔව්. මටත් හොඳයි නේ ඉතින් කෙට්ටු වෙන එක. ඉලක්කයක් තියෙන්න ඕන, නැත්නම් හරි අමාරුයි.

අම්මා නිසා ඔබට ක්ෂේත්‍රයට එන්න ලැබුණා. අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?

මම ක්ෂේත්‍රයට ආවේ අම්මා නිසා. මෙච්චරකල් රැඳිලා හිටියේ අම්මා නිසා නෙමෙයි කියන එක මම හැමදාම කියන එකක්. කලාවේ අම්මා, තාත්තා හිටියා කියලා ක්ෂේත්‍ර යේ එහෙම රැඳිලා ඉන්න බැහැ. යම්කිසි දක්ෂතාවක්, වාසනා ගුණයක් , පැවැත්මක් තියෙන කෙනකුට තමා දිගු ගමනක් යන්න පුළුවන්. ඕනෑම කෙනෙක් ඒක දන්නවා. එහෙම නොහිටපු අයත් ඉන්නවා නේ. ඉතින් අම්මා නිසා තමා මම කලාවට ආවේ. හැබැයි මම මෙච්චරදුරක් එන්න ගොඩක් හේතු තියෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements