Featured News

Video Gossip

Advertisement

වසර 19ක් සිටි සිරස දාලා යන්න හේතුව තනුජා හෙළිකරයි !

මගේ ඉල්ලා අස්වීම අනුමත කරන්න ඒ අය පමා කළේ ඒ නිසා

පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන කියන්නේ “සිරස” හා තනුජා අතර තිබුණේ වෙන් කරන්න බැරි තරම් ලොකු බැඳීමක්.

ඒත් පසුගියදා හදිසියේම ඒ බැඳීම බිඳිලා ගියා. තනුජා සිරස මාධ්‍ය ජාලයෙන් ඉවත්වීමට ගත් තීරණයයි ඊට හේතු වුණේ.

සිරසයි තනුජයි කිව්වම හරියට ගහයි ‍පොත්තයි වගේ. ඒ තරමට එකට බැඳී හිටපු ඔබ එකවරම සිරසින් ඉවත් වෙනවා. මොකක්ද ඒකට හේතුව?

මම නොවැම්බර් 30 වැනිදා මගේ ඉල්ලා අස්වීමේ ලිපිය කළමනාකාරීත්වයට බාර දුන්නා. දෙසැම්බර් 6 වැනි දින තමයි එය අනුමත කෙරුණේ.

දෙසැම්බර් 6 වැනිදා පටන් මම සිරස මාධ්‍ය ජාලයේ නැහැ. මම සිරසින් ඉවත් වුණේ හේතු කිහිපයක්ම නිසා. සමහරක් දේවල් මට මේ මොහොතේ මාධ්‍යයට කියන්න බැහැ.

සිරසින් ඉවත්ව යන විට ඔබ මාධ්‍ය ජාලය තුළ කවුරුන් විදියටද වැඩ කළේ?
මම එම්.ටී.වී. හා එම්.බි.සී. ප්‍රවර්ධන අධ්‍යක්ෂ විදියට ඉඳලා MBC මහරාජා broadcasting අධ්‍යක්ෂ හා YFM නාලිකා ප්‍රධානී තනතුරට ගියා. එම තනතුරේ සිටියදී තමයි මම සිරසින් ඉවත් වුණේ.

දශක දෙකකට කලින් රූපවාහිනි නිවේදිකාවක් විදියට “රස රිසි ගී” තුළින් ඇවිත් ඉහළම පුටුවකට ගිය තනුජා හිටි හැටියේ මේ වගේ තීරණයක් ගත්තේ ඇයි?
මම වසර 19ක් මාධ්‍ය ජාලය තුළ රැඳී හිටියා. ඒ තුළ කතා බහට ලක්වන යමක් කළ බව මා දන්නවා. ඒත් මේ සියලු කටයුතුවලින් ඉවත් වෙලා මගේම දෙයක් ගැන හිතන්න මම කල්පනා කළා.

රැඳී සිටි කටයුතු එක්ක තනුජා හෙම්බත් වුණාද?
මම හෙම්බත් වන කෙනෙක් නමෛයි. කරන කටයුත්තෙන් තෘප්තිමත් වන කෙනෙක්. වෙනසක් ඕන හින්දයි මා ඉවත් වුණේ.

වෙනත් නාලිකාවකින් මීටත් වඩා ලොකු තනතුරකට ඇරයුම් ලැබුණාද?
ඒ වගේ ඇරයුම් නම් බොහොමයක් ලැබිලා තියෙනවා. ඔය වගේ හේතුවක් මත මේ වගේ තීරණයක් ගත්තා නම් මීට කලින්ම ඒ තීරණේ ගන්නවානේ.

තනුජා සිරසත් එකක් මොකක් හරි හිත් අමනාපයක් ඇතිවෙලාද මේ තීරණේ ගත්තේ?
කිසිසේත්ම නැහැ. මගේ ඉල්ලා අස්වීම අනුමත කරන්න ඒ අය පමා කළේ ඒ නිසා. ඉතාම ගෞරවනීය විදියටයි මම සිරසින් ඉවත් වුණේ.

වසර 19ක් රැඳී සිටි තැනින් ඉවත් වෙනකොට ඔබට දුකක් දැනුණේ නැද්ද?
ලොකු දුකක් දැනුණා. එහෙම වුණේ නැත්නම් තමයි පුදුමේ. මම මේ තීරණය ගත්තේ මාස 1 1/2කට කලින්. ඒ කාලය පුරා මම කළේ හිත හදාගත්ත එකයි.

අපිට මේ හැමදේම දාලා යන්න වෙනවා. කිසි දෙයක් සදාකාලික නැහැ. මම ඒ සත්‍ය වටහාගෙන හිත හදාගෙනයි මේ තීරණය ගත්තේ.

අලුත් වෙනසක් වෙනුවෙන් නේද මේ තීරණේ ගත්තා කිව්වේ?
ඔව්.

වෙනත් නාලිකාවකට යාම ගැන ස්ථිර අදහසක් නැත්නම් සිරස එක්ක අමනාපයකුත් නැත්නම් මේ තීරණය ගත්තේ තමන්ගේම මාධ්‍ය ආයතනයක්වත් අරඹන්නද?
(හිනැහි) අයියෝ මම එච්චර සල්ලි කාරියක් ‍නෙවෙයිනේ.

එහෙනම් හැමදේම අතෑරලා පතිකුලයටවත් යන්න හදනවාද?
මාධ්‍ය කලාව කියන්නේ මගේ ජීවිතය. විවාහ වෙන්න එයින් ඉවත් වනවා නම් ඉතින් මම බඳින කෙනා මම මේ ක්ෂේත්‍රය තුළ ඉන්නවට අකමැති වීමනේ හේතුව වෙන්න ඕනේ.

මම බොහොම ස්වාධීන ගැහැනියක්. ඔය වගේ අදහස් තියෙන, මට සීමා පනවන කෙනෙක්ව මම තෝරා ගනී කියලා ඔයා හිතනවාද?

එහෙනම් මොකක්ද මේ අලුත් වෙනස?
ඒක මම ළඟදීම කියන්නම්.

– ආරියවංශ කුලතිලක

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements