Featured News

Video Gossip

Advertisement

හදවත  පපුවට පිටතින් පිහිටා උපත ලද දැරියකගේ
හෘදය වස්‌තුව සාර්ථක ලෙස නැවත ශරීරය තුළට
ඇතුළත් කල විශ්මිත සැත්කම
VIDEO


එක්‌සත් රාජධානියේ ලෙස්‌ටර්හි ග්ලෙන්ෆීල්ඩ් රෝහලේ සිය හෘදය වස්‌තුව පපුවට පිටතින් පිහිටා තිබියදී උපත ලද දැරියකගේ හෘදය වස්‌තුව සැත්කම් තුනක්‌ මගින් සාර්ථක ලෙස නැවත ශරීරය තුළට ඇතුළත් කිරීමට එම රෝහලේ වෛද්‍යවරුන් කණ්‌ඩායමක්‌ ක්‍රියා කර තිබේ. 

මෙසේ හෘදය වස්‌තුව ශරීරයේ පපු කොටසට පිටතින් පිහිටා තිබියදී උපත ලැබූ දැරිය වැනෙලෝප් හෝප් විල්කින්ස්‌ වන අතර පපු අස්‌ථියක්‌ නොමැතිව ඇය උපත ලබා ඇත්තේ සති තුනකට පෙරදී සිසේරියන් සැත්කමක්‌ හරහාය. මෙසේ හෘදය වස්‌තුව ශරීරයේ පපු කොටසට පිටතින් පිහිටීමේ රෝගී තත්ත්වය "එක්‌ටෝපියා කෝඩ්ස්‌" නමින් හැඳින්වෙන ඉතාමත් කලාතුරකින් දක්‌නට ලැබෙන තත්ත්වයක්‌ වන අතර එය දරු උපත් මිලියනයකට කිහිපයක්‌ පමණක්‌ වාර්තා වන තත්ත්වයක්‌ බව දැරියට සැත්කම් සිදු කළ වෛද්‍යවරු පවසති.

මෙයට පෙර එක්‌සත් රාජධානියෙන් මෙවැනි දරු උපතක්‌ වාර්තා වී නොමැති බවද පැවසේ.

වැනෙලෝප්ගේ දෙමවුපියන් වන 31 හැවිරිදි නයෝමි ෆීන්ඩ්ලේ හා 43 හැවිරිදි ඩීන් විල්කින්ස්‌ට අනුව සිය දියණිය සැබෑ සටන්කාමිනියකි.

දැරිය උපත ලැබීමට පෙර අල්ට්‍රාසවුන්ඩ් ස්‌කෑන් පරීක්‍ෂාවකින් ඇයගේ හෘදය වස්‌තුව ශරීරයෙන් පිටත පිහිටා ඇති බව දැන ගත් පසු තමන් බිය වූ බවත් ඇය උපත ලැබූ පසු කුමක්‌ සිදුවේදැයි සිතමින් සිටි බව මව වන නයෝමි පවසන්නීය.

කෙසේ වුවද දරු උපතට පෙර සිදු කරන ලද රුධිර පරීක්‍ෂණයකදී දරුවාගේ කිසිදු අසාමාන්‍යතාවයක්‌ හඳුනාගෙන නැත. දැරියගේ හෘදය වස්‌තුව ශරීරයෙන් පිටත පිහිටා ඇති බව දැන ගත් පසු දරු කළලය විනාශම කරන ලෙස දෙමවුපියන්ට උපදෙස්‌ ලැබී ඇති අතර එයට හේතු වී ඇත්තේ මෙවන් විරල දරු උපතක්‌ මෙයට පෙර වාර්තා වී නොතිබීම නිසාය.

කෙසේ වුවද තම දියණියගේ හෘද ස්‌පන්දනය දරු ගැබට සති නවයක්‌ ගත වූ විට තමාට දැනුණු බවත් ඇයව අත් නොහරින්නට තමා තීරණය කළ බව නයෝමි පවසන්නීය.

වැනෙලොප් උපත ලැබීමට නියමිතව තිබුණේ නත්තල් දින වුවද නොවැම්බර් 22 වැනිදා ඇයව සිසේරියන් සැත්කමකින් පිටතට ගෙන ඇත්තේ හෘදය වස්‌තුවට ආසාදනයක්‌ ඇතිවීම හා හානි සිදුවීම වැළැක්‌වීම සඳහා ය. 

මෙම සැත්කම සඳහා ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන්, හෘද ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්, නිර්වින්දන වෛද්‍යවරුන් හා පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් (වින්නඹු) ගෙන් සමන්විත 50 දෙනකුගෙන් යුත් වෛද්‍ය කණ්‌ඩායමක්‌ සහභාගී වී තිබේ.


උපත ලබා විනාඩි 50 කට පසු හෘදය වස්‌තුව ශරීරය තුළට ඇතුළු කිරීමේ සැත්කම්වලින් පළමු සැත්කම වැනෙලොප්ට සිදු කර තිබේ.

අවසන් වරට සිදු කරන ලද සැත්කමෙන් දැරියගේ සම පපුවේ ඇති කළ සිදුර වැසීමට යොදා ගෙන තිබේ. සැත්කම සිදු කළ ළමා හෘද රෝග විශේෂඥ ෆ්‍රැන්සස්‌ බුලොක්‌ට අනුව දැරිය උපත ලැබූ පසු තත්ත්වය අවුල් සහගත සේ හැඟුන ද සැත්කම්වලින් පසු ඇය දැන් සුවසේ පසු වන්නීය. "අනාගතයේදී ශරීරය තුළට දැමූ දැරියගේ හෘදය වස්‌තුවට අස්‌ථියක ආරක්‍ෂාව ලබාදීම සඳහා 3 ඩී ප්‍රින්ටින් වැනි ක්‍රමයක්‌ භාවිත කිරීමට සිදුවනු ඇතැයි" වෛද්‍ය බුලොක්‌ සඳහන් කර ඇත.

මෙයට පෙර ඇමරිකා එක්‌සත් ජනපදයේද මෙවැනි දුර්ලභ දරු උපත් කිහිපයක්‌ සිදුව ඇති අතර ඔවුන්ටද එම තත්ත්වයෙන් මිදීමට හැකිවී තිබේ. මෑතකදී එවැනි දරු උපතක්‌ සිදුවූයේ 2012 ඔක්‌තෝබර් මාසයේ ටෙක්‌සාස්‌ ප්‍රාන්තයේය. එම දැරිය ඕඩි්‍රනා කාඩෙනස්‌ වන අතර ඇයගේ හෘදය වස්‌තුව සැත්කමකින් ශරීරය තුළට ඇතුළු කිරීමෙන් පසුව මාස තුනකට අනතුරුව ඇයට නිවසට යවා තිබිණි.

එම දැරියගේ හෘදය වස්‌තුවට ආරක්‍ෂාව සැපයීම සඳහා ආරක්‍ෂිත ප්ලාස්‌ටික්‌ තහඩුවක්‌ පපුවට සවි කර ඇති බව වාර්තා වේ.

වැනෙලොප්ට තවත් දිගු ගමනක්‌ යා යුතුව ඇති බව පවසන ඇය සිටින ග්ලෙන්ෆීල්ඩ් රෝහල් බලධාරීහු ප්‍රධානතම අභියෝගය ඇයව ආසාදනවලින් මුදා ගැනීම බව කියා සිටිති.

මීළඟ පියවර ඇයව කෘතීරම ශ්වසන යන්ත්‍රයෙන් (වෙන්ටිලේටර්) ඉවතට ගැනීම බව වෛද්‍යවරු කියා සිටිති

ඒමන්ති මාරඹේ




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements