Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

වයිබර් ගිහින් සා.පෙ
ඇනගත් අනුරපුරේ සිසුවා

පැවැත්වෙමින් තිබූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී ජංගම දුරකතන භාවිතා කරමින් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයූ අපේක්ෂකයන් දෙදෙනකු පිළිබඳව පැමිණිලි පොලීසියට ලැබීමෙන් අනතුරුව ඒ සම්බන්ධව වැඩිදුර විමර්ශන පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරිණි. එම සිදුවීම් දෙක අනුරාධපුරය සහ කොළඹින් වාර්තා වෙද්දී බදුල්ල ප්‍රදේශයේ සිසුන් දෙදෙනකු විභාග අංකය මාරුකර පිළිතුරු සැපයීමේ වංචාවක නිරතව සිටි බව අනාවරණය විය.

පසුගිය දිනවලදී පැවැත්වෙමින් තිබූ 2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සා.පෙළ ‍විභාගයේ ගණිතය විෂයට පිළිතුරු සැපයීම ඉකුත් 18 වැනිදාට නියමිතව තිබුණි. දිවයින පුරා විභාග අපේක්ෂකයන් මෙන්ම විභාග ශාලා ඒ වෙනුවෙන් සූදානම්ව තිබියදී අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයේ විභාග ශාලාවට විභාග අපේක්ෂකයෝ රැස්වූහ. එදින පෙරවරුවේ ආරම්භ වූයේ ගණිතය ප්‍රශ්න පත්‍රයේ 1 කොටසය. නියමිත වෙලාවට ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයමින් සිටියදී විභාග ශාලාව නිරීක්ෂණ නිලධාරීන් අවධානයෙන් සිට ඇත. හදිසියේම නිලධාරියකු නෙත ගැටී තිබුණේ විභාග අපේක්ෂකයකුගේ සැකසහිත හැසිරීමකි. ඒ පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඔහු සතුව නවීන ජංගම දුරකථනයක් තිබෙන බව දැක එය විභාග ශාලාධිපතිවරයාට දන්වා ඇත. වහා ක්‍රියාත්මක වූ විභාග ශාලාවේ නිලධාරීන් සිද්ධිය පිළිබඳව අනුරාධපුරය මූලස්ථාන පොලීසියට දැන්වීමෙන් අනතුරුව විමර්ශනයක් අරඹා ඇත. ඒ වනවිටත් සැකකාර සිසුවා සතුව තිබූ නවීන ජංගම දුරකථනය ශාලාධිපතිවරයා බාරයට ගෙන තිබූ අතර පසුව එය පොලීසිය වෙත බාර දී ඇත. විමර්ශනයේදී අනාවරණය වූයේ සැකකරුගේ ජංගම දුරකථනයේ වයිබර් තාක්ෂණය උපයෝගී කරගෙන ප්‍රශ්න පත්‍රයෙන් ලබාගන්නා ඡායාරූප පිටස්තර අයෙකුගේ ජංගම දුරකතනයකට යවා ඔහුගෙන් ප්‍රශ්න සඳහා අවශ්‍ය පිළිතුරු ගෙන්වාගෙන ඇති බවයි. සැකකාර සිසුවාට ගණිතය විෂය අපහසු නිසා ජංගම දුරකථනය භාවිතයෙන් ගෙන්වා ගන්නා පිළිතුරු ලිවීම පහසුය. මේ චෝදනාව එල්ල වූ සිසුවා දෙවන වතාවට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇති බවද අනාවරණය වී ඇත.

අදාළ සිසුවා මීට ඉහත දිනවලදී සහභාගී වූ විෂයන්වලටත් මේ ආකාරයට පිළිතුරු සපයන්නට ඇතැයි සැකකරන රහස් පොලිසිය ඒ පිළිබඳව විමර්ශන සිදුකරයි. ඊට පෙර එම විභාග වංචාව සම්බන්ධයෙන් අනුරාධපුර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරිය විසින් පරීක්ෂණයක් අරඹා තිබුණි. ඒ අනුව වංචාවට සම්බන්ධ සිසුවාගේ මෙවර විභාග අපේක්ෂකත්වය සහමුලින්ම අත්හිටුවන්නට පියවර ගෙන ඇත.

තවත් සිසුවෙක් විභාග වංචාවේ නිරතව තිබුණේ කොළඹ ඉසිපතන විද්‍යාලයේ පැවති විභාග මධ්‍යස්ථානයේදීය. ඔහුද ජංගම දුරකතනය උපයෝගී කරගනිමින් බාහිර පාර්ශ්වයක් ඔස්සේ ලබාගෙන ඇති බවට හෙළිවී තිබුණි. මේ සැකකාර සිසුවා හඳුනාගත් විභාග ශාලාවේ නිලධාරීන් ඔහු සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු වැඩිදුර විමර්ශන අරඹා ඇත. එහිදී අනාවරණය වූයේ සැකකරු දෙමළ භාෂාවෙන් විභාගයට පෙනී සිට ඇති බවත් ඔහු බාහිර අයදුම්කරුවෙක් වශයෙන් විභාගයට ඉදිරිපත් වී සිටින බවත්ය. එම සැකකාර සිසුවා පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවට තොරතුරු දැන්වීමත් සමඟ නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයකුගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් සිදුකෙරුණි.

මෙම විභාග වංචා සිදුවීම් දෙක වාර්තා වීමෙන් පසුව විභාග කොමසාරිස්වරයාගේ නියෝගයෙන් නාරාහේන්පිට සහ අනුරාධපුරය පොලීසි වෙත ලැබුණු පැමිණිලි පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබුණි. මේ අනුව අනුරාධපුරය වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයේ විභාගයට පෙනී සිටි සිසුවාට 18 වැනිදායින් පසුව පැවැත්වෙන විභාගයේ ප්‍රශ්නපත්‍රවලට පිළිතුරු සැපයීම තහනම් කර තිබුණි. එමෙන්ම එතෙක් පැවති විභාගයේ පිළිතුරු සැපයූ ප්‍රශ්න පත්‍රවල අපේක්ෂකත්වයද අහෝසි කෙරුණි. එය විභාග දෙපාර්තමේන්තුවේ තීරණය වන අතර ඉදිරියට විභාග නීති රීති කඩකරන අපේක්ෂකයන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන්නට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විභාග කොමසාරිස්වරයාට සහ පොලීසියට දන්වා තිබුණි.

බදුල්ල ලුණුගල මහා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේ විභාගයට ඉදිරිපත් වූ සිසුන් ඒ දෙදෙනෙක් දෙදෙනාගේ පිළිතුරු පත්‍රවලට විභාග අංකය මාරැකර පිළිතුරැ සැපයීමේ නිරතව සිටියදී විභාග නිලධාරීන්ට හසු වී තිබුණි. එහිදී ක්‍රියාත්මක වූ නිලධාරීන් විභාග දෙපාර්තමේන්තුව දැනුම්වත් කර සිදුවීම ලුණුගල පොලීසිය වෙත පැමිණිලි කර තිබුණි. පසුව සිදුකළ විමර්ශනයේදී අනාවරණය වූයේ මිතුරන් වූ ඒ දෙන්නාගේ පිළිතුරැ පත්‍රවල එකිනෙකාගේ විභාග අංකය මාරැ කරගෙන සටහන් කර තිබූ බවය. ඔවුන් දෙන්නා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට යොමුකර ඇති අතර එක් අයෙකුට රැපියල් ලක්ෂය බැගින් දෙදෙනාට රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහරින්නට නියෝග කළේය.

එමෙන්ම පසුගිය 21දා විභාගය අවසන් දිනයේ තවත් විභාග වංචාවක් පිළිබඳව වාර්තාවූයේ පිළියන්දල අධ්‍යාපන කොට්ඨාසයෙනි. ඒ හැඳුනුම්පතට වෙනත් අයකුගේ ඡායාරූපයක් ව්‍යාජ ලෙස එක්කර විභාගය සඳහා පෙනී සිටීමෙනි. කහතුඩුව ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික විභාග අපේක්ෂකයෙකු සඳහා උඩවලව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක් මෙසේ ව්‍යාජ ලෙස ඉදිරිපත්ව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. විභාග අපේක්ෂකයාගේ හැඳුනුම්පතට ගැලපෙන අයුරින් සැකකරුගේ ඡායාරූපය භාවිතා කරමින් විභාගයට පෙනී සිටියදී ඔහු විභාග ශාලාවේ නිලධාරීන්ට කොටු වී ඇත. මෙසේ ඔහු අවසන් වරට පෙනී සිට තිබුණේ භූගෝල විද්‍යාව විෂය සඳහාය. සැකකරු සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව සහ පොලීසිය විමර්ශන අරඹා තිබේ.

මේ ආකාරයට විභාගයට පෙනී සිටින සිසු දරුවන් විභාග වංචා සඳහා යොමුවීම රටේ අනාගතය පිළිබඳ බරපතළ ගැටලුවක් නිර්මාණය කරයි. ඊට බලපාන හේතු සඳහා සිසු දරුවන්ගේ ක්‍රියාකාරකම් පමණක් බල නොපායි. රටේ පවතින අධ්‍යාපන ක්‍රමය විභාගය අරමුණු කරගත් එකකි. මේ නිසා දරුවන්ගේ බලාපොරොත්තුව විභාගය සමත්වීමයි. මවුපියන්ගේ අවශ්‍යතාවයද කෙසේ හෝ දරුවන් සමත්කර ගැනීමය. ඒ සඳහා ඕනෑම දෙයක් කරන්නට ඔවුහු පෙළෙඹෙති. මෙවැනි විභාග වංචා ඒවායේ ප්‍රතිඵලයන්ය. දරුවන් නීතියට කොටුවීම නිසා අනාගතය අඳුරු කර ගන්නේ නිතැතින්මය. විභාගය ඉලක්ක නොකොට බාහිර සමාජය, නීති රීති පිළිබඳ අවබෝධය ලබා ඇත්නම් විභාගයක් සඳහා වංචා සිදුනොවනු ඇත.

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook