Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

මම කැමති පුළුවන් තරම් මාත් එක්කම
ඉන්න වෙලාව තියෙන කෙනෙක්ට

මම කාලයක් හිටියේ එංගලන්තයේ
මට රංගනය වෘත්තියකට වඩා වටිනා දෙයක්
-සෙනාලි ෆොන්සේකා


විවිධ වූ රංගන පරාසයන් ඔස්සේ ප්‍රේක්ෂක හමුවට පැමිණෙන ඇය මේ දිනවල ‘දිලී නමින් වඩාත් ජනප්‍රිය චරිතයක් බවට පත්වෙලා තියෙනවා. ඒ ‘හාරකෝටිය’ නාට්‍යය හරහා. ඒ ජනප්‍රියත්වයත්, ඇගේ අලුත් තොරතුරුත් ටිකක් කතා කරන්න ඇය අපිත් එක්ක එකතු වුණා. ඒ වෙන කවුරුවත් ‍නෙවෙයි නව පරපුරේ ජනප්‍රිය නිළි සෙනාලි ෆොන්සේකා.


මොනවද අලුත් තොරතුරු?
මගේ අධ්‍යාපන වැඩකටයුතුත් එක්ක අතපසුවුණු කලා වැඩ කටයුතුවල තමයි මේ දවස්වල නම් නිරත වෙන්නේ. ඉතින් ඒ කලා වැඩත් එක්ක සතුටින් ජීවිතේ ගෙවනවා.

මොනවද මේ දවස්වල කරන නිර්මාණ?
හාරකෝටිය නාට්‍යයේ නම් රූගත කිරීම් දැන් අවසන්. අලුතින් චිත්‍රපට දෙකකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම තවත් ටෙලි නාට්‍යයක වැඩ කටයුතු දැන් පටන් අරගෙනයි තියෙන්නේ. එහි විශේෂත්වය තමයි එදා මගේ ලොකු නැන්දා වන මාලනී ෆොන්සේකා මහත්මිය රිදී තිරයේ රඟපෑ චරිතයකටයි මම පුංචි තිරයේ රංගනයේ යෙදෙන්නේ.

දැන් දිගටම ලංකාවේ ඉන්නද බලා‍පොරොත්තුව?
ආසාව නම් තියෙන්නේ දිගටම ලංකාවේ ඉන්න. නමුත් මම කාලයක් හිටියේ එංගලන්තයේ. මගේ තාත්තා ඉන්නෙත් එහේ. ඉතින් ඒ ඒ අවස්ථා අනුව මම රටවල් දෙකේම ජීවත් වෙයි.

ඉගෙන ගත්ත දෙයින් ඉදිරියට යන්න අදහසක්ද තියෙන්නේ? නැත්නම් දිගටම රඟපානවාද?
රංගනය කියන්නේ මම එදා ඉඳන්ම පුංචි කා‍ලේ ඉඳන්ම ආසා කරපු සහ ආදරේ කරපු වෘත්තියක්. ඒ වගේම මම ඉගෙන ගත්තු ජීව විද්‍යා අංශයෙනුත් දෙයක් කරන්න ඕන. ඉතින් ලැබෙන අවස්ථා අනුව ඉගෙනගත් දෙයින් ඉස්සරහට යන ගමන් මම ආදරේ කරපු දේටත් ඉඩක් වෙන් කරනවා.

හාරකෝටිය නාට්‍යයේ ඔබේ චරිතයට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
ලැබුණු ආරාධනා ගොඩකින් ‘දිලී’ කියන්නේ මම විශේෂත්වයක් දැකපු නිසා තෝරාගත් චරිතයක්. හාරකෝටිය නාට්‍යය හරි වෙනස් කතා තේමාවක් රැගත් නාට්‍යයක්. ඉතින් දිලී ගොඩක් ප්‍රේක්ෂකයන්ට සමීප වුණා. එදා සිරිමල් එතනාට ලැබුණා හා සමානම ප්‍රතිචාරයක් අද දිලිටත් ලැබෙනවා.

ඔබට කොහොමද ඒ චරිතය දැනෙන්නේ?
දිලී කියන්නේ මම ආසාවෙන් රඟපාපු චරිතයක්. සෙනාලිට වඩා දිලි හාත්පසින්ම වෙනස් වූ චරිතයක්. එතැනදි ගොඩක් දේවල් මම මගේ ජීවිතේට එකතු කරගත්තා මේ චරිතය හරහා. දිලීගේ සමහර ගතිලක්ෂණ මා තුළත් ඇත්තටම තියෙන්න ඇති. ඒකයි ඒ චරිතය වඩාත් මිනිස්සුන්ට සමීප චරිතයක් බවට පත්වුණේ. ඉතින් විවිධ චරිත කරන්න යොමුවෙන කෙනෙක් හැටියට දිලී කියන්නේ මට ලැබුණු සුවිශේෂී චරිත අතරින් එකක්.

සැබෑ ජීවිතේදී සෙනාලි ෆොන්සේකා කියන්නේ මොන වගේ චරිතයක්ද?
හරියටම මම මෙන්න මේ වගේ කියලා කියන්න අමාරුයි. සිරිමල් එතනාගේ අහිංසකකමේ ටිකකුයි, දිලීගේ කටකාර, දඟකාර, වැඩවල ටිකකුයි එකතුවෙලා හැදෙන චරිතය සෙනාලි ෆොන්සේකා හැටියට නම් කරන්න පුළුවන්. එතැනදි සරලව සතුටින් හිනාවෙලා ඉන්න කැමති කෙනෙක් තමයි සෙනාලි ෆොන්සේකා කියන්නේ.

වෘත්තීය රංගන ශිල්පිනියක් වෙන්න අදහසක් නැද්ද?
රංගනයට ආදරේ කරන තරමට වෘත්තියකට රංගනය සීමා කරන්න මම කැමති නැහැ. අපි වෘත්තියක් කියන්නේ සල්ලි හම්බ කරන මාර්ගයකටනේ. හැබැයි මට රංගනය ඊට වඩා ඉහළයි. එතැනදි මට රංගනය වෘත්තියකට වඩා වටිනා දෙයක්.

ඔබ කොහොමද චරිත තෝරාගන්නේ?
විශේෂ තෝරාගැනීමක් නෑ. පිටපත කියවලා මට නියමයි කියන හැඟීම හිතට වැදුණා නම් මම ඒ චරිතය භාරගන්නවා. විවිධ චරිත කරලා මගේ රංගන පරාසය පුළුල් කරගන්න මම කැමතියි. ඉතින් මටම මම රසිකයෙක් වෙලා චරිත තෝරාගන්නවා.

ඔබේ පවුල් පසුබිම නිසා රංගනයේදී ලැබෙන පිළිගැනීම ඉහළ ඇති නේද?
එදා ඉඳන්ම මම දන්න පිරිසක් එක්ක තමයි නිතරම මම වැඩ කරන්නේ. ඔවුන්ගෙන් මට එදා පුංචි කාලෙදි ලැබුණා වගේම ආදරේ ලැබෙනවා තාමත්. ඒ වගේම අලුතින් ක්ෂේත්‍රයට එන සහ ආපු පිරිසගෙනුත් ඒ වගේම ආදරයක් සහ පිළිගැනීමක් ලැබෙනවා.

ක්ෂේත්‍රයේ වඩාත් ළඟින්ම ආශ්‍රය කරන්නේ කාවද?
එහෙම විශේෂ කෙනෙක් නැහැ. හැමෝම එක්ක හිනාවෙලා කතා කරලා හොඳින් ඉන්න කෙනෙක් මම.

දැන් විවාහ වෙන්නත් කා‍ලේ හරි නේද?
මම නම් හිතන්නේ නෑ කා‍ලේ හරි කියලා. තවත් මේ ඉන්නවා වගේ කාලයක් මට සතුටින් නිදහසේ ඉන්න ඕන. ගෙදර අයත් නිතරම කියනවා මේ කතාව. හැබැයි මට නම් තවම කිසි හදිස්සියක් නෑ විවාහයට.

අනාගත සැමියා රංගන ශිල්පියෙක් වෙනවට කැමතිද?
තවම නම් එහෙම හිතලා නෑ. හැබැයි මමත් රංගනයේ නියැළෙන නිසා ඔහුත් රංගනයට යොමුවෙලා නම් අපි ගොඩක් කාර්යබහුල වෙයි. මම කැමති පුළුවන් තරම් මාත් එක්කම ඉන්න වෙලාව තියෙන කෙනෙක්ට. තවම ක්ෂේත්‍රයක් ගැන නම් හිතලා නැහැ. හැබැයි ඔහු හොඳ සැමියෙක් වුණොත් ඒ ඇති.

අලුත් අවුරුද්දේ මොනවද බලා‍පොරොත්තු?
මේ අවුරුද්ද ගොඩක් සතුටින් ගෙවුණ වසරක් වුණා. ඉතින් ඒ වගේම 2018ත් මාව හොඳින් පිළිගන්න, හැමෝම අතරේ මම කරන චරිත හරහා කතාබහ වෙන විදිහේ වසරක් වෙන්න කියලා බලා‍පොරොත්තු වෙනවා.

නඳුනි ආරියවංශ

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook